ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් දකුණු දිශාභිමුඛව පිටත්වීම ඊයේ රාත්රියේදී ඇරඹිණි. පෙරහර දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, සේනානායක වීදිය ඔස්සේ ගමන් ගත් බව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවැසීය.