(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර පුජා නගරයේ මල්වතු ඔය ආසන්නයේ පිහිටි ආපනශාලාවක් අද (15) උදෑසන ගිනි ගැනීමෙන් සම්පුර්ණයෙන්ම විනාශයට පත්වු බව පොලිසිය කියයි.
මෙම ගින්න ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදු වන්නට ඇති බව මේ පිලිබඳව මුලික පරික්ෂණ පැවත්වු පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
සිදුව ඇති අලාභය රුපියල් ලක්ෂ 10කට ආසන්න බවද ආපන ශාලා හිමිකරු පවසයි.
අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන රථය යෙදවා ගෙන ගින්න මැඩ පවත්වා තිබුණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd