
(*** ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)
බුදුරදුන්ගේ කේශ ධාතු නිදන්කර ඉදිකර ඇති ත්‍රිකුණාමලය හිරියායේ පිහිටි ගිරිහඬු සෑ රදුන් උදෙසා පවත්වනු ලබන වාර්ෂික කේශධාතු පින්කම් මාලාව පෙරේදා (24) බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි.
ගිරිහඬු සෑ විහාරාධිපති දෙවිනුවර චන්දිම, අමරපුර නිකායේ නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමිගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම පින්කම් මාලාව ලබන 30දා දක්වා පැවැත් වේ. දිනපතා පෙරවරු හයට හා පස්වරු හයට අසිරිමත් කේශ ධාතු පූජා පෙරහර, කේශ ධාතු වන්දනා පූජා පැවැත්වෙන බව විහාරාධිපතියෝ පැවැසූහ. ලබන 30දා පෙරවරු 8.00 මහාමායා මාතෘ දිව්‍ය පුත්‍රයා උදෙසා පැවැත්වෙන දේව දානයෙන් පසු මෙම පිංකම් මාලාව අවසන් වේ. ගිරිහඬු සැයේ ආදි කර්තෘ අපවත් වී වදාල ගන්දර ආනන්ද හිමිගේ ගුණානුස්සමරණය ද මෙයට සමගාමීව පැවැත් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගෙනහිර බොදු පුනරුදය නිසා නිදහසේ අපට ආගමික වතාවත් කරන්න ලැබිලා තියෙනවා.
සාධු සාධු... හරිම ලස්සනයි චෛත්‍ය රාජයාණන් වහන්සේ. අනන්ත බුදු ගුණ බලයෙන් සියළු මිනිසුන් සිත් පිරිසිදු වී දහම් ඇස පහළ වේවා..!!!
අතීතයේ දකුණු ඉන්දියානු ආක්‍රමණ වලටත්, පසුව එල්ටීටී ත්‍රස්තවාදයටත් හසු වෙලා අද වෙනකොට මේ තරමටවත් ආරක්ෂා කර ගත්තු තිරියායේ ගිරිහඬු සෑ රජුන් වෙනුවෙන් මේ පින්කම් මාලාව සංවිධානය කළ විහාරාධිපති හිමියන් ඇතුළු සියලු සංඝයා වහන්සේලාටත්, දායකයන්ටත්, සහභාගි වුනු බෞද්ධයින්ටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපේ පැරණි දාගැබ් ඒ විදිහටම තියෙන කොට ඒවායේ පෞරාණික බව අලුත් පරම්පරාවට වගේම, ලොව පුරා මිලියන 500ක් පමණ වන බෞද්ධයන්ටත් දැකගන්න පුළුවන්... අනිත් වතාවේ සැරසිලි කරන කොට ඒ ගැන හිතනවා නම් හොඳයි. ගිරිහඬු සෑය ඇත්තටම ගොඩ නැගුවේ කවුද කියන එක අදටත් පැහැදිලි නැහැ. ඉතිහාසයේ කියන විදිහට, හරියට පැහැදිලි නැති පළාතක ඉඳලා ආව තපස්සු භල්ලුක බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කළ කරඬුව ගිරි කන්ද උඩ තියලා ආහාර අරන් ආපහු කරඬුව අරගන්න හදන කොට ඒක සොලවන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඔවුන් එතන පූජනීය භූමියක් බව තේරුම අරගෙන බිමට සවි වෙච්ච කරඬුව ආරක්ෂා වෙන්න වට කරලා ගල් තියල (ගඩොල් වෙන්න ඕනේ) ඔවුන් තමන්ගේ ගමන දිගටම යන්න ගිහින්. හැබැයි මේ දකින චෛත්‍ය ඉඳි කලේ තපස්සු භල්ලුක නෙමෙයි. ඇත්තම කිව්වොත් අපේ අතීතය අපි තාම හරියට හොයාගෙන නැහැ.
champa සහ මංජුල වටිනා අදහස් අප අගයන්නෙමු. අපගේ බෞද්ධ ශිෂ්ඨාචාරය මෙන්ම ඉතිහාසය අනාගත් පරපුරට නිසිලෙස දායාද කර රටේ අනන්‍යතාවය පිළිබඳව මෙන්ම ඒවායේ වටිනාකම් පිළිබඳව අධ්‍යාපනය මගින් ලබාදිම වඩාත් සුදුසු වන අතර පැරණි දාගැබ මෙන්ම පෞරාණික ස්ථාන නිසිලෙස ආරක්ෂා කිරීම රජයේ මෙන්ම පුරවැසියන්ගේද වගකීමකි. එලෙසම ඒවා දුරදිග නොබලා තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ අරමුණින්ම පමණක් අරයාට මෙයාට පවරාදීම මගින් සිදුවීඇති හානිය ඉතාමත්ම භයානකයි. හොඳම උදාහරණය කුරුණෑගල නාට්‍ය සංදර්ශන නොවේද?