
(මනුල වික්‍රම)
වසර දෙදහසින් පසු මෙරට ඉතිහාසයට එකතුවන දෙවන විශාලතම දාගැබ නිර්මාණය සඳහා අද (30) පෙරවරුවේ රිටිගල කඳුවැටිය ආසන්නයේ මුල්ගල් තැබිණි.
මරදන්කඩවල තෝරුවැව ගම්මානයේ පිහිටි ඉසිපතන ආරණ්‍ය සේනාසන භුමියේ අඩි 152ක් උසින් හා අඩි 100ක විශ්කම්භයෙන් යුතු එම දාගැබ ‘ධම්මරාජක මහා දාගැබ‘ නමින් වසර හතක් ඇතුළත වැඩ නිමවා කොත නිරාවරණය කිරීමට නියමිතය.
රුවන්වැලි මහසෑයේ හැඩයෙන් බුබ්බුලාකාරව හා එහි අභ්‍යන්තරයේ මෙන් තඔ ලෝහයෙන් නිර්මිත රන් ආලේපිත පත්‍රවල සියලු තොරතුරු තැන්පත් කිරීමද අපේක්ෂිත ය.
කොළබිස්සේ විමුක්ති රතන හිමියන්ගේ සංකල්පයක් අනුව ඒ සඳහා මුල්ගල ගැබීමේ මංගල මහෝත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ කලාවැව සංඝ සභාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා කලාකරඹෑව විද්‍යාධාර මහ පිරිවෙනේ පරිවේණාධිපති කලකරඹෑවේ ධම්මකිත්ති නාහිමියන් ඇතුළු මහ සඟරුවනගේ මුගලිකත්වයෙන් සිදුවිය. ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන ,පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කේ.පී.එස්.කුමාරසිරි , උද්දික ප්‍රේමරත්න සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතුන් ඇතුළු ප්‍රභූ පිරිසක් ද ඊට එක්වූහ.
සිය ගණනක් භික්ෂු භික්ෂුනීන්ද දහස් සංඛ්‍යාත ගිහි සැදැහැවතුන් ද එක්ව රන් රිදි මුතු මැණික් ආදී නිධන් වස්තු තැන්පත් කරමින් මෙම පූජෝත්සවයට දායක වූහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඩම් හොරු, මංකොල්ලකරුවෝ එක්ක මොන වැඩක්ද? කන්න නැති මිනිස්සුන්ට දුන්නා නම් ඔයිට වඩා ආනිශංස අත්වෙනවා.
සාදු.. සාදු.. සාදු...!!!
මේ ස්ථානය රිටිගල කිට්ටුව නම් පරිස්සමෙන් වැඩේට අත තියන එක හොඳයි. මහා දාගැබක් හදන්න වුනාට මෙතන මූලික වෙලා ඉන්නේ බෞද්ධයන්ගේ හදවත වන් අනුරාධපුරේ ඉඩම් අක්කර ලක්ෂ ගානක් ඇමරිකන් සමාගම් වලට විකුණන්න හදන දේශපාලකයෙක්. දැක්කම ඇති වෙන්නේ සැකයක්, විචිකිච්චාවක්. බෞද්ධයෙක් විදිහට දැනගන්න අයිතියක් තියෙන හින්දයි අහන්නේ. දැන් මේ දාගැබ හදන කොන්ත්‍රාත්තුව දෙන්නෙත් රුවන්මැලි සෑයේ ස්වභාවික චූඩා මාණික්‍යය ඉවත් කරලා ඒ වෙනුවට වීදුරු කෑල්ලක් සවි කරලා කොත් වහන්සේ වෙනස් කරපු සමාගමටමද.
හාමුදුරුවනේ, මේ වැඩ බොහෝම හොඳයි. නමුත් දුප්පත්ගම්වල පාසල්වලට යන ළමයින්ට යන්න පිරිසිදු වැසිකිළි නැහැ. බොන්න පිරිසිදු ජලය නැහැ. ඉස්සෙල්ලාම මේවා නේද කරන්න ඕනේ..?
තිත්ත ඇත්ත...
මටනම් සැකයි ඔයව පැත්තේ නිධන් එහෙම තිබුණද දන්නේ නැහැ. ඔය ප්‍රධාන අමුත්තානම් මට සැකයි. මහ දාගැබක් හදනවා කියලා මොන දේකට ලෑස්ති වෙනවද දන්නේ නැහැ.
මේ වෙලාවේ රටට අවශ්‍ය දෙයක්..
වැඩේට මුල්වෙලා ඉන්නේ ශුවර් ඩයල් එකක්, බහිරවයින් වගේ නිධන් වස්තු ටිකනම් ගෙදර ගෙනිහින් හරි. අහිංසක මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි..!!!
රුවන්වැලි සෑයට වීදුරු කෑල්ලක් සවි කළ එකේ විපාක, වහපු වෙලාවක, මීට පෙර කවදාවත් නොවුණු විදිහට අහල පහළ ගස්වලට දන්නලා තියෙනවා. මෙවන් සෑම පින්කමකටම වගේ මේ පින්කමටත් කාන්තාවන් බොහෝ දෙනෙක් සහභාගිලා තියෙනවා. නිධන් වස්තු විදිහට තැන්පත් කරන්න රන්, රිදී, මුතු, මැණික් පූජා කරලා තියෙනවා. ලංකාවේ බුදුදහම මේ තාක් රැකුණේ, මේ තාක් ඉදිරියට ආවේ කාන්තාවන් සහ දරුවන් නිසා. දාන, ශීල, භාවනාවල යෙදෙමින් සම්බුද්ධ ශාසනය ඉදිරියට රැකගෙන ආවේ මේ රටේ කාන්තාවන් සහ දරුවන්... නමුත් ඩෝසර් ආණ්ඩුව කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් තිබ්බ කාන්තා සහ ළමා කටයුතු කැබිනට් අමාත්‍යංශය ඩෝසර් කරලා, තව වෙනත් වගකීම් තියෙන කුඩා රාජ්‍ය අමාත්‍යාංශයකට අමුණලා, කාන්තා සහ ළමා අයිතීන් මුළුමනින්ම නොසලකා හැරලා තියෙනවා. තැනක දැක්ක ජනාධිපතිවරයා කියලා තියෙනවා රාජ්‍ය අමාත්‍යංශ හදන්න උපදෙස් දුන්නේ ජනාධිපති බෞද්ධ උපදේශක සභාව කියලා. ඒ කියන්නේ කාන්තාවන් සහ ළමුන් සඳහා තිබ්බ කැබිනට් අමාත්‍යාංශය අහෝසි කෙරෙව්වේ මහා සංඝරත්නයද? අපූරුයි..!
සාදු සාදු සාදු!!!
පුරාණ විහාර ඉඩම් වල සැඟවිලා තියෙන නිධන් මංකොල්ල කන්න හොඳම විදිහ තමයි එතන චෛත්‍යයක් හදනවා කියන එක. එතකොට බෞද්ධයින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනායනවා. කවුද කරන්නේ කොහොමද කරන්නේ කවුරුත් හොයන්නේ නැහැ. පන්සලේ හාමුදුරුවොත් හිතනවා මේ සා මුදලක් ලැබෙන්නේ පන්සලේ උන්නතියටනේ කියලා උපේක්ෂාවෙන් බලනවා. සජිත් ප්‍රේමදාසත් ඔය දේම කරන්න හැදුවා. අද ඩෝසර් ආණ්ඩුව යන්නෙත් ඒ පාරේ...
මෙතැන තියෙන එක එක පෝස්ට් වලින් පැහැදිලි වෙනවා බෞද්ධ අය අතර කොච්චර ගැටුම් තිබෙනවාද පන්සලක් හදන්න ගියත් කියලා... අන් ජාතීන්ගේ පල්ලියක්, කෝවිලක් හදන්න ගියාම බලන්න එ් මිනිස්සු අතර තියෙන සහයෝගිතාව. ඒකට අපි, එකිනෙකට චෝදනා කරගන්නවා, කරපු දෙයක අඩුපාඩු කියනවා, ඔයිට වඩා හොඳයි මේ වගේ දෙයක් කළා නම් කියනවා... ඊට පස්සේ කියනවා බෞද්ධයින් එකමුතු නැහැ කියලා. තමුන් තමන්වම විනාශ කරගන්නවා...
නිධන් වස්තු කියලා රන්, රිදී, මුතු, මැණික් දාගැබක තැම්පත් කරන්නේ බුදුබණේ මොන බණපදය අනුවද? ඒවා විකුණලා අඩුගානේ දුප්පත් පන්සල් වලට උදව් කරන්න තිබුණා. ඔතන නිධන් වස්තු ප්‍රසිද්ධියේ ඔහොම තැන්පත් කළාම අනාගතේ හොරු කඩනවා. අනුරාධපුරේ කරන්න ඕනෑතරම් වැඩ තියෙනවා. සඳහිරු සෑයත් තාම හදනවා. මේ වගේ සල්ලි නාස්ති කරන්නේ නැතිව වැඩකට ඇති දෙයක් කරන්න ඕනෑ. මෙතැනින් දුමින්ද හා ජයසුමන හලලා. එතනත් පොහොට්ටුවේ බෙදීම...