ඉන්දිකා රාමනායක
සැකකටයුතු ලෙස මියගොස් සිටි දෙහැවිරිදි පිරිමි දරුවකුගේ මළ සිරුරක් සීනි වැඩි වීමකින් මිය ගිය බව පවසා හදිසි මරණ පරීක්ෂණ සිදු නොකර අවසන් කටයුතු සිදුකිරීමට සුදානම් ව සිටියදී පොලිසිය එය වළක්වා අධිකරණ නියෝග මත අද (15) මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කළ බව මාලිගාවත්ත පොලිසිය කියයි.
දරුවාගේ සිරුරේ වම් කකුලේ පිළිස්සුම් තුවාල දක්නට ලැබුණ බවද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මොහොමඩ් අලී මොහොමඩ් උස්මාන් ඉකම් නැමැති පිරිමි දරුවෙකි.
මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ලෙසට ලැබුණු අධිකරණ නියෝගය අනුව අද මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd