යතුරුපැදි අලෙවි නියෝජිතයෝ පාරට බසිති සමස්ථ ලංකා යතුරුපැදි අලෙවි නියෝයෝජිතවරුන්ගේ සංගමයේ පිරිසක් අද (02) කොළඹදී උද්ඝෝෂණයක නිරත වූහ. 02 September 2020
පල්ලිවාසල්තුරේ කලපු තීරයේ කඩොලන වනසමින් ඉස්සන් ටැංකි හදලා කල්පිටිය පල්ලිවාසල්තුරේ කලපු තීරය ආසන්නයේ ඉස්සන් ටැංකි සැකසීමේදි කඩොලාන පරිසර පද්ධතියට හානි සිදුවීම පිළිබඳව සොයාබැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම දිසා වන නිලධාරී ජී.ඩී.ජී. සරත් කුමාර මහතා කියයි. 02 September 2020
වැස්සෙන් උතුරේ පවුල් 200 ක් පීඩාවට පවතින වැසි සහිත කාලගුණයෙන් බලපෑ වර්ෂාව හා සුළං තත්වයන් හේතුවෙන් උතුරු පළාතේ පවුල් 200 කට අයත් පුද්ගලයින් 629 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ ඒකකය පෙන්වා දෙයි. 02 September 2020
දැඩි සුළඟින් රිදීමාලියැද්දේ නිවාස රැසකට හානි මහියංගන රිදීමාලියද්ද ප්‍රදේශයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග හමාගිය දැඩි සුළං තත්වය නිසා නිවාස 31කට හානි සිදුවී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් අපදා ඒකකයේ සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි. 01 September 2020
ධම්මරාජක මහා දාගැබට මුල් ගල් තැබෙයි වසර දෙදහසින් පසු මෙරට ඉතිහාසයට එකතුවන දෙවන විශාලතම දාගැබ නිර්මාණය සඳහා අද (30) පෙරවරුවේ රිටිගල කඳුවැටිය ආසන්නයේ මුල්ගල් තැබිණි. 30 August 2020
කම්කරු කොංග්රස් නිර්මාතෘගේ ජන්ම දිනය සමරති ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ දිවංගත සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ 107 වන ජන්ම දිනය සැමරීමේ උත්සවයක් අද (30) පැවැත්විණි. 30 August 2020
කෝට්ටේ අවසන් රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව තැන්පත් කිරීම ජනපති සුරතින් ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පුජෝත්සවයේ 120වැනි අවසන් රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව කෝට්ටේ රාජා මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීම අද (29) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදුකෙරිණි. 29 August 2020
ශ්‍රී මුන්නේස්වරම් කෝවිලේ ගිනි පෑගීමේ උළෙලෙන්... හලාවත නගර මධ්‍යයෙහි පිහිටි ශ්‍රී මුන්නේස්වරම් කෝවිලේ වාර්ෂික ගිනි පෑගීමේ චාරිත්‍රය ප්‍රධාන බැතිමතෙකු වන සරවනා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) සිදුකෙරිණි. 29 August 2020
ඌවේ සොකරි ශාන්ති කර්මයට යළි පණදෙයි කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් තිබෙන ඌවේ සොකරි ශාන්ති කර්මයට යළි පණ දෙන්නට බදුල්ල කිරිඔරුව සොකරි කණ්ඩායම කටයුතු කරයි. 29 August 2020
‘කොරෝනා‘ තුරන් කරන්නට කිරිඅම්මාවරුන්ගේ දානයක් ලොවපුරා පැතිරීගිය කොරෝනා වසන්ගතය මෙරටින් තුරන්කර දෙන ලෙස නවගමුව දේවාලයේ පත්තිනි මෑණියන්ට මාකඳුර ප්‍රදේශවාසීන් විසින් වූ බාරයක් ඔප්පුකරමින් කිරි අම්මාවරු 100 දෙනෙකු උදෙසා පවත්වන ලද දානමය පිංකම අද (29) අඵයම කජුවත්ත ක්‍රීඩාංගණයේදී සිදුකරනු ලැබීය. 29 August 2020
මැනිං වෙළඳපොලේ 150ක ගෙන් පීසීආර් නියැදි ගනී පිටකොටුව මැනිං වෙළඳපොලේ තෝරාගත් 150 ක පිරිසකගෙන් පීසීආර් පරීක්ෂණ සිදුකිරිම අද (28) එම වෙළඳපොලේ දී සිදු කෙරිණි. 28 August 2020
මුන්නේශ්වරම් දේවාලයේ ගිනි පෑගීමේ උත්සවය හලාවත මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහ දේවාලයේ වාර්ෂික නිකිණි පූජා මහෝත්සවයේ ගිනි පෑගීමේ මංගල්‍ය සෞඛ්‍ය නීති රීති වලට යටත්ව අද (27) පස්වරුවේ පැවැත්විණි. 27 August 2020
ආනවිළුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කර ඉස්සන් ටැංකි හදලා ආනවිළුන්දාව රැම්සා තෙත් බිමට අයත් මුතුපන්තිය කාසන්වත්ත සීමාවේ අක්කර 4 කට ආසන්න භුමියක් ඩෝසර් යන්ත්‍ර යොදාගනිමින් විනාශ කර දමා ඉස්සන් ටැංකි සැකසීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වමින් සිටින බව පුත්තලම සහකාර වනජීවි අධ්යක්ෂ එරන්ද ගමගේ මහතා පවසයි. 27 August 2020
අ’පුරේ ‘පරවා කාවඩි’ පෙරහරක් කොරෝනා වයිරසය මැඩ පැවැත්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය, සෞඛ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඔවුන්ට ආශිර්වාද කිරීමේ ‘පරවා කාවඩි’පෙරහරක් අද(27) අනුරාධපුරයෙන් ආරම්භ කෙරිණි. 27 August 2020
ගිරිහඬු සෑ රදුන්ගේ කේශධාතු මංගල්‍යයේදී බුදුරදුන්ගේ කේශ ධාතු නිදන්කර ඉදිකර ඇති ත්‍රිකුණාමලය හිරියායේ පිහිටි ගිරිහඬු සෑ රදුන් උදෙසා පවත්වනු ලබන වාර්ෂික කේශධාතු පින්කම් මාලාව පෙරේදා (24) බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි. 26 August 2020
බන්ධනාගාර හතරකට එස්.ටී.එෆ් ආරක්ෂාව කොළඹ ප්‍රධාන බන්ධනාගාර හතරේ ආරක්ෂාව සඳහා භටයන් 150 දෙනකුගෙන් සමන්විත පොලිස් විශේෂ කාර්ය බළකා අනුඛණ්ඩයක් ඊයේ (24) සිට යොදවනු ලැබීය. 25 August 2020
හසලක ගාමිණී රණවිරුවාගේ ගුණ සමරයි හසලක කෝප්රල් ගාමිණී කුලරත්න රණවිරුවාගේ 29 වැනි ගුණානුස්මරණ උත්සවය කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එන්.එස්. කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අලිමංකඩ යුද හමුදා කඳවුරේ දී පැවැත්විණි. 25 August 2020
මුන්දලම තොඩුවාව කඩොලාන පරිසරය පිරිසිදු කිරීම අරඹයි මුන්දලම තොඩුවාව මාර්ගයට නිවෙස් වලින් බැහැර කරන සියලුම අපද්‍රව්‍ය දැමීමෙන් එහි කඩොලාන පරිසර පද්ධතිය විනාශයට ලක්වෙමින් තිබීම පිළිබදව මාධ්‍ය පළ කළ තොරතුරු වලින් පසුව පුත්තලම හා කල්පිටිය ප්‍රාදේශීය සභාව එම කැලි කසල හා අනිකුත් දෑ ඉවත් කර විනාශ කිරිමට අද (25) සිට කටයුතු ආරම්භ කර තිබේ. 25 August 2020
රාවණා ඇල්ල සිඳෙයි මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින වියළි කාලගුණ තත්වය සමඟ ප්‍රදේශයේ දියඇලි හා උල්පත්වල ජලය සිඳීයමින් පවතී. 25 August 2020
නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු පිළිවෙත් හඳුන්වාදීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු පිළිවෙත් හඳුන්වාදීමේ වැඩසටහනක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (25) පැවැත්විණ. 25 August 2020
උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ සාමාජිකයන්ගෙන් අභියාචනයක් උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන මගින් තමන් ඇතුළු බොහොමයක් උපාධිධාරීන්ට අසාධාරණයක් වූවා යැයි පවසමින් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ සාමාජික සාමාජිකාවෝ පිරිසක් තම ගැටළුව සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙස ඉල්ලා අද (24) රාජ්‍ය පරිපාලන සේවා අමාත්‍යාංශය වෙත පැමිණියහ. 24 August 2020
අපද්‍රව්‍ය මුදා හැරීමෙන් මුන්දලම තෝඩුවාව කඩොලාන පද්ධතිය විනාශයි නිවෙස් වලින් බැහැර කරන සියලුම කැලි කසළ මුන්දලම මදුරන්කුලිය තෝඩුවාව මාර්ගය දෙපස කඩොලාන සහිත පරිසරයට මුදා හැරිමෙන් පාරිසරික ගැටළු රැසක් මතුව ඇති බව පරිසරවේදින් චෝදනා කරති . 23 August 2020
ආහාර සොයා ගිය වන අලියා වගා ළිඳේ මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, පණික්කකුලම් ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලියකු අද(23) සොයාගත් බව මුලතිව් වනජීවි කාර්යාලය පැවසීය. 23 August 2020
මහකනදරාව වැව සිඳී අනුරපුර - ත්‍රි’මලය පැරණි මාර්ගය මතුවෙයි නිකිණි මාසයේදී රජරටට උරුම නියං තත්වය උදාවීමත් සමඟ මහකනදරා වැවේ ජල මට්ටම සීඝ්රයෙන් පහළ බසිමින් පවතී. 23 August 2020
රාජ්‍ය ඇමැති ඖෂධ කර්මාන්ත සංකීර්ණය බලන්න යයි ඖෂධ නිෂ්පාදන නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (21) රත්මලානේ පිහිටි ඖෂධ කර්මාන්ත සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. 21 August 2020
නොරොච්චෝලේ වැඩ යළි අරඹයි දින කිහිපයක් අඩපණව පැවති නොරොච්චෝල ලක්විජය බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවක් අද (21) සවස ලබා දීමට හැකි වූ බව බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පැවසීය. 21 August 2020
පාර්ලිමේන්තු සැසියෙන් පසු පැවති තේ පැන් සංග්‍රහය නව වන පාර්ලිමේන්තුවේ ආරම්භක සැසියෙන් අනතුරුව ජනාධිපතිවරයා , අගමැතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පාර්ලිමේන්තු ප්‍රධාන භෝජනාගාරයේදී අද (20) පස්වරුවේ පැවැත්විණ. 20 August 2020
මධුර විතාන බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට එයි පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරයෙකු වන නීතිඥ මදුර විතානගේ මහතා සිය මංගල පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා ඔහුගේ නිවසේ සිට දියවන්නා ඔය තරණය කර පාර්ලිමේන්තුවට අද (20)බෝට්ටුවෙන් ගමන් කළේය. 20 August 2020
නිකවැරටියේ රට කජු ගොවීහු අස්වනු නෙළති නිකවැරටිය දිවුල්ලෑගොඩ ප්‍රදේශයේ රට කජු ගොවීහු මේ දිනවල සාර්ථකව අස්වනු නෙළමින් සිටිති. 19 August 2020
නාඋල කුඩා වැව් සිඳී යයි වියළි කාලගුණ තත්වය හේතුවෙන් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිබිල වැව, දෙකේ කනුව වැව, නාඋල වැව ඇතුළු කුඩා වැව් රැසක් සිඳී ගොස් ඇතැයි ගොවි සංවිධාන කියයි. 19 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026