IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බලගොල්ලාගම සංහිඳේ කිරි ඉතිරීමේ මංගල්‍යය



වියළි කලාපයේ පුරාණ ගම්මානවල ජනතාව ඈත අතීතයේ සිටම තමන්ට හෝ තම පවුලේ කෙනෙකුට ඇතිවන කිසියම් අතුරු ආන්තරාවක් වළක්වා ගැනීමට නැතහොත් ඉදිරි යහපත් අරමුණක් සාර්ථක කර ගැනීමේ චේතනාවෙන් අයියනායක දෙවියන් උදෙසා බාරහාර වෙති.

එම බාර හාර නිදහස් කිරීමේ මංගල්‍යය හෙවත් ‘සංහිඳේ කිරි ඉතිරීමේ මංගල්‍යය‘ සෑම වර්ෂයකදීම, අගෝස්තු මාසයේ නියමකර ගත් දිනක වැව්තාවුල්ලේ රුක් සෙවනේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් චාරිත්‍රනුකූලව සිදු කෙරේ.

වයඹ පළාතේ පුත්තලම  කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉහළපුලියන්කුලම බලගොල්ලාගම ප්‍රදේශයේ ගම්වාසීන්ගේ බාරහාර නිදහස් කිරීමේ වාර්ෂික මංගල්‍ය හෙවත්  ‘සංහිඳේ කිරි ඉතිරීමේ මංගල්‍යය‘ අද (01) බලගොල්ලාගම වැවතාවුල්ලේ දී සිදුකෙරිණි.

මේ සඳහා විශාල පිරිසක් සහභාගි වී සිටි අතර බලගොල්ලාගම ප්‍රදේශයට  යාබද පුරාණ ගම්මාන වන මූණමල්ගස්වැව, පහළපුලියන්කුලම, මහගම, මැදගම ගම්මානවල  ජනතාවද නුදුරු ස්ථාන දෙකකදී ද අද දින මේ ආකාරයටම ‘සංහිඳේ කිරි ඉතිරීමේ මංගල්‍යය‘ සංවිධානය කර තිබුණි.

 



ඡායාරූප සහ විස්තර - කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි



අදහස් (8)

බලගොල්ලාගම සංහිඳේ කිරි ඉතිරීමේ මංගල්‍යය

පූජා Saturday, 01 August 2020 10:25 AM

වැව්තාවුල්ලේ, රුක් සෙවනේ, "සංහිඳේ කිරි ඉතිරීමේ මංගල්‍ය "මොනතරම් ලස්සන වැකි පෙළක්ද? සංකීර්ණ වූ නාගරික ජීවන රටාවකට පුරුදු වූ අයට මෙවැනි දර්ශන පෙළක්, පින්තූරයකින් හෝ දකින්නට ලැබීම භාග්‍යයකි. 5වෙනි පින්තූරයේ පෙනෙන දර්ශනයට සිත් ගියේ, මහ පොළවේ පය ගසා ජීවත් වෙන, දොහොත් මුදුන් දී තම ශ්‍රද්ධාව පෙන්වන සැබෑ ගැමියෙකුගේ දසුනක් දැක ගැනීමට හැකිවූ බැවිනි.

:       1       255

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 01 August 2020 12:46 PM

පූජා,මේවා අපගේ සංස්කෘතික ලක්ෂණ. මේවා ජාතියකට පොදු උරුමවූ දේවල්. ඔයා අහලා ඇති පිටරටවල තිබෙන අස්වැන්න නෙළන කාලයට පවත්වන හෙලොවීන් උත්සවය. ඒ මිනිසුන් දියුණු වුණාට පැරණි සංස්කෘතික දේවල් මහා ආශාවකින් පවත්වාගෙන යනවා. සංස්කෘතියක ඇති අගය ඒ අය දන්නවා. මේවා අැසීමෙන් දැකීමෙන් මාත්, අපමණ සතුටක් ලබනවා.

:       1       255

පූජාSunday, 02 August 2020 06:29 AM

සමිත, මේ ලස්සන ගැමි ජීවිතය ගැන ලස්සන කවියක් ලියන්නකෝ. ඔයාට ලස්සනට කවි ලියන්න පුලුවන්නේ.. අපේ දයාබර මිතුරු විජිත් මහතාත් වරෙක මෙහි කියල තිබුණා. ඔයාට ලස්සනට කවි ලියන්න පුලුවන් කියලා. අපිට නම් කවි ලියනවා තියා හිතන්නවත් බැහැ.

:       1       111

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 01 August 2020 04:11 PM

විමලරත්න කුමාරගම කවියා වන්නියේ උප දිසාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ ගැමියන්ගේ ජීවන රටාව හා බද්ධ වී සිටියා. ගැමියන්ගේ විඤ්ඤාණයට ගැලපෙන ආකාරයට ඔහු කවි ලිව්වා. ඔහු ලියූ අයියනායක කවි පෙළ මාගේ බෙහෙවින් සිත් ගත් දෙයක්. " සෙවනැලි අවධි නොමවන වැව් ඉවුරු කොනේ - කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ - මල කා කළුව ගිය ආයුධ කැබලි පෙනේ - දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ " වන පෙත දැවෙන විට වැද මළ හිරුගේ රත - ඝනදුර වසනවිට ආලෝකයෙහි නෙත - සඳරැස් ගලනවිට තෙරපී සෙවන මත - එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත " ‘‘ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන - අහුමුලු නෑර සිය අණ සක පතුරුවන - බලවත් අයියනායක දෙන ගොදුරු ගෙන - මේ අය රකිනු මැන යන එන සියලු තැන "

:       0       105

ඩී. එම්. එස්. මැදගම Saturday, 01 August 2020 04:23 PM

මීට අවුරුදු විස්සකට කලින් ඒ් සඳහා සහභාගි වූ කෙනෙක් හැටියට මට හරිම සතුටක් දැනෙනවා.. ඒ මගේ ගම් ප්‍රදේශය නිසා... මේ පින්තූරයේ සිටින වැඩි දෙනෙක් මගේ හිතවතුන්, මෙන්ම ඥාතීන්. විශේෂයෙන් මෙහි වාර්තාකරු ජයා, මගේ හොඳ මිතුරෙක්.. ඔහු මම අවුරුදු ගණනකින් දැක්කේ නැහැ. මෙහිදී සඳහන් කළ යුතු වන්නේ මිනිසා සහ පරිසරය අතර පවත්නා වෙන්කළ නොහැකි එකිනෙක බැඳුණු දැඩි මානවීය බැඳීමක් බවයි.

:       0       34

ඩී. එම්. එස්. මැදගම Saturday, 01 August 2020 04:23 PM

මීට අවුරුදු 20කට කලින් ඒ සඳහා සහභාගි වූ කෙනෙක් හැටියට මට හරිම සතුටක් දැනෙනවා.. ඒ් මගේ ගම් ප්‍රදේශය නිසා.. මේ පින්තුරයේ සිටින වැඩි දෙනෙක් මගේ හිතවතුන්, මෙන්ම ඥාතීන්. විශේෂයෙන් මෙහි වාර්තාකරු ජයා, මගේ හොඳම මිතුරෙක්... ඔහු මම අවුරුදු ගණනකින් දැක්කේ නැහැ. මෙහිදි සඳහන් කළ යුතු වන්නේ මිනිසා සහ පරිසරය අතර පවත්නා වෙන්කළ නොහැකි එකිනෙක බැඳුණු දැඩි මානවීය බැඳීමක් බවයි.

:       1       22

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 01 August 2020 05:58 PM

දෙවියෙකු ඇතත් නොමැතත් මේ කැපවීම සිදුවූ අයුරු සංහිඳ කිරි ඉතිරීම පිරිසිඳු හදින් යුතු ගැමියන් පැමිණීම සිත් මල් පිපෙනවා සැමගේ එකසේම

:       0       105

Vidya Saturday, 01 August 2020 07:16 PM

වැඩේ නම් හොඳයි. ප්‍රශ්නෙ තියෙන්නේ මුහුණු ආවරණ නැති කම. කොරෝනා වැළඳුණොත් දෙයියන්ගේම පිහිට තමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site