මොහොමඩ් ආසික්
මහනුවර දිස්ත්‍රික්කයේ අද දහවල් දක්වා පැවැති අධික වර්ෂාවෙන් දිස්ත්‍රක්කයේ පවුල් 66 ක පුද්ගලයින් 247 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථනයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහත සඳහන් කළේ පීඩාවට පත් වූ සියලු දෙනාට අවශ්‍ය සියලු පහදුකම් ලබා දිම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මැදිහත් වීමෙන් කටයුතු කර ඇති බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර තවත් අයෙකු තුවාල ලබා තිබේ. මෙලෙස පීඩාවට පත් වූවන්ගෙන් පවුල් අටකට අයත් පුද්ගලයින් 37 දෙනෙකු මේ වන විට අවතැන් වී සිය ඥාතී නිවෙස්වල ජීවත වන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd