(සිරාජ් හසීම්)
යාපනය දිසාව තුළ සීඝ්‍රව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීම සඳහා එම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා තිබේ.
හෙරොයින් කේරල ගංජා මාවා නැමති මත්ද්‍රව්‍ය සීඝ්‍ර වශයෙන් ප්‍රදේශය තුළ ජාවාරම් වීම මත මෙම ඒකකය පිහිටුවා තිබේ.
මේ ජාවාරම් මැඩලීම සඳහා පොලිසිය මහජන සහාය ද පතා ඇති අතර මෙම ජාවාරම් පිළිබඳ යම් තොරතුරු ඇති නම් ඒ පිළිබඳ මෙකී පොලිස් කණ්ඩායම වෙත දැනුම් දිමට දුරකථන අංකයක්ද මහජනතාව අතරට ප්‍රසිද්ධ කර ඇත.
මේ අනුව ඒ පිළිබද තොරොතුරු 0766093030 යන අංකයට දැනුම් දිය හැක.
මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ආධාර සපයන බවට චෝදනා එල්ල වී ඇති පොලිසියේ ඇතුළු පාර්ශවයන් ගැනද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යාපනයේ විශේෂ පොලිස් ඒකකයක්