IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉන්ධන මිල ඉහළ යාමෙන් වතුකරයේ ජනතාවට අසීරුතා රැසක්


    ( රංජිත් රාජපක්ෂ)                        

ඉකුත් සතියේ රජය මගින් ඉන්ධන මිල වැඩි කිරිමත් සමඟ භුමිතෙල් මිල ඉහළ යාමෙන් වතුකරයේ ජනතාව ආර්ථික වශයෙන් ගැටලු රැසකට මැදිහත් වි ඇති  බව නුවරඑළිය දිස්ත්‍රික්  ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති පෙරියසාමි ප්‍රදිපන් මහතා පැවසිය.


පෙරියසාමි ප්‍රදිපන් මහතා මේ බව  කියා සිටියේ  භුමිතෙල් මිල වැඩි විම සම්බන්ධයෙන් වතුකරයේ ජනතාවට පැන නැගී ඇති ගැටළු සම්බන්ධව රජය දැනුවත් කිරිම සදහා අද (15) හැටන් ශ්‍රිලංකා නිදහස පක්ෂ කාර්යයාලයේ පැවති විශේෂ මාධ්‍යය හමුවකදිය.


මෙම මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක්වු පෙරියසාමි ප්‍රදිපන් මහතා කියා සිටියේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා වත්මන් රජය බලයට පක් කිරිමට වතුකරයේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට බහුතර ජන්ද සංඛ්‍යාවක් ලබා දුන් බවයි.


එවන් ජනතාවකට කිසිදු සහනාධාරයක් ලබා නොදි භුමිතෙල් මිල හා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩි කිරිම නිසා වතුකරයේ ජනතාව මේ වනවිට  ලබන වැටුප අනුව ඔවුන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදිහත් වි ඇති බවයි.


දිවයිනේ වැඩිම භුමිතෙල් අලෙවියක් ඇත්තේ වතු කරයේ බවත් පෙරියසාමි ප්‍රදිපන් මහතා මෙම මාධ්‍යය හමුවේදි කියා සිටියේය.


වැඩි වු භුමිතෙල් මිල සම්බන්ධයෙන් මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ උප සභපතිවරයා වශයෙන් මිළඟ සභා වාරයේදි වතුකරයේ ජනතාවට භුමිතෙල් සහනාධාරයක් රජය මගින් ලබා දිය යුතු බවට යෝජනාවක් ගෙනවිත් එම යෝජනාව විපක්ෂ මන්ත්‍රිවරුන්ගේද සහයෝගගයෙන් සම්මත කරගෙන  එය රජයට යොමු කිරිමට කටයුතු කරන බවද පෙරිය සාමි ප්‍රදිපන් මහතා පැවසීය.
 

මේ  කෙසේ වෙතත් ඛනිජ  තෙල්  අමාත්‍යංශයෙන්  මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වනුයේ ‘අඩු ආදායම්ලාභී විදුලිය නොමැති පවුල් ඒකක සහ භූමිතෙල් භාවිතා කරන බෝට්ටු හිමිකරුවන්ට ද භූමිතෙල් සහනාධාරය තවදුරටත් ලබා දීමට රජය තීරණය කර ඇති බවත්,   ඒ අනුව, එම  සහනාධාර මුදල් අදාළ ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට කෙළින්ම බැර කිරීමට වැඩපිළිවෙළක් සම්පාදනය කරමින් පවතින බවත්ය .

 
ඒ සඳහා අදාළ තොරතුරු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සහ ධීවර දෙපාර්තමේන්තුවෙන් ලැබීමට නියමිත අතර . එම තොරතුරු අනුව භූමිතෙල් මිල සංශෝධනය වූ දින සිට නියමිත සහනාධාරය හිඟ මුදල් ද සමඟ ඉතා කඩිනමින් ගෙවීමට කටයුතු කිරීමටද සුදානම් බවද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

ඛනිජතෙල්  සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම් උපාලි මාරසිංහ මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.



අදහස් (1)

ඉන්ධන මිල ඉහළ යාමෙන් වතුකරයේ ජනතාවට අසීරුතා රැසක්

ruwan kotuwelle Wednesday, 16 May 2018 04:13 AM

මෙතන විය යුත්තේ බූමිතෙල් මිල අඩු කිරීම නොව , නුවර එළියේ ජනතාවට විදුලිය ලබා දීමයි . අහිංසක ජනතාව හැමදාම පීඩනයෙන් තබා ගැන ඡන්ද ගැනීම පවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site