
(රේඛා තරංගනී ෆොන්සේකා)
ඖෂධ නිෂ්පාදන නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (21) රත්මලානේ පිහිටි ඖෂධ කර්මාන්ත සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතාගේ ආරාධනයකට අනුව අමාත්‍යවරයා මෙම චාරිකාවට සහභාගි විය.
රටට අවශ්‍ය විශාල මුදලක් වැය වන ඖෂධ කිහිපයක්ම රට තුළම නිෂ්පාදනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳ සොයා බැලීමක් ලෙස මෙම නිරීක්ෂණ චාරිකාවට සඳහා එක්වූ බව අමාත්‍යවරයා පැවසීය.
ඉදිරි මාස 18 ක කාලයකදී ක්‍රියාත්මක කිරීමට නියමිත අධික වියදමක් යන ඖෂධ නිෂ්පාදනය සඳහා ප්‍රධාන සැකැස්ම මේ වන විටත් ක්‍රියාත්මක වී ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා විශේෂයෙන් පිළිකා රෝගීන් සඳහා ද ඖෂධ නිපදවීමට ඇති ඉඩ ප්‍රස්ථාව පිළිබඳව සොයාබලන බව මාධ්‍ය පැවසීය.
එමෙන්ම ඉදිරියේදී නව කර්මාන්ත ශාලාවක් ද ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට අවශ්‍ය බෙහෙත් මෙහෙම නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ලොකු ජයග්‍රණයක්.
බොහොම හොද මෙන්ම කාලෝචිත අදහසක්. මෙම මහජන නියෝජිතයාට තමන් උපන් රට වෙනුවෙන් යහපතක්ම කිරීමට සියලු ශක්තිය ලැබේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි..
දැනට ලංකාවට අවශ්‍ය ඖෂධවලින් සියයට කීයක් ලංකාවේ නිෂ්පාදනය කරනවාද?
සේයාරූවල ඉන්න අය ‘‘ කෙලෝනා‘‘ වාහකයෝ නෙවෙයිද?
ආණ්ඩුව පටන් අරගෙන මේ දවස් කීපයකට මෙච්චර ලොකු වැඩක් කරානම් ඉදිරියේ තව කොච්චර දේවල් බලාගන්න පුළුවන් වෙයිද?
මේ දිනවල නව ඇමැතිවරුන් දිවුරුම් දෙන අතර නොයෙකුත් පොරොන්දු දෙනවා. මීට වසර 25කට කළින් එවකට වෙළඳ ඇමැතිවරයා දුන් පොරොන්දුවක් මතක් කරන්න කැමැතියි. 1994දී චන්ද්‍රිකා මහත්මිය බලයට ඇවිත් මාස කිහිපයකින් ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුව මිල රුපියල් විසි ගණනකින් වැඩි කළාලු.. 80 කළා. මෙයාට විරෝධතා ඇතිවන විට වෙළඳ ඇමැතිතුමා කියා තමයි දැනටමත් ඉන්දයාවේ අමුර් කිරිපිටි සමාගම සමග අත්සන් කර තිබූ බවත් අවුරුද්දකින් කිරිපිටි මිල පහත හෙලන බවත්, අවුරුදු 2ක් ඇතුළත මේ රට කිරිවලින් ස්වයංපෝෂණය කරන බවත් කිව්වා... මෙය ඉතුරු කරගන්න අපහසු දෙයක් නොවේ.
ලංකාවෙ බෙහෙත් කියන්නෙ වෙනමම මාෆියාවක්. බෙහෙත් විකුණන ඒජන්තයො දොස්තරලගෙ පස්සෙන්මයි. ඔන්න ඔය බොරුවට බෙහෙත් දෙන වැඩේ නැවැත්තුවොත්, ඔය කම්හල හදල ඉතුරු කරනවට වඩා සල්ලි ඉතුරු කරන්න පුලුවන්.
මහාචාර්යවරයෙක්, ඒ වගේම දොස්තර කෙනෙක්, විෂය පිලිබඳ දැනීමක් ඇති, උගත් වගේම රට ජාතිය ගැන හැගීමක් තියෙන විද්වතෙක්. මෙයයි පැතූ වෙනස.
චන්න ජයසුමන ඇමතිතුමා ඇවිල්ල සතියෙන් සේලයින් බෙහෙත් ලංකාව ඇතුළෙම නිෂ්පාදනය කරන්න පටන් ගත්තනම් අවුරුදු පහක් යනකොට කොහොම තියේවිද. මම හිතන්නෙ අපිට බෙහෙත් රට යවන්නත් පුළුවන් වේවි. රාජිත ඔබ අවුරුදු පහක් පොල් ගෑවද?
කාගෙවත් වැඩ බලනවා, තමන්ගේ පම්පෝරිය ගහන්න.
ඇත්තටම මේක වර්තමාන රජය පටන්ගත්ත එකක්ද? මට නම් හිතෙන්නේ යහපාලන රජයේ රාජිත ඇමතිතුමා පටන් ගත්ත එකක් කියලා.