(අශෝක තිලකරත්න සහ විමල් ගරුසිංහ)
තිස්ස තංගල්ල ප්‍රධාන මාර්ගයේ බටඅත දී නවතා තිබූ කුඩා ලොරි රථයක් පිටුපස යතුරු පැදියක් ගැටීමෙන් ඊයේ (20) රාත්‍රී සිදුවූ අනතුරෙන් යතුරු පැදිකරු මිය ගොස් ඇතැයි හුංගම පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ බටඅත ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ සිරුර මේ වන විට රන්න රජයේ රෝහලේ තබා ඇත.
හුංගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd