IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


දම්සෝපුර ගම්මානය දළඹු ආක්‍රමණයක්

(ඩබ් ඒ පියතිලක )

දින කිපයක සිට  මැදිරිගිරිය   දම්සෝපුර  ගම්මානයේ නිවාස දළඹුවන්  දහස් ගණනක් පැමිණ ආක්‍රමණය කිරිම නිසා එහි ජනතාව දැඩි අපහසුතාවයකට ලක්ව සිටිති.
 
මෙම දළඹුවන් නිවාස අසන්නයේ ඇති ගස්වල කොළ සියල්ල එක් රැයක් තුළ කා දමා දවල් කාලය වෙන විට අවට නිවාස වෙත පැමිණෙන බව ගම්වාසින් කියති.
 
එක ගසක් තුළ දළඹුවන් දහස් ගාණක් සිටින බවත් ඒ සියල්ල නිවාස ඇතුලට සහ මිදුල්වල  විශාල රංචු පිටින් සිටින බවයි. මෙම දළඹුවන් පැමිණිම නිසා ගම්මානයේ කුඩා වෙළදසැලක් ද වසා දැමිමට සිදු ව ඇති බව ගම්වාසින් කියති.
 
දිවා රාත්‍රි දෙකේම නිවාසවල  දොර ජනේල් වසා තබමින් නිවාස තුළට දළඹුවන් පැමිණිම වැළැක්විම සදහා නිවාස වටා භුමි තෙල් දැමිමට සිදුව ඇති බව නිවාස හිමියෝ කියති.   
 
නිවාස වෙත දිනකට දළඹුවන් දහස් ගණනක් නොකඩවා පැමිණිමට පටන් ගැනිම නිසා  නිවාසවල තම දෛයිනික කටයුතු සිදු කිරිමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ගම්වාසින් පෙන්වා දෙති.
 
ගම්වාසින් පවසා සිටින්නේ මෙම සතුන් දිනෙන් දින වැඩිවන බවයි.
 
මෙම ගම්මානයේ සියලු දෙනා  ගොවිතැන් කර ජිවත් වෙන බවත්  එක රැයකට විශාල ගසක්  දළඹුවන් විසින් කා දමන නිසා යම් හෙයකින් තමන්ගේ  වගා කර ඇති වී වගාව ඇතුළු  අනිකුත් වගාවන්වලට ඇතුළු වුවහොත්  ලොකු විනාශයක් සිදුවිය හැකි බව ගොවින් පෙන්වා දෙති. 
 
එම නිසා දිනෙන් දින මෙම දළමු විශේෂය ගම  පුරා ඉතා සිඝ්‍ර ලෙස පැතිර යන බැවින් බළධාරින්  වහා  ඉදිරිපත් වී  ගම්මානයත් තමන්ගේ බවබෝග ආරක්ෂා කර දෙන ලෙස බලධාරින්ගේන් ඉල්ලා සිටි.
 
මේ සම්බන්ධයෙන් විමසිම සදහා මැදිරිගිරිය ප්‍රදේශිය ලේකම්  සි. එම් . කරුණාරත්න මහත්මිය සම්බන්ධ කර ගැනිම සදහා රාජකාරි දුරකථනයට ඇමැතුමක් ලබා ගත්තත් එහි නිළධාරියෙකු පවසා සිටියේ ලේකම් තුමිය කාර්්‍යාලයේ නොමැති බවයි.
 
පසුව ලේකම් තුමියගේ පුද්ගලික දුරකථනයට  ඇමැතුම් කිපයක් ලබා ගත්තාත් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටියේය.
 
කෙසේ නමුත් මැදිරිගිරිය දම්සෝපුර ගම්වාසින් පවසා සිටින්නේ වහාම මෙම දළඹු උවදුර ගම පුරා ව්‍යාප්ත විමට පෙර හැකි  ඉක්මනට මර්දනය කිරිමට කටයුත් කරණ ලෙසයි.

 
 



අදහස් (1)

දම්සෝපුර ගම්මානය දළඹු ආක්‍රමණයක්

kamal Monday, 20 July 2020 11:13 AM

දැනට කුකුලෝ ටිකක් ගෙනත් දාන්න දළඹුවෝ කන්න, ඡන්දෙන් පස්සේ සලකා බලන්නම්.

:       17       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site