
(නිමල කොඩිතුවක්කු)
කුරුණෑගල නගරයේ පිහිටි බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය විනාශ කිරීමට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සමගි ජනබලවේගය කොළඹ ලිප්ටන් වටරවුමේ දී අද (22) විරෝධතාවක නිරතවිය.
පුරාවස්තු විනාශ කළ කුරුණෑගල නගරාධිපතිවරයා අත්තඩංගුවට ගෙන වහාම නීතිය හමුවට ඉදිරිපත් කරන්නැයි විරෝධතාකරුවෝ එහිදී රජයෙන් ඉල්ලීමක් කළහ.
අද දහවල් 12 සිට කොළඹ ලිප්ටන් වටරවුමට රැස්වූ විරෝධතාකරුවෝ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවේ නිරත වූහ.
විරෝධතාවය සඳහා සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
විරෝධතාවය අතරතුර අදහස් දැක්වූ සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ පැවසීය
‘‘කුරුණෑගල නගරාධිපතිවරයා විසින් රාත්‍රීයේදී හොර රහසේ නගරයේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය විනාශ කර තිබෙනවා. රජය කමිටු පත් කරමින් කල් මරමින් සිටියත් අදවන තෙක් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට මේ රජය කටයුතු කර නැහැ.
මේ ආණ්ඩුව එක රටක් එක නීතියක් කියා බලයට පත් වුණත් පොහොට්ටුවට සම්බන්ධ පිරිස් වලට එක නීතියකුත් විපක්ෂයට සහ සාමාන්‍ය ජනතාවට තවත් නීතියකුත් ක්‍රියාත්මක වනවා.
පුරාවිද්‍යා පනත යටතේ පන්සලක ලිදක් කැපුවත්, ගෙදරක දොරක් වෙනස් කරත් නීතිය ක්‍රියාත්මක කරන යුගයක පුරාවස්තු විනාශ කිරීමේ වරදට නගරාධිපතිවරයා අත්අඩංගුවට ගන්නෙ නැත්තේ ඇයි කියලා අපි මේ ආණ්ඩුවෙන් අහනවා.
තමන් දිස්ත්‍රික් නායකයාව සිටින තෙක් කුරුණෑගල නගරාධිපතිවරයාගේ මයිල් ගහකට වත් හානියක් වෙන්න ඉඩ දෙන්නෙ නැහැ කියලා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඇයි මේ අයට නීතිය ක්‍රියාත්මක නොවන්නේ කියලා සමගි ජන බලවේගය විදිහට අපි ප්‍රශ්න කරනවා.
මේ ආණ්ඩුව ජනතාද්‍රෝහී කටයුතු වලට එරෙහිව අපි අඛණ්ඩව විරෝධතා ක්‍රියාත්මක කරනවා. සැමට සමාන නීතියක් ක්‍රියාත්මක කරමින් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන රජයක් සජිත් ප්‍රේමදාස ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අගෝස්තු 5 දා අපි බිහි කරනවා‘‘ යැයිද ඔහු එහිදී පැවසීය.
සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් කොළඹ ලිප්ටන් වටරවුමේ දී විරෝධතාවයේ නිරත වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
(ඡායාරූප : ලහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් අය මොකද බුවනෙකභාහු විරෝධතාවෙට එක්වෙලා.
අර දොස්තරට විරුද්ධව පිකට් කරන්න හයියක් තිබුණේ නැද්ද?
රට බේරාගත් නායකයාගේ කීර්ති නාමය විනාශ කරන්න එක්සත් ජාතික පක්ෂයෙන් එකතුවුණු අය අමුද්‍රව්‍ය හොයලා දෙනවා. අද ඒ මිනිස්සු නායකයෝ වෙලා තියෙනවා. පැරැණි වාමාංශික වැදගත් දේශපාලකයෝ කොන් වෙලා තියෙනවා.
බුදු අම්මෝ..!! පහුගිය කාලයේ මේ අය කොහේද හිටියේ..? මල්ටිපල් ජාතියම ඩෝසර් කරද්දී... දැන් තමයි මතක්වෙලා තියෙන්නේ.. මේක දේශපාලන ගැටලුවක් කරගෙන වාසි ගන්න එපා..
විපක්‍ෂයක් ලෙසට ආණ්ඩුවක් විසින් සිදු කරන සහ සමාජයේ සිදුවෙන සියලු වැරදි කෙරේ අවධානයෙන් සිටීමත් ඒවාට විරෝධය පලකිරීමත් එයට මහජනයාගේ අවධානය යොමු කිරීමත් ඉතා අගනේය. එය සැබෑ විපක්‍ෂයක මූලික හරය වන්නේ ය. එහෙත් මෙම උද්ගෝශණය ගැඹුරින් අධ්‍යනයක්වත් නොකර මතුපිටින් බැලුවත් පෙනෙන සත්‍යයක් ඇත. මෙම විරෝධතාවේ නිරතව සිටින පිරිස් ආණ්ඩු බලයේ සිටින අවධියේදී මුහුදු මහා විහාරයට, කූරගල පන්සලට, මුලතිව් පන්සලට, රංගිරි දඹුලු විහායට ආදී ලෙස පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථානයන්ට සිදු වූ දෙය හා එහිදී මෙම පිරිස කටයුතු කළ ආකාරය සිහිවෙන්නේ නිරායාසයෙනි. එහිදී මුණිවත රැකි හා සමහර අවස්ථාවන් මෙහෙයවූ සහ සහයෝගය දැක්වූ මෙම පිරිස විපක්‍ෂයට පැමිණි පසු විතරක් මෙලෙස හැසිරෙන්නේ සැබෑ අවශ්‍යතාවයට ද නොඑසේව මහජන මතය තමා කෙරේ ආකර්ශණය කර ගැනීමට ද යන්න පැහැදිලි ය.
මේකේ පෝස්ටර් ටික බැලුවා. වහල් ආණ්ඩුව කාලේ "එක රටක් එක නීතියක්' තිබුනේ නැති බව එහි ප්‍රධානම හවුල්කරුවන් වූ මේ අයටත් අමතක වෙලා වගේ. "එක රටක් එක නීතියක්" කියලා ජනාධිපතිවරණය කාලේ අපේ කට්ටිය කරපු සිංහනාදත් අද කිසි වටිනාකමක් නැති කැනහිල්නාද වෙලා. මුලතිව් ඓතිහාසික ගුරුකන්ද විහාර භූමියෙන් කොටසක් බලහත්කාරයෙන් අයිතිකරගන්න හදන දෙමළ දේශපාලකයන්ටත්, මුහුදු මහා විහාරයේ ඉඩම් බලෙන් අල්ලාගත් සහ මාවනැල්ලේ බුදු පිළිම කැඩූ මුස්ලිම් පුද්ගලයන්ටත්, කුරුණෑගල රාජ සභා මණ්ඩපයේ කොටසක් කැඩූ සිංහල නගරාධිපතිටත් නීතිය එක වෙන්න ඕනේ. මේ ගොල්ලන්ගේ ආණ්ඩුව කාලේ උතුරු නැගෙනහිර සිද්ධස්ථාන ඩෝසර් කරන කොට මෙහෙම පෝස්ටර් අල්ලන් හිටියේ නැත්තේ ඇයි?
“කුරුණෑගල රාජසභා මණ්ඩපය හැදුව බුවනෙකබාහු රජ්ජුරුවෝ මුස්ලිම් කාන්තාවක් සමඟ විවාහ වෙලා හිටිය” කියලා අගමැතිතුමා කිව් ඉතිහාසය වැරදියි. ඒ කතාව අදාළ වෙන්නේ යාපහුව රාජධානිය කරගත්ත පලවෙනි බුවනෙකබාහු රජුට. ඔහුගේ බිසවට (රන් දෝලියට) කාලයක්ම දරුවෝ ඉඳල නැහැ. පස්සේ තමයි මුස්ලිම් කාන්තාවක් මගදී හම්බ වුනා කියන්නේ. රජුගෙන් දරුවෙක් ලැබෙන්න හිටපු නිසා ඇයට සාධාරණයක් කරන්න (යකඩ දෝලිය විදිහට) රජ මාලිගයේ ඉන්න දීල තියෙනවා. පහුකලෙක පලවෙනි බුවනෙකබාහු රජු යුද්ධෙකට යනකොට රජුගේ සිංහල බිසවට (රන් දෝලියට) දරුවෙක් ලැබෙන්න ඉඳලා. ඔහු යුද්ධෙ දිනලා එනකොට කළු කොඩියක් පෙන්නලා කරපු විහිළුව හින්ද සිංහල බිසව සහ ඇගේ පරිවාර කාන්තාවෝ ගලෙන් පැනල මැරුණා. රජ බිසව මැරුණු බව අහපු රජ වාසල රෙදි හෝදන කාන්තාව, කුඩා රාජ කුමරයාව සහ ඔහුගේ රාජකීයත්වයට සාක්කි විදිහට රන් හවඩියකුත් අරගෙන රජ මාලිගයෙන් පිටවෙලා ගිහින් ගොවි පවුලකට දීල රහසේ හදා ගන්න. ඔහු තමයි පසු කාලෙක දෙවෙනි බුවනෙකබාහු නමින් රජ වෙන්නේ. මුස්ලිම් යකඩ දෝලියගේ පුතා මාලිගයේ හිටියට ඔටුනු පැලන්දේ නැහැ. අපැහැදිලි වත්හිමි කුමාරයෙක් ගැන කියන්නේ නිකාය සංග්‍රහය විතරයි. මහාවංශයේ හෝ චුලවංශයේ නැහැ.
අපේ උරුමය රකින්න පාඨලී මුස්ලිම් අය ගැනත්, කොහෙන් හිනා වෙන්නද මන්දා.?
අනිත් පෝස්ටර්, "අද බුවනෙකබාහු හෙට පරාක්‍රමබාහුද?", "පොදුජන පෙරමුණෙන් දළදා මාලිගාව රැකගමු" හා "අටමස්ථානය රැක ගමු" කියන ඒවා නම් කාලීන පෝස්ටර. ඒ මොකොද කිව්වා නම් අනුරාධපුරෙන් අක්කර ලක්ෂයක් ඇමරිකන් සමාගමකට දෙන්න යනව කියනව කෝමාරිකා වවන්න. ඒ කියන්නේ වහල් ආණ්ඩුව ETCA ගිවිසුම අත්සන් නොකරම ඉන්දියාව ඉල්ලපු විදිහට මත්තල, පලාලි, නැගෙනහිර ජැටිය දෙන්න හැදුවා වගේ, රාජපක්ෂ ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කරන්න ඉස්සෙල්ල ඒකෙ ඉල්ලන ඉඩම් දෙන්න වගේ හදන්නේ. ඒව නම් හරියන්නේ නැහැ. උතුර, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව, වයඹ, දකුණ, සබරගමුව පළාත්වල අඟලෙන් අඟලට තියෙන්නේ උදාර ඉතිහාසයක නටබුන්. ඒ වගේම අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, රන්ගිරි දඹුලු ලෙන සහ නුවර, යුනෙස්කෝ ලෝක සංස්කෘතික උරුමයන්. ලංකාවේ තව බොහෝ පැරණි නගර ඒ ලැයිස්තුවට එකතු වෙන්න ඕනේ. රාවණා ඉතිහාසය ගැන තාම කැණීම්වත් කරලා නැහැ. ඒහින්ද රාජපක්ෂ මහත්වරු සහ පොදුජන පෙරමුණ හිතනවා නම් තමන්ට ඕනේ විදිහට විදේශීකයන්ට බෙදා දෙන්න ලංකාව ඒ ගොල්ලන්ගේ පරවේණියක් කියල, ඒක එහෙම නොවෙන බවත්, සිංහල බෞද්ධයන් ඒගොල්ලන්ව බලයට ගෙනාවේ අපේ උරුමයන් විකුණන් කන්න නොවෙන බවත් මතක් කරන්න කැමතියි.
"අරක්කු ජොනීගෙන් ජාතික උරුමය බේරා ගමු" ලු. දැන් මෙහෙම අරක්කු ගැන කතා කරන්නේ පාසල් දරුවන්ට සිසිල්බීම වලට වඩා බියර් හොඳයි කියපු අයම නේද? එදා හවුලේ සිංහල බෞද්ධ සමාජය විනාශ කරපු මිනිස්සු.. එ්ක ජොන්ස්ටන්ගෙන් ජාතික උරුමය බේරාගන්න අද කතා කරන එක විහිළුවක්... ලංකාව මත්පැන් සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ. එතකොට ජොන්ස්ටන්ටත් එයාගේ අරක්කු මෝල වහන්න වෙයි. ජොන්ස්ටන් කියන්නේ වහල් ආණ්ඩුව පන්නපන්න පලිගත්ත කෙනෙක්... ඉස්සෙල්ලාම මාස තුනකටද කොහෙද බොරු නඩුවකට හිරේ දමපු වෙලාවේ ජොන්ස්ටන්ට නිදාගන්න දුන්නේ.. හිරගෙදර වැසිකිළිය ඉස්සරහ බිම වගේ කිව්වා මට මතකයි. ඒ කාලේ ඉවරයි කියලා කිව්වේ ඒක නිසා වෙන්නැති. නීතිය අවනීතිය කරලා ඒ ආණ්ඩුව කරපු දේවල් මිනිස්සුන්ට අමතක නැහැ. හැබැයි ජොන්ස්ටනුත් ටිකක් කට වහගෙන හිටියා නම් හොඳයි. වෙන සාක්කි අවශ්‍ය නැහැ. කඩපු පුද්ගලයාගේ මුදලින් නැවත හදන්න ඕනේ වගේම නීතිය අනුව හිරේ යන්නත් ඕනේ. ජොන්ස්ටන්ට කැමති නම් ඉතින්.. බුවනෙකබාහු රාජ සභාව වෙනුවට කැකිල්ලේ රාජ සභාව කැඳවලා තීරණයක් ගන්නත් පුළුවන් නේද, අගමැතිතුමා..?
“පුරාවස්තු විනාශ කිරීම ගැන අද හැම තැනකම කතා වෙනවා. අපේ අභිමානවත් ඉතිහාසයේ ජීවමාන සාක්ෂි මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුතු බවට කිසිම විවාදයක් නැහැ. කූරගල, විජිතපුර ඩෝසර් කරද්දි කරබාගෙන ඉදපු පහුගිය යහපාලනයේ හෙංචයියොත් අද පුරාවස්තු ආරක්ෂා කිරීම ගැන රජයට උපදෙස් දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. මුහුදු මහා විහාරාධිපති මරන්න එද්දි. කිලිනොච්චිය අපවත් වූනු හාමුදුරුවෝ ආදාහනය කරන්න ඉඩ නොදෙද්දි කොහේද මේ උන්දැලා හිටියෙ...
"සර් යන්නේ කොයි පාරේ - ඩෝසර් එක ගිය පාරේ" -- මට දැන්නේ මේක තේරුනේ. කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට නොගන්නේ ඒකයි. රටේ ඉහළම නායකයා පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන ඩෝසර් කරලා ජාතියේ අනන්‍යතාවය නැති කරන්න හදනවා. MCC ගිවිසුමත් එ්ක අත්සන් කරලා අනුරාධපුරයත් ඩෝසර් කරන්න හිතා ඉන්නවා වෙන්න ඇති.
දීඝවාපිය, කූරගල, මුහුඳු මහා විහාරය, ශ්‍රීපාද රක්ෂිතය, තව කොච්චර තැන් විනාශ කලාද.?
අරක්කු ජොනීගෙන් ජාතික උරුමය බේරාගමු කියලා බෝඩ් එක අල්ලන් ඉන්නේ කවුද කියලා බලන්නකෝ...