IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කඳුකරයේ දියඇලි හැඩවැඩ වෙයි

(ශාන්ත චන්ද්‍රසිරි)

උඩරට මධ්‍යම කඳුකර  ප්‍රදේශ ආශ්‍රීතව  පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් කඳුකරයේ පිහිටි ලොකු කුඩා සියළුම දිය ඇලි ජලයෙන් පිරී  ඉතාමත් සුන්දර දසුන් මවමින් කඩා හැලෙමින් පවතින අයුරු දක්නට ලැබේ.

දිය ඇලිවල මෙසේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්  වෙනත් දිනවලට වඩා දිය ඇලි විවිධාකාර  හැඩතල මවමින් කඩා හැලෙමින් පරිසරයට අපුරු සුන්දරත්වයක් ගෙන දෙනු ලැබේ.

(රංජිත් රාජපක්ෂ-ඩෙවෝන් ඇල්ල)

(ශාන්ත චන්ද්‍රසිරි - ඩෙවෝන් ඇල්ල)

(ශාන්ත චන්ද්‍රසිරි- සෙන්කෙලයාර් ඇල්ල)

(ශාන්ත චන්ද්‍රසිරි - කඩියන්ලෙන ඇල්ල)



අදහස් (7)

කඳුකරයේ දියඇලි හැඩවැඩ වෙයි

පූජා Thursday, 06 August 2020 07:51 AM

කඳුකරයේ සියලුම ලොකු පොඩි දිය ඇලි අධික වැසි සහිත කාලවලදී දකින්නන්ගේ නෙත් සිත් පැහැර ගනිමින් කොමළ ගමනින් පහළට ගලා හැලෙන්න ඇති... අධික ලෙස වැස්සොත් විතරනේ, ඒ අසිරිය.. පායන කාලවලදී කෝ ඒ අසිරිය? නුඹලා කෘශවෙලා ගිහිල්ලා, එහෙම නැත්නම් වේලිලා ගිහිල්ලා.. ඒ විදියට ඉන්න කොට කව්ද නුඹලාගේ අසිරිය විඳින්නේ? කාලයක් මමත් මේ සුන්දර දිය ඇලි කොමලියන්ගේ සුන්දරත්වයෙන් වශීකෘත වෙලා හිටියා... සිත නුඹලාගේ දැක්මෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් වුණා. දැනුත් නැතුවාම නොවේ. ඇති නැතිවීම ලෝක ස්වභාවය කියලා හැඟෙන කොට සිතට දැනෙන්නේ ගුප්ත හැඟීමක්.." ලස්සන සැමදේ මොහොතට සුව දේ "නාරද දිසාසේකරයන් කලකට උඩදී ගායනා කරන ලද ඒ අරුත් බර ගීතයත් මේ මොහොතේ මගේ සිතට වද දෙනවා. කමක් නැහැ, මම අදත් වෙනදා වාගේම නුඹලාගේ අසිරිය විඳින්නම්... ඒත් එම අසිරියේ කුමක්දෝ අඩුවක් තිබෙන බව හැඟෙන කොට සිතට දැනෙන්නේ දුක්ඛිත සිතුවිල්ලක්...

:       3       213

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 06 August 2020 08:04 AM

"කොරෝනා මැදින් ගැයූ ඒ දුක්බර ගීතේ ... මඳකට හෝ නිමවීම සතුටකි ජනතා සිතේ ... ඡන්ද සටන නිමවී ඇත ගතෙහි සිතේ .. සොබා සිරිය විඳිනෙමූ හිඳ හිඳ සීතේ ... "

:       3       211

විජිත් Thursday, 06 August 2020 01:59 PM

අද වෙනස් දවසක්.. මේ එදා කඩා හැළුණු සුදුම සුදු දියදහරාවන් නොවෙයි. ඒ සුන්දර දිය ඇල්ල කොහේ ගිහින්ද...? ඒ වෙනුවෙට මට පෙනෙන්නේ ඇස් රතු , ජල රකුසෙක්, හදවතේ කිසිම තෙතක් ,අනුකම්පාවක් නොපෙන්වන දඩබ්බරයෙක්... අන්තිම ෆොටෝ එක බලන්න ආයෙත් වතාවක්.. දෑස් පිසදාලා... දිය ඇල්ලට උඩින් තියෙන වගා බිම් පාලු කරගෙන, ගම්දනව් පිසදාගෙන, ගෙවල් දොරවල් කඩා බිඳදමමින්... ඒ පළාතේ ජීවත්වන අහිංසකයින්ගේ දෑස්වලට දුක් කඳුළු වගුරුවා, උතුරවමින් වියරුවෙන් මෙන් කඩා වැටෙන දුඹුරු වර්ණයෙන් යුත් ප්‍රචණ්ඩකාරී දිය රකුසෙක්... මම ආයෙත් කියනවා මිනිස්සුනේ.. මේ සොබාදම් අම්මගේ දුක් කඳුළු.. ඇය හඬා වැටෙනවා ...ඇයට කල හැක්කේ එපමණයි. ළඟම එන මහා ඛේදවාචකයක පෙරනිමිතිද?

:       0       211

පූජාFriday, 07 August 2020 06:16 AM

ඔබ මෙතෙක්, මෙතරම් හිත් වේදනාවකින් සටහන් ලියනවා මා දැක නැත. පෑරුණු හදවත් සුවපත් කිරීමට ඇති එකම මඟ "කාලයයි." කාලය විසින් සියල්ලම යහපත් ලෙස විසඳා දෙනු ඇත. ඉදිරියටත්, ඔබේ ලස්සන, අරුත් බර සටහන් අපට කියවීමට හැකියාව ලැබේවා.!

:       141       212

සමිත සේනක අලුත්ගමගේ.Friday, 07 August 2020 07:53 AM

විජිත්, ඔයාගේ සටහනට මාත් සංවේදී වුණා...

:       0       211

kriss Thursday, 06 August 2020 02:00 PM

මොන සොබා සිරියක්ද? පේන්නේ නැද්ද වැස්ස වළාහක දෙවියන් කෝප වෙලා..., මහ වැසි වස්සවා, ගස් කොළන් සොලවා, උදුරා දෙදරා, ගස් කොළන් බිමට පතිත වී මිනිසුන්ගේ ගෙවල් දොරවල් කුඩු පට්ටම් වී තිබෙන හැටි... පාරවලුත් අවහිර වෙලාලු... ඇයි මෙහෙම අසරණ මිනිසුන්ව පෙලන්නේ? සොබාදහමත් හැමදාම කරදර කරන්නේ දුප්පතාටමයි. ඒකෙත් හැටි නේද?

:       6       117

සමිත සේනක අලුත්ගමගේ.Friday, 07 August 2020 03:56 AM

ලංකාවේද ඉන්නේ..? මොන වැස්ස වලාහක දෙවියෙක්ද? මේක සොබා දහම අව්ව, වැස්ස, සුළං මේවා අපට පාලනය කරන්න බැහැ. ටිකක් පුළුල්ව සිතන්න. විටෙක අපව සනසන සොබාදහම විටෙක අප හඬවනවා. මේක ලෝක ස්වාභාවය... වෙනස් නොවන ස්ථිර දෙයක් ලොව නැහැ. සැමදේම කිසියම් වෙනස්වීමකට භාජනය වී අවසානයේ විනාශයට පාත්‍ර වෙනවා. මේක තමයි සනාථන දහම... පීඩාවට පත් ජනතාව ගැන කණගාටුයි. ඒත්, මොනවා කරන්නද? නින්දා ප්‍රශංසා සැප දුක් ආදී අටලෝ දහම අප කාටත් පොදුයි. මා කවි ලිව්වේ දිය ඇල්ලේ සේයාරුවට මිසක් අනතුරු සිදුවූ එකකට නොවෙයි. ඔබ ඒ සඳහා වෙනත් දෙයක අදහසක් දී ඇත. කරුණාකර සේයාරුවට අදාළ දේ ලියන්න. ඔබ ලියාඇත්තේ වෙනත් සේයාරුවකට අදාළ සටහනකි. අවශ්‍යදේ අවශ්‍ය වෙලාවට යොදාගන්න. පටලවා නොගන්න. ස්තූතියි.

:       0       161

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site