වැල්ලවායේ තරුණයකුගේ ඝාතනයට දෙදෙනෙක් අත්අඩංගුවට වැල්ලවාය ඇතිලිවැව දෙමටත්ආර ප්‍රදේශයේ තරුණයෙක් (21) තියුණු ආයුධයකින් කපා කොටා මාරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයන් දෙදෙනෙකු අද (21) අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලීසිය පවසයි. 21 May 2018
‘සුරිය වැව -හම්බන්තොට මාර්ගය ඉදිකිරීමේදී පවරා ගත් ඉඩම් වලට තවමත් වන්දි නෑ‘ සුරියවැව සිට හම්බන්තොට දක්වා මාර්ගය අඩි 100 මාර්ගය මන්තීරු 4 කට පුළුල් කිරීමේ කටයුතු වලදී පවරාගත් ඉඩම් වලට මේ වන විට වසර 05ක් ඉක්මවා ඇතත් තවමත් තමන්ට හිමි වන්දි මුදල් ලබා නොදිම සම්බන්ධයෙන් වගකිව යුතු පිරිස් අවධානය යොමු නොකරන බව ගැමියෝ පවසති. 21 May 2018
හෙම්මාතගම - ගම්පොල මාර්ගයෙත් පස් කඳු කඩා වැටීමේ අවදානමක් වැසි සහිත කාලගුණික තත්ත්වයෙන් හෙම්මාතගම ගම්පොල මාර්ගයේ මාර්ගය දෙපස පස් කඳු කඩා වැටීමේ අවධානමකට ලක්ව තිබේ. 21 May 2018
පුත්තලම සමෘද්ධි බැංකුවක ගින්නක් පුත්තලම සමෘද්ධි බැංකුව තුළ හටගෙන තිබූ ගින්න නිවා දැමු බව පුත්තලම පොලිසිය පවසයි. 21 May 2018
බටඅත අනතුරකින් අයෙක් මරුට තිස්ස තංගල්ල ප්‍රධාන මාර්ගයේ බටඅත දී නවතා තිබූ කුඩා ලොරි රථයක් පිටුපස යතුරු පැදියක් ගැටීමෙන් ඊයේ (20) රාත්‍රී සිදුවූ අනතුරෙන් යතුරු පැදිකරු මිය ගොස් ඇතැයි හුංගම පොලිසිය පවසයි. 21 May 2018
දකුණේ පාසල්වල ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පැතිරීයාම වැළැක්වීමට පියවර මේ වනවිට දකුණු පළාතේ පැතිරයන ඉන්ෆ්ලුවෙන්සා වෛරස් රෝගය පාලනය කරගැනීම සඳහා පාසැල් දරුවන් උණ, කැස්ස වැනි තත්වයන්ගෙන් පෙළෙන්නේ නම් පාසලට එවීමෙන් වළකින ලෙස දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත්ර මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 20 May 2018
දින තුනකට පෙර අතුරුදන්වු සිවිල් ආරක්ෂක භටයාගේ සිරුර වෙල් යායක දින තුනකට පෙර අතුරුදහන් වු සිවිල් ආරක්ෂක භටයෙකුගේ මල සිරුර අද (20) පස්වරුවේ සේරුවිල කාවන්තිස්සපුර කුඹුරු යායක තිබි සොයාගත් බව සේරුනුවර පොලිසිය කියයි. 20 May 2018
හොරණ - පානදුර මාර්ගය පොකුණුවිටදී ජලයෙන් යටවෙයි අධික වර්ෂාව හේතුවෙන් හොරණ - පානදුර ප්‍රධාන මාර්ගයේ පොකුණුවිට ප්‍රදේශය ජලයෙන් යටවී ගමනාගමනය අඩාල වී ඇත. 20 May 2018
කටුගස්තොට වෙළඳ ආයතනයක නම විකුණා තවත් වෙළඳ ආයතනයකින් මුදල් වංචා කරලා කටුගස්තොට නගරයේ ප්‍රධාන පෙළේ වෙළඳ ආයතනයක නම භාවිතා කර තවත් වෙළඳ ආයතනයකින් රුපියල් 41,000 ක මුදලක් වංචා කළ පුද්ගලයෙක් අද (20) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 20 May 2018
මොරවක නිවාස දෙකක් බිඳ රන් භාණ්ඩ -මුදල් කොල්ල කාලා මොරවක කොස්නිල්ගොඩ ප්‍රදේශයේ නිවාස දෙකක් බිඳ එහි තිබූ රුපියල් 79000 ක රන් ආභරණ සහ මුදල් රුපියල් 30000 ක් සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මොරවක පොලීසිය පවසයි . 20 May 2018
පුද්ගල පහර දීමකින් පොලිස් කොස්තාපල්වරයෙක් - සිවිල් ආරක්ෂක භටයෙක් රෝහලේ මොරවැව - රොටවැව ප්‍රදේශයේ වැටලිමට ගිය රොටවැව පොලිස් මුරපොලේ පොලිස් කොස්තාපල් වරයෙකුට හා සිවිල් ආරක්ෂක භටයෙකු පුද්ගල පහරදීමකින් රෝහල්ගත කර තිබේ. 20 May 2018
ලංගම බසයේ කොන්දොස්තරට පහර දී මුදල් කොල්ල කාලා පරංගියාවාඩිය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක් දෙමටවැව ආසන්නයේදි නවතා බස් රථයට ඇතුළු වු අවිගත් පුද්ගලයන් සිවු දෙනෙකු අද (20) දින බස්රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට මුදල් කොල්ලකා පලා ගොස් ඇතියි පොලීසිය පවසයි. 20 May 2018
බසය රදවි ඇළට පෙරළෙයි ධාවනය වෙමින් තිබූ බස් රථයක් කරුවලගස්වැව රදවි ඇළට පෙරළී යාමෙන් රියදුරු සුළු තුවාල ලබා ඇති බව කරුවලගස්වැව පොලීසිය පවසයි. 19 May 2018
බසයක් පෙරැළී 9ක් රෝහලේ හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතු යායේ ධාවනය වු පෞද්ගලික බස්රථයක් ප්‍රපාතයකට පෙරැළීමෙන් එම බස් රථයේ ගමන් ගත් 9 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කල බව හැටන් පොලිසිය කියයි. 19 May 2018
මිනිස් ජීවිත බිලිගත් ‘තනි අලියා‘ අල්ලයි දියබෙදුම, ඉහකුළුවැව සහ ඒ අවට ගම්මාන රැසක ජනතාව භීතියට පත් කරමින් සැරිසැරූ තනි අලියා දින 13 ක මෙහෙයුමකින් පසුව අද (19) දහවල් අල්ලාගත් බව වනජීවී නිලධාරීහු කියති. 19 May 2018
වෑන් රියක් අඩි 100 ක ප්‍රපාතයේ වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හාලිඇල අඹවක ප්‍රදේශයේදී අද (19දා) වෑන් රථයක් අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි හාලිඇල පොලීසිය පවසයි. 19 May 2018
තහනම් තංගුස් දැල් තොගයක් කල්පිටියෙන් අල්ලයි අලවිය සඳහා සූදානම් කර තිබූ නීති විරෝධී තංගුස් දැල් කට්ටල කිලෝ ග්‍රෑම් 245 ක් කල්පිටිය මණ්ඩල කුඩාව දැල් වෙළද සැලකදී එහි හිමිකරු ද සමඟින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුවේ පුත්තලම කාර්යාලය මගින් අද (18) අත්අඩංගුවට ගෙන ඇත. 18 May 2018
සංචාරකයකුට වෙඩි තැබු පුද්ගලයෙක් ගිනි අවි සමඟ අත්අඩංගුවට මාස කිහිපයකට පෙර ඉදුරුව ප්‍රදෙශයේ දි සංචාරකයකුට වෙඩිතබා බරපතල තුවාල සිදුකර පලා ගිය පුද්ගලයකු කේරල ගංජා කිලෝ දෙකක්, ටී56 ගිනි අවියක් ,ටී 56 පතුරොම් 30 ක් ත්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. 18 May 2018
වගා ළිඳට වැටුණු අලියා ගොඩගන්න මෙහෙයුමක් අංගමිමැඩිල්ල ජාතික උද්‍යානයේ සිට ආහාර සොයා පැමිණි වන අලියෙකු අද ( 18) දින අලුයම අත්තනකඩවල ජයසිරිපුර ගමිමානයේ ගොවිබිමක වගා ළිදකට වැටි ඇති බව බකමුණ පොලිසිය කියයි. 18 May 2018
මන්නාරමේ පුද්ගලයකුට නාඳුනන තුවක්කුකරුවකුගෙන් ප්‍රහාරයක් මන්නාරම උයිලන්කුලම් ප්‍රදේශයේ පිහිටි නිවසක් ආසන්නයේ රැදී සිටි පිරිසක් නිවෙස් හිමිකරුට වෙඩි තබා පලා ගොස් ඇතැයි මන්නාරම පොලීසිය පවසයි. 18 May 2018
ශ්‍රාවස්ත්‍රීපුර අනතුරකින් අයෙක් මරුට මහනුවර සිට අනුරාධපුරය දක්වා ධාවනය වෙමින් තිබු පුද්ගලික බස්රථ සමාගමකට අයත් බස් රථයක් ශ්‍රාවස්තිපුර කුමාර විද්‍යාලය අසලදී යතුරුපැදියක ගැටීමෙන් යතුරු පැදිකරු මිය ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 18 May 2018
තිරප්පනේ අනතුරකින් අයෙක් මරුට තිරප්පනේ මහනාම විද්‍යාලය අසල මුර සංචාරයක නිරතව සිටි සිවිල් ආරක්ෂක භටයකු වෑන් රථයක ගැටීමෙන් මිය ගිය බව තිරප්පනේ පොලිසිය කියයි. 18 May 2018
අක්මීමන මෙහෙයුමකින් 10 ක් අත්අඩංගුවට අක්මිමන පොලිස් වසමේ සිදුකල විශේෂ අපරාධ මැඩලීමේ මෙහෙයුමකදී හෙරොයින් සමගින් සැකපිට සිව් දෙනෙක්ද, අධිකරණය මඟහරිමින් සිටි වරෙන්තුකරුවන් තිදෙනෙක්ද සමගින් පුද්ගලයින් 10 ක් අත් අඩංගුවට ගෙන තිබේ. 18 May 2018
කන්දකැටිය නගරවැසියෝ උද්ඝෝෂණයක කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැති අද (17) උදෑසන නගරවාසීහු, ත්‍රීරෝද රථ සංගමයේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීහු කන්දකැටිය නගරයේදී හා ප්‍රාදේශිය සභාව ඉදිරිපිටදී උද්ඝෝසණයක් හා රථ පෙළපාළියක් පැවැත්වූහ. 17 May 2018
ටී 56 ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට සුරියවැව පොලිස් බල ප්‍රදේශයට අයත් මීගහජදුර බෝගහඉදිවැව ප්‍රදේශයේදී ටී පනස් හයේ උණ්ඩ දෙකක් හා ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 17 May 2018
අකුණුසැර වැදී අයෙක් මරුට කන්තලේ සුරියපුර ප්‍රදේශයේදී අකුණු සැරවැදී පුද්ගලයකු මියගොස් ඇතැයි සුරියපුර පොලිසිය කියයි. 17 May 2018
හැටන් වෙළඳසලක් කැඩු අයෙක් සොයා පරීක්ෂණ හැටන් නගරයේ ප්‍රධාන විදියේ තොග සහ සිල්ලර වෙළෙදසැලක් කඩා ඇතුල් විමට උත්සහ කළ සැකකරුවෙකු සොයා හැටන් පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇත. 17 May 2018
සොරබොර නිවසක මුලුතැන්ගෙයකින් ගිනි අවි දෙකක් මහියංගණ සොරබොර ප්‍රදේශයේ නිවසක මුලුතැන්ගෙයක සඟවා තිබූ මෙරටට නිෂ්පාදිත බෙහෙත් කොටන වර්ගයේ ගිනිඅවි 2ක් සමඟ පුද්ගලයන් දෙදෙනකු මහියංගණ පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිසි පවසයි. 17 May 2018
ගුරුවරියට තුවාල කළැයි තරුණයකු සැකපිට බණ්ඩාරවෙල නායබැද්ද විද්‍යාලයේ ගුරුවරියක කැපුම් කෙටුම් තුවාල සහිතව දියතලාව මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 16 May 2018
වලස් ප්‍රහාරයකින් ගොවියෙකුට තුවාල වලස් ප්‍රහාරයකින් මොරවැව - නාමල්වත්ත ප්‍රදේශයේ කුඹුරකට යමින් සිටි ගොවියෙකු අද (16)තුවාල ලබා රෝහල් ගත කළ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල අඩවි කාර්යාලය කියයි. 16 May 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025