(දිලීප් ජයසේකර)
සුරියවැව සිට හම්බන්තොට දක්වා මාර්ගය අඩි 100 මාර්ගය මන්තීරු 4 කට පුළුල් කිරීමේ කටයුතු වලදී පවරාගත් ඉඩම් වලට මේ වන විට වසර 05ක් ඉක්මවා ඇතත් තවමත් තමන්ට හිමි වන්දි මුදල් ලබා නොදිම සම්බන්ධයෙන් වගකිව යුතු පිරිස් අවධානය යොමු නොකරන බව ගැමියෝ පවසති.
ඒ පිළිබදව අදහස් දක්වන සුරියවැව බැද්දෙවැව පුරාණ රජමහා විහාරාධිපති බැද්දේවැව පේමසිරි හිමි.
සුරියවැව සිට හම්බන්තොට දක්වා අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදි මාර්ගය දෙපස ජිවත් වුණු පිරිසගේ ඉඩම් වන්දි ලබා දෙනවා කියා පවරා ගැනීම සිදු වුණා. මේ ප්‍රදේශවල ජිවත් වෙන්නේ ගොවිතැන්බත් කරගෙන ජිවත්වෙන අහිංසක ජන කොටසක්.
කෙසේ නමුත් සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යලය,මහවැලි අධිකාරිය, තක්සේරු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකින්ම මේ ගම් වගට ඇවිත් මේ මිනිස්සුන්ට කඩිනමින් වන්දි දෙන බව පවසමින් ඒ මිනිස්සු නොමග යවමින් රවට්ටලා මේ ඉඩම් ටික ලබා ගන්න ඒ පිරිස් කටයුතු කළා. නමුත් මේ වෙනකොට ඒ මිනිස්සු කොටස කබලෙන් ලිපට වැටිලා ඉන්නේ.
ඉඩම් පවරාගත් අවස්ථාවේ දෙනවා කි වන්දි මුදල් මේ වන තෙක් ලබා දීමට කිසිදු බලධාරියෙක් කටයතු කර නෑ. මේ වෙනකම් වන්දි ලබා දිම සිදු කරලා තියෙන්නේ ලොකු ලොකු මුදලාලිලාට , හා දේශපාලන හයිය තියෙන අයට විතරයි. ඒ පිරිසට තමන්ගේ කැඩුණු ගෙවල් හදාගන්න සල්ලි දුන්නා.හැබැයි අසරණ කාත් කවුරුත් නැති මේ අහිංසක මිනිස්සු ටිකට තවමත් වන්දි ලැබුනේ නෑ.
අඩි 100 පදිංචි වන්දි ලාභියෙකු වන අනූෂා මහත්මිය
අපි මේ ගැන කියන්න තියෙන ඉහළම තැන වන ජනාධිපති තුමත් හමු වුණා.හැබැයි එතුමන් මේ අඩි 100 තියෙන්නේ කොහෙද කියලවත් දන්නේ නෑ කිව්වා. නමුත් මේ ගැටළුවට විසදුමක් දෙන්නම් කියලා කිව්වත් තවම කිසිදු විසදුමක් අපිට ලැබුනේ නෑ. අද වෙනකොට මේ මිනිස්සුන්ට වන්දි මුදල නොලැබිම නිසා තවම ජිවත් වෙන්න වෙලා තියෙන්නේ පාර පුළුල් කරන කොට කැඩුණු ගෙවල්වල ටකරන් මඩු ගහගෙන.
කේ.ඩී.ජයසිංහ මහතා
වසර ගණනාවක් තිස්සේ සිට අපි මේ වන්දි ගැටළුව නිසා පීඩාවට පත් වෙලා තියෙනවා.මේ වන්දි ලබා ගැනිම සදහා අවස්ථා ගණනාවකදිම විරෝධතා හා මාරාන්තික උපවාස පවා කළා. මේ සෑම අවස්ථාවකදිම විවිධ පාර්ශව මේකට මැදිහත් වෙලා අද දෙනවා,හෙට දෙවා කියලා අපිව රැවැට්ටුවා. නමුත් තවම වන්දි මුදල් ලබා දුන්නේ නෑ.

2025 දෙසැම්බර් මස 18
485
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සුරිය වැව -හම්බන්තොට මාර්ගය ඉදිකිරීමේදී පවරා ගත් ඉඩම් වලට තවමත් වන්දි නෑ‘