උඩරට මඟේ දුම්රියක් පිලී පනී නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියේ පිලී පැනීමට ලක් වූ දුම්රිය මැදිරිය පිලිගත කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 18 August 2020
මරදමඩු මංගල්‍යය උත්සවාකාරයෙන් අවසන් වෙයි ඓතිහාසික මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මහා දිව්‍ය පූජා දේව මෙහෙය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන්ට අනුකූලව පැවත්වූ බවට මඩු දේවස්ථානයේ පාලක පෙප්පි සුසෙයි පියතුමා පැවසීය. 16 August 2020
ක්‍රීඩා ඇමැති නාමල් රළමත ලිස්සන්න යයි හම්බන්තොට වෙරළ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (15) උදෑසන හම්බන්තොට වෙරළ තීරයේදී රළමත ලිස්සා යාමේ ක්‍රීඩාවේ (සර්පින්) නිරත වීය. 15 August 2020
කොළඹදී පාකිස්තාන නිදහස් දිනය සැමරේ පාකිස්තානයේ 74 වැනි නිදහස් දින උත්සවය වෙනුවෙන් විශේෂ උත්සවයක් කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේදී අද (14) පැවැත්විණි. 14 August 2020
මහාචාර්ය ධම්මික ගංගානාත් අවසන් ගමනේ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා ආගමික වතාවත් අද (13) සවස මත්තේගොඩ සම්බුද්ධි වත්තේ පිහිටි ඔහුගේ නිවසේ දී පවුලේ ඥාතීන් ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. 13 August 2020
වැසි සමඟ මධ්‍යම කඳුකරයේ දිය ඇළි සක්‍රීය වෙයි මධ්‍යම කඳුකරය පුරා මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර සියල්ල ජලයෙන් පිරී පවති. 12 August 2020
පුත්තලම බඩ ඉරිඟු ගොවින්ට සාර්ථක අස්වැන්නක් පුත්තලම දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නය සදහා වගා කළ බඩඉරිඟු වගාවන් තුළින් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී ඇති බව ගොවියෝ පවසති. 12 August 2020
වැටුප් වර්ධක ඉල්ලා වරාය සේවකයෝ විරෝධතාවයක වැටුප් වර්ධක ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වරාය නගරයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට සේවකයෝ පිරිසක් අද (12) විරෝධතාවයක නිරතවුහ. 12 August 2020
අගමැති මහින්ද වැඩ බාරගනී 2020 මහ මැතිවරණයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් 5,27,364 ලබාගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස අද (11) දිවුරුම් දුන්නේය. 11 August 2020
ඉලන්තඩියේ කස වනාන්තරය මුහුදට බිලිවෙයි ඉලන්තඩිය වෙරළ තීරයේ ඇති සුළං බාධකයක් ලෙස පවතින කස වනාන්තරය මුහුදු ඛාදනයට ලක්වී විනාශ වෙමින් ඇති බව පරිසරවේදීහු චෝදනා කරති. මේ වන විට කස වනාන්තරයේ දැවැන්ත ගස් සිය ගණනක් මුහුදට ගසා ගොස් තිබේ. 11 August 2020
කොරෝනාවෙන් පසු පාසල් යළි විවෘත කරයි කොවිඩ් -19 වසංගතයත් සමඟ දිවයින පුරා වසා දමා තිබූ සියලුම පාසල් අද (10) යළි විවෘත කෙරිණි. 10 August 2020
අගමැති දිවුරුම් දීමේ උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිව්වැනි වරටත් මහින්ද රාජපක්ෂ මහතා අද (9) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 09 August 2020
කොබ්බෑකඩුව 28 වැනි ගුණසැමරුම ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ 28 වැනි ගුණසැමරුම් උළෙල, මේජර් ජෙනරාල් ප්‍රතාප් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේදී අනුරාධපුර ශික්ෂණ රෝහල් වට රවුමේ පිහිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුව අභියසදී ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්විණි. 08 August 2020
ඉන්දියාවේ ගුවන් අනතුර දරුණු වැසි සහ සුළං හේතුවෙන් දකුණු ඉන්දියාවේ ගුවන්තොටුපළකදී යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබේ. මෙම ගුවන් යානයේ මගීන් 190 ක් පමණ දෙනා ගමන් කර ඇති අතර මියගිය අය අතර ගුවන් යානයේ නියමුවාද වෙයි. 08 August 2020
මැතිවරණයේ ජය සමරති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දිවයිනේ ප්‍රදේශ ගණනාවක පොදුජන පෙරමුණේ පාක්ෂිකයෝ කිරිබත් පිස ප්‍රීතිඝෝෂා පැවැත්වූහ. කොළඹ කොටුවේදී සමස්ත ලංකා ස්වයං රැකියා සමිති සම්මේලනයේ පිරිස එය සැමරූ ආකාරය ඡායාරූපවල දැක්වේ. 07 August 2020
අපේක්ෂකයෝ ප්‍රතිඵල එනතුරු ඇඟිලි ගණිති හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල ගණනය කරන ප්‍රධාන මධ්‍යස්ථානය වන සුචී ජාතික පාසල වෙත පොදුජන පෙරමුණේ අපේක්ෂකයෝ කිහිපදෙනෙක් අද(06) පැමිණ සිටියහ. 06 August 2020
කඳුකරයේ දියඇලි හැඩවැඩ වෙයි උඩරට මධ්‍යම කඳුකර ප්‍රදේශ ආශ්‍රීතව පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් කඳුකරයේ පිහිටි ලොකු කුඩා සියළුම දිය ඇලි ජලයෙන් පිරී ඉතාමත් සුන්දර දසුන් මවමින් කඩා හැලෙමින් පවතින අයුරු දක්නට ලැබේ. 06 August 2020
වර්ෂාවෙන් තැන තැන පීඩා දිවයින පුරා බලපෑ වැහි සහ තද සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් විවිධ ප්‍රදේශවල නිවාසවලට හානි සිදුවී තිබේ. 06 August 2020
ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යති මහමැතිවරණය අද (5) පස්වරුවේ අවසන් වූ අතර මුද්‍රා තබන ලද ඡන්ද පෙට්ටි මේ වන විට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන එමින් පවතියි. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වන කොළඹ ඩී.එස් සේනානායක සහ කොළඹ රාජකීය යන විද්‍යාල වෙත එම ඡන්ද පෙට්ටි පොලිස් ආරක්ෂාව මත රැගෙන ආ අයුරු... 05 August 2020
දඹානේ ආදිවාසීහු ඡන්දය දමති මහමැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දඹානේ ආදීවාසීහු ද ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණියහ. 05 August 2020
පක්ෂ නායකයෝ ඡන්දය දමති මහමැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පක්ෂ නායකයන්, අපේක්ෂකයන් සහ මැතිඇමැතිවරුන් අද(05) ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණි ආකාරය මෙම ඡායාරූපවලින් දැක්වේ. 05 August 2020
ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි මහ මැතිවරණය වෙනුවෙන් අද(05) දිනයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව උදෑසන පටන් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටිති. 05 August 2020
මහනුවර ඇසළ පෙරහර නිමාවට මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ විශේෂ අංගයක් වූ දහවල් පෙරහර අද (04) පස්වරුවේ විදී සංචාරය කෙරිණි. 04 August 2020
ඇසළ පෙරහරේ දියකැපීමේ මංගල්‍යය මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහරේ සමාප්තිය ගැටඹේ මහවැලි ගං තොටේදි අද (04) අලුයම දිය කැපීමේ චාරිත්‍රයෙන් අවසන් විය. 04 August 2020
හක්කපටස් පිපිරී තුවාල වූ හැළ කිඹුලාට වනජීවි ඒකකයෙන් ප්‍රතිකාර ගිල දැමූ හක්කපටස් පිපිරීමෙන් තුවාල ලබා නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයට ඇතුළත් කළ හැළ කිඹුලාට අද (04) එම නිලධාරීන් ප්‍රතිකාර ආරම්භ කර තිබේ. 04 August 2020
ඡන්ද පෙට්ටි නිකුත් කරයි දිවයින පුරා හෙට (5) පැවැත්වෙන මහමැතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. 04 August 2020
රන්දෝලි පෙරහර ගමන් අරඹයි මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර අද (03) පස්වරු 7.14 ට යෙදෙනු සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් ඇරඹීය. 03 August 2020
‘බය නැතිව ඡන්දය දෙන්න එන්න’ ඡන්දය ප්‍රකාශකරන ඡන්ද පොළ සියල්ල 100%ක් කොරෝනා අවදානම නොමැති ස්ථාන බවට තහවුරු කර ඇති නිසා බිය නැතිව පැමිණ ඡන්දය ලබාදෙන්නැයි ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 03 August 2020
අවසන් රන්දෝලි පෙරහරට සියල්ල සූදානම් මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර අද (03) රාත්‍රී 07.14 ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතය. 03 August 2020
පොහෝ දින විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරී යයි අදට යෙදී ඇති නිකිණි පුන් පෝය නිමිත්තෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය රුවන්මැලිසෑය ,අටමස්ථානය ඇතුළු දිවයින පුරා විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරී පැවතිණි. 03 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026