සබරගමු මහ සමන් දේවාලයේ 795 වන වරට පැවැත්වෙන ඇසල පෙරහර මංගල්‍ය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු කර තිබේ.

රුපියල් 15.00 ක වටිනාකමකින් යුතු මුද්දරය අද (02) රාත්‍රී 8.00 ට සබරගමුව මහ සමන් දේවාල පරිශ්‍රයේදී නිකුත් කිරීමට නියමිතය.

(ඡායාරූප - ගයාන් අමරසේකර)