
(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මේ දිනවල ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයට වහාම මැදිහත් වී විසදුම් ලබාදී ඔවුන්ගේ සේවය කොරෝනා මර්ධන කටයුතු සදහා යොදා ගන්නා ලෙසට රජයෙන් ඉල්ලමින් හලාවත ප්‍රදේශවාසීන් පිරිසක් හලාවත නගර මධ්‍යයේදී අද (25) දහවල් නිහඬ විරෝධතාවක නිරතවූහ.
වෙළඳ සැලක අපිරිසිදු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන විටත්, ඩෙංගු මර්දන කටයුතු ක්‍රියාත්මක කිරීමේදීත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සියළු බලතල ලබාදී නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ සලසා තිබේ. එනමුත් මාරාන්තික කොරෝනා වයිරසය මර්දන කටයුතු කිරීමේ දි මේ වනවිට ගැසට් කර ඇති නිවේදනය අනුව අවශ්‍යය බලතල ක්‍රියාත්මක කිරිමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් කිරීම හෙළා දකින අතර මේ සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම ඉදිරිපත්වී පියවර ගෙන එම කටයුතු ක්‍රියාත්මක කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත බලය පවරන ලෙස විරෝධතාකරුවෝ සිය විරෝධය පල කළහ.


2025 දෙසැම්බර් මස 18
157
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙනුවෙන් විරෝධතාවක්
වීරසිංහ Sunday, 26 July 2020 01:54 AM
පගා ගැහිල්ලේ හැටියටයි, මිනිස්සුන්ට අමාරුම වෙලාවේ වැඩ වර්ජන කිරිල්ලේ හැටියටයි බලේ දුන්නාම රඟන රැඟිල්ල හිතාගන්න පුළුවන්.
Bamunuarachchi Thursday, 30 July 2020 03:30 AM
PHI ලාට සපෝර්ට් එකට විරෝධතා කරන්නේ හෝටල් මුදලාලිලා වෙන්න ඇති.