IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොහොට්ටුවේ විරෝධයෙන් හිඟුරක්ගොඩ ප්‍රා සභාව කල් යයි

ක.ග කරුණාරත්න

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  මන්ත්‍රීවරුන් කෑ කෝ ගසා විරෝධය පළ කිරීම නිසා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (14) දින නියමයක් නැතිව කල් තබනු ලැබීය.

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය  සභාවේ සභාපති ඩී.කේ උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී මෙම රැස්වීම පැවැත්විණි.

රැස්වීම් ආරම්භයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සභාවේ න්‍යාය පත්‍රය පිළිගැනීමට නොහැකි බව කියමින් කෑ කෝ ගසා එකම ගාල ගෝට්ටියක් බවට පත්වීම නිසා සභාපතිවරයා දින නියමයක් නැතිව සභාව කල් තැබීය.

ශ්‍රී ලංකා පොදුජණ පෙරමුණේ මන්ත්‍රී සෝමරත්න පතිරාජ මහතා මේසයක් මතට නැග සභාවේ න්‍යාය පත්‍රය ගිනි තැබීමත් සමඟ සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය.

 

 



අදහස් (0)

පොහොට්ටුවේ විරෝධයෙන් හිඟුරක්ගොඩ ප්‍රා සභාව කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site