


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන මගින් තමන් ඇතුළු බොහොමයක් උපාධිධාරීන්ට අසාධාරණයක් වූවා යැයි පවසමින් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ සාමාජික සාමාජිකාවෝ පිරිසක් තම ගැටළුව සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙස ඉල්ලා අද (24) රාජ්‍ය පරිපාලන සේවා අමාත්‍යාංශය වෙත පැමිණියහ.
මීට පෙර වෙනත් රැකියාවක නිරතව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු වී සිටීම, පුද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා තිබීම වැනි කරුණු පදනම් කර ගනිමින් උපාධිධාරීන්ව එම රජයේ රැකියා ලබාදීමේ වැඩසටහනෙන් ඉවත්කර ඇතැයි ද මේ සම්බන්ධයෙන් නැවත සලකා බලා සියලු උපාධිධාරීන්ට සහනයක් සලසන මෙන් ඔවුහු ඉල්ලා සිටියහ.
මෙම අවස්ථාවට එක්වූ සියලු උපාධිධාරීහු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් වෙත අභියාචනාවක් ද ඉදිරිපත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්. මේ අහිංසක දරුවන් අවුරුදු 04ක් දුක් මහන්සිවෙලා ඉගෙන ගෙන අරගත්තු උපාධියට ඉල්ලන කාටත් රැකියා ලබාදෙනවා නම් කොච්චර හොඳද...? අනෙක උපාධිය ඉවරවෙලා මොකක් හරි රැකියාවක් හොයාගෙන මේ දරුවන් සාධාරණ විධියට ජීවත් වීමත් මේ රැකියාව ලබා ගැනීමට නුසුදුසු කමක් වෙලාද? කොතැනක හෝ යම් අඩුපාඩුවක් ඇති බව නම් පේනවා...
උපාධි නැති අය මොකද කරන්නේ ඒ ගොල්ලන්ට වෙ අසාධාරණවලට...?
උගත් කාලකණ්ණි... රජයේ රැකියා අරන් පින්පඩි ගන්න හිතන් ඉන්නේ. හරි නම් විශ්‍රාම වැටුප් අහෝසිකරලා එයාලටත් සේවක අර්ථසාධක අරමුදල් සාමාජිකත්වය දෙන්න ඕනේ...
මේ ඔක්කොමලා පොරකන්නේ වැඩකළත්, නැතත් හැට පැන්නාම ලැබෙන විශ්‍රාම වැටුප ගන්න. තුන්වන පින්තූරයේ ඉස්සරහින්ම ඉන්න කෙනා... වසර කීයක් නිකන් ඉන්න ඇද්ද හීනේ සැබෑ වෙනකල්..
උසස් අධ්‍යාපනය ලැබූ සහ සාමාන්‍ය අධ්‍යාපනයක් ලැබූ රැකියා අපේක්ෂකයින් හට රැකියා නොලැබීම සිදුව ඇත්තේ රජයේ නොහැකියාව සහ අදක්ෂ ක්‍රියාමාර්ග නිසාවෙනි.
බය වෙන්න එපා. ඔයගොල්ලන්ටත් හම්බවේවි. එයා සමාන්‍යෙයන් බොරු කියන්නෙ නැහැ. අපිට තේරෙනවනෙ යන ගමන. අනික හැම දෙමාපියෙක්ම දරැවන්ට උගන්වන්නේ දහදුක් විදලා. එහෙම නැති අය ඉන්නෙ බොහොම ටික දෙනයි. අනික පුද්ගලික වුවත් රජයේ වුවත් උපාධියක් ලබා ගන්න තියෙන මහන්සිය අපි දන්නවා.