IMG-LOGO

රාජ්‍ය ඇමැති ඖෂධ කර්මාන්ත සංකීර්ණය බලන්න යයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

ඖෂධ නිෂ්පාදන නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (21) රත්මලානේ පිහිටි ඖෂධ කර්මාන්ත සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

‍ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතාගේ ආරාධනයකට අනුව අමාත්‍යවරයා මෙම චාරිකාවට සහභාගි විය.

රටට අවශ්‍ය විශාල මුදලක් වැය වන ඖෂධ කිහිපයක්ම රට තුළම නිෂ්පාදනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වැඩසටහන  පිළිබඳ සොයා බැලීමක් ලෙස මෙම නිරීක්ෂණ චාරිකාවට සඳහා එක්වූ බව අමාත්‍යවරයා පැවසීය.

ඉදිරි මාස 18 ක කාලයකදී ක්‍රියාත්මක කිරීමට නියමිත අධික වියදමක් යන ඖෂධ නිෂ්පාදනය සඳහා ප්‍රධාන සැකැස්ම මේ වන විටත් ක්‍රියාත්මක වී ඇති බව සඳහන් කළ  රාජ්‍ය අමාත්‍යවරයා විශේෂයෙන් පිළිකා රෝගීන් සඳහා ද ඖෂධ නිපදවීමට ඇති ඉඩ ප්‍රස්ථාව පිළිබඳව සොයාබලන බව මාධ්‍ය පැවසීය.

එමෙන්ම ඉදිරියේදී නව කර්මාන්ත ශාලාවක් ද ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (11)

රාජ්‍ය ඇමැති ඖෂධ කර්මාන්ත සංකීර්ණය බලන්න යයි

Champa Friday, 21 August 2020 05:00 PM

අපට අවශ්‍ය බෙහෙත් මෙහෙම නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ලොකු ජයග්‍රණයක්.

:       0       0

Raveendra Friday, 21 August 2020 07:51 PM

බොහොම හොද මෙන්ම කාලෝචිත අදහසක්. මෙම මහජන නියෝජිතයාට තමන් උපන් රට වෙනුවෙන් යහපතක්ම කිරීමට සියලු ශක්තිය ලැබේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි..

:       0       0

dhamneth Saturday, 22 August 2020 12:59 AM

දැනට ලංකාවට අවශ්‍ය ඖෂධවලින් සියයට කීයක් ලංකාවේ නිෂ්පාදනය කරනවාද?

:       0       0

Karunasekara Randeni Saturday, 22 August 2020 03:04 AM

සේයාරූවල ඉන්න අය ‘‘ කෙලෝනා‘‘ වාහකයෝ නෙවෙයිද?

:       0       0

Sena Saturday, 22 August 2020 04:24 AM

ආණ්ඩුව පටන් අරගෙන මේ දවස් කීපයකට මෙච්චර ලොකු වැඩක් කරානම් ඉදිරියේ තව කොච්චර දේවල් බලාගන්න පුළුවන් වෙයිද?

:       0       0

dhamneth Saturday, 22 August 2020 10:36 AM

මේ දිනවල නව ඇමැතිවරුන් දිවුරුම් දෙන අතර නොයෙකුත් පොරොන්දු දෙනවා. මීට වසර 25කට කළින් එවකට වෙළඳ ඇමැතිවරයා දුන් පොරොන්දුවක් මතක් කරන්න කැමැතියි. 1994දී චන්ද්‍රිකා මහත්මිය බලයට ඇවිත් මාස කිහිපයකින් ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුව මිල රුපියල් විසි ගණනකින් වැඩි කළාලු.. 80 කළා. මෙයාට විරෝධතා ඇතිවන විට වෙළඳ ඇමැතිතුමා කියා තමයි දැනටමත් ඉන්දයාවේ අමුර් කිරිපිටි සමාගම සමග අත්සන් කර තිබූ බවත් අවුරුද්දකින් කිරිපිටි මිල පහත හෙලන බවත්, අවුරුදු 2ක් ඇතුළත මේ රට කිරිවලින් ස්වයංපෝෂණය කරන බවත් කිව්වා... මෙය ඉතුරු කරගන්න අපහසු දෙයක් නොවේ.

:       2       82

Jayamal Saturday, 22 August 2020 10:57 PM

ලංකාවෙ බෙහෙත් කියන්නෙ වෙනමම මාෆියාවක්. බෙහෙත් විකුණන ඒජන්තයො දොස්තරලගෙ පස්සෙන්මයි. ඔන්න ඔය බොරුවට බෙහෙත් දෙන වැඩේ නැවැත්තුවොත්, ඔය කම්හල හදල ඉතුරු කරනවට වඩා සල්ලි ඉතුරු කරන්න පුලුවන්.

:       0       0

Rasika Sunday, 23 August 2020 05:49 AM

මහාචාර්යවරයෙක්, ඒ වගේම දොස්තර කෙනෙක්, විෂය පිලිබඳ දැනීමක් ඇති, උගත් වගේම රට ජාතිය ගැන හැගීමක් තියෙන විද්වතෙක්. මෙයයි පැතූ වෙනස.

:       1       29

විජිත කුමාර Sunday, 23 August 2020 07:34 AM

චන්න ජයසුමන ඇමතිතුමා ඇවිල්ල සතියෙන් සේලයින් බෙහෙත් ලංකාව ඇතුළෙම නිෂ්පාදනය කරන්න පටන් ගත්තනම් අවුරුදු පහක් යනකොට කොහොම තියේවිද. මම හිතන්නෙ අපිට බෙහෙත් රට යවන්නත් පුළුවන් වේවි. රාජිත ඔබ අවුරුදු පහක් පොල් ගෑවද?

:       0       1

Binkunndaa Sunday, 23 August 2020 12:28 PM

කාගෙවත් වැඩ බලනවා, තමන්ගේ පම්පෝරිය ගහන්න.

:       0       1

chami Monday, 24 August 2020 05:25 AM

ඇත්තටම මේක වර්තමාන රජය පටන්ගත්ත එකක්ද? මට නම් හිතෙන්නේ යහපාලන රජයේ රාජිත ඇමතිතුමා පටන් ගත්ත එකක් කියලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1066 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site