(ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල නායබැද්ද විද්‍යාලයේ ගුරුවරියක කැපුම් කෙටුම් තුවාල සහිතව දියතලාව මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
මෙම ගුරුවරිය පාසලේ පැවති පංතියකට සහභාගී වී ගෝනමොටාව වතුයායේ පිහිටි සිය නිවසට පාගමනින් යමින් සිටියදී පාලු ස්ථානයක රැක සිටි පුද්ගලයෙකු ඇයගේ ගෙල බැඳි රන්මාලය කොල්ලකෑමට උත්සහ කිරීමේදී ගුරුවරිය කොල්ලකරු හඳුනා ගැනීම නිසා තියුණු ආයුධයකින් කපා කොටා ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධියට සම්බන්ධ බණ්ඩාරවෙල ගෝනමොටාව වතුයායේම පදිංච් 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd