ක.ග කරුණාරත්න
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කෑ කෝ ගසා විරෝධය පළ කිරීම නිසා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (14) දින නියමයක් නැතිව කල් තබනු ලැබීය.
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.කේ උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී මෙම රැස්වීම පැවැත්විණි.
රැස්වීම් ආරම්භයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සභාවේ න්‍යාය පත්‍රය පිළිගැනීමට නොහැකි බව කියමින් කෑ කෝ ගසා එකම ගාල ගෝට්ටියක් බවට පත්වීම නිසා සභාපතිවරයා දින නියමයක් නැතිව සභාව කල් තැබීය.
ශ්‍රී ලංකා පොදුජණ පෙරමුණේ මන්ත්‍රී සෝමරත්න පතිරාජ මහතා මේසයක් මතට නැග සභාවේ න්‍යාය පත්‍රය ගිනි තැබීමත් සමඟ සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd