IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පුත්තලම සමෘද්ධි බැංකුවක ගින්නක්


 

( එච්. චන්දන )

පුත්තලම සමෘද්ධි බැංකුව තුළ හටගෙන තිබූ ගින්න නිවා දැමු බව පුත්තලම පොලිසිය පවසයි. 

අද අලුයම  ඒ ආසන්නයේ ඉන්ධන පිරිවුම්හලේ සේවකයින් සමෘද්ධි බැංකුව වහලෙන් දුම් පිට වන අයුරු දැක 119 දැනුම් දීමෙන් පසුව පුත්තලම පොලීසිය නගර සභා ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දමා තිබේ. 

දැනට කරන ලද මූලික විමර්ශන වලට අනුව බැංකුවේ සිවිලිමෙන් ඉහළ කොටස් හා විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන ඇති බවට අනාවරණය වී තිබේ. 

බැංකුවේ විදුලි මීටර්ය අසලින් හටගත් ගිනි ගැනීම පද්ධතිය තුළ ගොස් සිවිලිම ඇතුළත ගිනි ගන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි. 

බැංකුවේ පරිගණක හා විදුලි උපකරණ වලට හානී වී ඇති දැයි විදුලිය නොමැති නිසා පරීක්ෂා කිරීමට අපහසු වී තිබේ. 

වෙනත් ලිපි ලේඛන වලට හා ගෘහ භාණ්ඩ වලට  කිසිදු හානියක් සිදුවී නොමැත.  සිද්ධිය පිළිබදව පුත්තලම පොලීසිය පරීක්ෂණ පවත්නු ලබයි.



අදහස් (0)

පුත්තලම සමෘද්ධි බැංකුවක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site