
(රංජිත් රාජපක්ෂ)
තවත් කොටියෙකු මන්දකට හසු වී අද (20) මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක් මත මන්ද සහිතව කොටියා මිය ගොස් ඇති බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කළේය.
මාපකන්ද ප්‍රදේශයේ වගා භූමියක සතුන් දඩයම් කිරීම සඳහා දඩයම්කරුවන් විසින් අටවන ලද මන්දකට හසු වී ඇති කොටියා මන්ද කඩාගෙනවිත් මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක නැග ඇති අතර එහිදී මන්ද සවි කර තිබූ මුගුර ගසේ සිරවීම නිසා ඉන් බේරිමට කොටියා උත්සහ කර ඇති අවස්ථාවේ කොටියා ගස මතම මියගොස් ඇති බව ඒ මහතා පැවසීය.
කොටියාගේ උදරය මන්දට හසු වී කොටියාට දැඩි ලෙස තුවාල සිදුවී තිබූ බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කීය .
කෝපි ගස මත කොටියෙකු මියගොස් සිටින බවට ප්‍රදේශවාසින් විසින් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් වෙත දැනුම් දී ඇත.
අවුරුදු 7 ක් පමණ වයසැති කොටි දේනුවක් මෙසේ මිය ගොස් ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මිය ගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනසින් උසස් යැයි කෑමොර දෙන මිනිසුන්ගේ නොහොත් මස්වැද්දන්ගේ නොමිනිස්කම් ඉදිරියේ අසරණවූ තිරිසන්සතුන් වෙනුවෙන් මොලය කළදක් හෝ තිබෙන මිනිසත්වයන්ට කල හැක්කේ කුමක්ද ?? පොලිස් නිල සුනඛයන්ගේ ඉවකිරීමේ ක්‍රමවේදය මගින් මන්ද හෝ උගුල ඉවකර මෙම මස්වැද්දන් අල්ලා ගැනුමට නොහැකි වේද ?
වල් වැදුණු පරිසර නීතිය. වතු කම්කරු මස් වැද්දන් කරනා මේ අපරාධ වළකන්නට බැරි දේශපාලන බලධාරීන් නින්දෙන් අවදිවන්නේ කාවදාද ? මේ අහිංසක වන සතුන් කී දෙනෙකුගේ අවමංගල කටයුතු වලට මා ඇතුළු පරිසර මිනිසුන් සංවේදීව අපගේ දුක පෙන්නූවාද ? ඒත්, රජය පරිසරය හා වන සතුන් රැකගන්නේ මෙසේද ? මේ කාලයේ නිල් කොළ රතු ආදී වශයෙන් පිල් බෙදී ඡන්ද සටනට පොරකනවා මිසක් පරිසරය ගැන මොන සිහියක්ද?
වනජීවී ආරක්ෂකයෝ බුදි...?
වනජීවී එකේ අය පොල් ගානවද.?
ගන්න පඩියටවත් වැඩක් කරන්නේ නැති රජයේ නිලධාරීන්.
මෙහි සමහරක් මේ කොටින්ගේ මරණයට වනජීවී නිලධාරීන් වගකිව යුතු බව පවසනවා. නමුත්, ප්‍රායෝගික වශයෙන් වනජීවී නිලධාරීන්ට මධ්‍යම කඳුකරයේ කොටින් ගැවසෙන සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි සිය රාජකාරිය කළ හැකිද? එය හරියට අලින් රැක ගැනීමට රටේ වනාන්තර වටා කිලෝමීටර් සිය ගණන් දිග වැටවල් ගැසීම වැනිය. මෙවැනි දේ කිරීම සඳහා වනජීවී නිලධාරීන් දහස් ගණනක් අවශ්‍ය විය හැකි අතර, රටේ ආර්ථිකයට එවැනි විදමක් දැරිය හැකිද? ජනගහනයේ වර්ධනයත් සමග ලංකාව වැනි කුඩා භුමි භාගයක් ඇති රටක, සතුන්ට සහ මිනිසුන්ට එක ළඟින් ජීවත් වීමට සිදුවීම වැළක්විය නොහැකි දෙයක් වන අතර, එවැනි තත්වයක් යටතේ මෙවැනි සතුන් මිය යාම යථාර්තයක් පමණි.
මගේ තීරණය මෙවැනි ජාතික සම්පතක් විනාශ වීම මිනීමැරීමක් හා සමාන බවයි.