IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තවත් කොටියෙක් මන්දකට හසු වී මියයයි

(රංජිත් රාජපක්ෂ)

තවත් කොටියෙකු මන්දකට හසු වී අද (20) මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක් මත මන්ද සහිතව කොටියා මිය ගොස් ඇති බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කළේය.

මාපකන්ද ප්‍රදේශයේ වගා භූමියක සතුන් දඩයම් කිරීම සඳහා දඩයම්කරුවන් විසින් අටවන ලද මන්දකට හසු වී ඇති කොටියා මන්ද කඩාගෙනවිත් මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක නැග ඇති අතර එහිදී මන්ද සවි කර තිබූ මුගුර ගසේ සිරවීම නිසා ඉන් බේරිමට කොටියා උත්සහ කර ඇති අවස්ථාවේ කොටියා ගස මතම මියගොස් ඇති බව ඒ මහතා පැවසීය.

කොටියාගේ උදරය මන්දට හසු වී කොටියාට දැඩි ලෙස තුවාල සිදුවී තිබූ බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කීය .

කෝපි ගස මත කොටියෙකු මියගොස් සිටින බවට ප්‍රදේශවාසින් විසින් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් වෙත දැනුම් දී ඇත.

අවුරුදු 7 ක් පමණ වයසැති කොටි දේනුවක් මෙසේ මිය ගොස්  ඇති බවත්  සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මිය ගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.



අදහස් (12)

තවත් කොටියෙක් මන්දකට හසු වී මියයයි

Raveendra Monday, 20 July 2020 03:04 PM

මනසින් උසස් යැයි කෑමොර දෙන මිනිසුන්ගේ නොහොත් මස්වැද්දන්ගේ නොමිනිස්කම් ඉදිරියේ අසරණවූ තිරිසන්සතුන් වෙනුවෙන් මොලය කළදක් හෝ තිබෙන මිනිසත්වයන්ට කල හැක්කේ කුමක්ද ?? පොලිස් නිල සුනඛයන්ගේ ඉවකිරීමේ ක්‍රමවේදය මගින් මන්ද හෝ උගුල ඉවකර මෙම මස්වැද්දන් අල්ලා ගැනුමට නොහැකි වේද ?

:       0       81

විජිත් Tuesday, 21 July 2020 10:20 AM

රවින්ද්‍ර මල්ලී, ඔයා කියන එක ඇත්ත. යමක් කළ යුතුමයි. හැබැයි.. පොලිස් සුනඛයා ඉව කරකර උගුල් කාරයාව හොයන අතරේ.. තමන් බොහෝ ප්‍රියකරන "බලු මස්" ඉව ඔස්සේ කොටියා අාවොත්.. පොලිස් කියලා වෙනසක් නැහැ. කොටියා පොලිස් සුනඛයාව කයි. විහිළුවට කිව්වේ... ප්‍රදේශයේ උගත් තරුණයින් එකතුකරගෙන ඒ අයට මේ ප්‍රශ්නය අවධානම පැහැදිලි කරලා... ඒ අය මගින් ගම්වැසියන් දැනුවත් කිරීම වැනි වැඩසටහනක්... විශාල පෝස්ටර්.. මගින් දැනුවත් කිරීමක් සමග සියලුදෙනාගේම එකතුවෙන් මස් වැද්දන් අල්ලාගැනීම. වියදම වැඩිවුණත් රූපවාහිනිය මගින් කෙටි දැන්වීමක් මගින් විස්තර කිරීම, පාසැල් දරුවන් දැනුවත් කිරීම, වැනි යෝජනා ගණනාවක් ඉදිරිපත් කළත්, දේශපාලුවන් සහ ජාවාරම්කාරයින් මේ ඝාතන රැල්ලේ පිටුපස සිටින බව මට සිතෙනවා. ඒ නිසා නීතිය නීතිය ලෙසම ක්‍රියාත්මක වේවිද...? විශේෂයෙන් මේ ධර්මද්වීපයේ..

:       0       138

සමිත සේනක අලුත්ගමගේ. Monday, 20 July 2020 04:24 PM

වල් වැදුණු පරිසර නීතිය. වතු කම්කරු මස් වැද්දන් කරනා මේ අපරාධ වළකන්නට බැරි දේශපාලන බලධාරීන් නින්දෙන් අවදිවන්නේ කාවදාද ? මේ අහිංසක වන සතුන් කී දෙනෙකුගේ අවමංගල කටයුතු වලට මා ඇතුළු පරිසර මිනිසුන් සංවේදීව අපගේ දුක පෙන්නූවාද ? ඒත්, රජය පරිසරය හා වන සතුන් රැකගන්නේ මෙසේද ? මේ කාලයේ නිල් කොළ රතු ආදී වශයෙන් පිල් බෙදී ඡන්ද සටනට පොරකනවා මිසක් පරිසරය ගැන මොන සිහියක්ද?

:       0       180

පූජාTuesday, 21 July 2020 05:12 AM

සමිත, වැඩක් නැහැ...මම පසුගිය වතාවෙ ,අර දිවි බේරාගත් දිවි දෙනගේ ආටිකල් එකට ලීව එක තමයී ආයෙත් ලියන්න වෙන්නෙ... ඔය උගුල් අටවන නරුමයන් දෙතුන් දෙනෙක් අල්ලලා නිසි දඬුවම් දුන්නානම් අනෙකුත් අයටත් පාඩමක් වෙන්න, මේ මිල කල නොහැකි වටිනා සතුන් ටිකට යම් පමනක රැකවරනයක් ආරක්‍ෂාවක් ලැබෙන්න තිබුනා.. මේ දිවි දෙනට පැටව් ඉන්න අම්මා කෙනෙක්ද දන්නෙ නැහැ. බීරි අලින්ට වීනා වැයුවාට ඔවුන්ට ඒවා ඇසෙන්නේ නැහැ සමිත.

:       0       180

විජිත් Tuesday, 21 July 2020 06:30 AM

ඔව් පුජා, රටේ නිතිය මේ ඝාතකයින්ට සෙවනක් සලසනවාද කියලත් ප්‍රශ්නයක් මගේ හිතේ ඇතිවෙනවා. වැරදි වුණත්... මම යෝජනා කරන්නේ... ප්‍රදේශයේ, පරිසරයට, සතා සිව්පාවට.. ආදරේ කරන අය විසින් බලය අතට ගතයුතුයි. ඔය උගුල් අටවන.., අටවලා අහුවන " නොමිනිසුන් " අල්ලා හොඳට " අතේ පයේ හිරි ඇරගෙන.." අන්තිමට කැලෑවේ ගැටගසා දැමිය යුතුයි.. ඉතිරි ටික බඩගින්නේ ඉන්න කැලෑ සතුන් බලාගනිවි. මේ දිනවල ආහාරයට යමක් හොයාගන්න බැරි වනසතුන්ට "දානයක්" දීම උතුම් වූ පින්කමකි. කොහොමද මගේ අදහස..? ශිෂ්ටාචාරගත ලෝකයේ සිටින තවමත් ශිෂ්ටාචාරගත නොවූ නොමිනිසුන්ට ඔවුන්ගේ "භාෂාවෙන්ම" දීමට වෙනත් දඬුවමක් තියෙනවද..?

:       0       124

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 21 July 2020 06:42 AM

මට හිතෙන්නේ පූජා මේක අල්ලන්න බැරි මේකට එක්තරා දේශපාලනික හේතුවක් මත මේ මස් වැද්දන්ට ආරක්ෂාවක් තිබෙන නිසා.

:       0       123

පූජාTuesday, 21 July 2020 08:16 AM

විජිත් ඔයාගේ අදහස නම් හොඳයි. ඒත් ඉතින් ලංකාවේ තියෙන තියරිය හැටියට, වැරදි කරපු අය පැත්තක තියලා, අදහස කිව්ව අයව අල්ලලා ගස් බැඳලා, හම ඇරලා වන සතුන්ට කන්න දෙයිද දන්නේ නැහැ. කෝකටත් පරිස්සම හොඳයි.

:       0       123

Ruhunu Monday, 20 July 2020 09:20 PM

වනජීවී ආරක්ෂකයෝ බුදි...?

:       1       109

jayanath Tuesday, 21 July 2020 04:48 AM

වනජීවී එකේ අය පොල් ගානවද.?

:       1       120

jagath Tuesday, 21 July 2020 04:49 AM

ගන්න පඩියටවත් වැඩක් කරන්නේ නැති රජයේ නිලධාරීන්.

:       1       140

nandana Tuesday, 21 July 2020 12:44 PM

මෙහි සමහරක් මේ කොටින්ගේ මරණයට වනජීවී නිලධාරීන් වගකිව යුතු බව පවසනවා. නමුත්, ප්‍රායෝගික වශයෙන් වනජීවී නිලධාරීන්ට මධ්‍යම කඳුකරයේ කොටින් ගැවසෙන සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි සිය රාජකාරිය කළ හැකිද? එය හරියට අලින් රැක ගැනීමට රටේ වනාන්තර වටා කිලෝමීටර් සිය ගණන් දිග වැටවල් ගැසීම වැනිය. මෙවැනි දේ කිරීම සඳහා වනජීවී නිලධාරීන් දහස් ගණනක් අවශ්‍ය විය හැකි අතර, රටේ ආර්ථිකයට එවැනි විදමක් දැරිය හැකිද? ජනගහනයේ වර්ධනයත් සමග ලංකාව වැනි කුඩා භුමි භාගයක් ඇති රටක, සතුන්ට සහ මිනිසුන්ට එක ළඟින් ජීවත් වීමට සිදුවීම වැළක්විය නොහැකි දෙයක් වන අතර, එවැනි තත්වයක් යටතේ මෙවැනි සතුන් මිය යාම යථාර්තයක් පමණි.

:       1       25

Bandula Abey Thursday, 23 July 2020 02:30 AM

මගේ තීරණය මෙවැනි ජාතික සම්පතක් විනාශ වීම මිනීමැරීමක් හා සමාන බවයි.

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site