ස්වර්ණ පුස්තක සම්මානය ’පේත’ නවකතාවට සාහිත්‍යය මාසයට හා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ 14 වැනි වරටත් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ඊයේ (12) පැවැත්විණි. 13 September 2020
ගංවතුර පාලනය කරන්න 30 වසරකට පසු තුම්මෝදර ලුණු බැම්ම විවෘත කරයි හැමිල්ටන් හරහා ඉදිකර තිබූ ලුණු බැම්ම ගංවතුර පාලන කිරිමට අද (11) දහවල් විවෘත කළ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ඒ.එම්.ආර්.එන්.කේ.අලහකොන් මහතා පවසයි. 11 September 2020
සරසවි සිසුහු මාදු ගඟේ කඩොලාන සිටුවති පරිසර හිතකාමී විශ්වවිද්‍යාල සිසුහු මාදු ගඟේ දූපත්වල ගං ඉවුරුවලින් තුරන් වී ගිය දුර්ලභ ගණයේ කඩොලාන වර්ග යළි රෝපණය කිරීමට අද (11) පියවර ගත්හ. 11 September 2020
හෙද සිසුවියන්ට හිස් වැසුම් පළඳවති කොළඹ හෙද විදුහලේ 2017 -A සිසු හෙද කණ්ඩායම සඳහා හිස් වැසූම් පැළඳවීම හා සේවයට කැප වීමේ උලෙළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) අරලියගහ මැදුරේදී පැවැත්විණි. 11 September 2020
කලවානේ වසර 20ක් පුරන් කුඹුරු අස්වද්දති කලවාන වැවගම ගම්මානයේ වසර 20ක් පමණ පුරන්ව පැවැති වෙරළුගහ පැලැස්ස හා නාගහතුඩුව යාය කුඹුරු අක්කර 5ක් අස්වැද්දීමේ උත්සවයක් අද (11) පැවැත්විණි. 11 September 2020
වන අලි පාර පුරා මත්තල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ කෑලියපුර ප්‍රදේශයෙන් අද (10) පස්වරුවේ මාර්ගය හරහා වන අලි රංචුවක් ගමන් කරන අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් විය. 10 September 2020
මාදම්පේ තිනිපිටි වැවේ ජලජ ශාක ඉවත් කරති මාදම්පේ තිනිපිටි වැවේ වසර ගණනාවක පටන් වැවී ඇති සැල්විනියා ඇතුළු ජලජ ශාඛ ඉවත් කිරීමට එහි තරුණ පිරිසක් කටයුතු කළහ. 10 September 2020
ජ’පුර නව උපකුලපති වැඩ බාරගනී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති වශයෙන් වැඩ බාරගැනීම අද (9) විශ්ව විද්‍යාල උප කුලපති කාර්යාලයේ දී සිදුකෙරිණි. 09 September 2020
කාසල්රි - මවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව ජලාශ භාර ඉංජිනේරු පවසති. 09 September 2020
පුත්තලම-කොළඹ මාර්ගයට ගසක් කඩා වැටෙයි ගසක් කඩා වැටීමෙන් පුත්තලම කොළඹ මාර්ගයේ ගමනාගමනය මාදම්පේ ප්‍රදේශයේ දී පැයකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන් නැවතී ගිය බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ඒ.එම් .ආර්.එන්.කේ.අලහකොන් මහතා පැවසීය. 09 September 2020
‘ගෆුර් ගොඩනැගිල්ල’ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ කොළඹ කොටුවේ, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ පිහිටි පෞරාණික ස්ථානයක් ලෙස සැලකෙන ‘ගෆුර් ගොඩනැගිල්ල’ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල 2වැනි අදියර ආරම්භ කිරීම නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) සිදුකෙරිණි. 08 September 2020
වනජීවියේ ප්‍රථම සමූද්‍ර කෞතුකාගාරය කල්පිටියේ ඉදිවෙයි වනජීවී දෙපාර්තුමේන්තුවේ ප්‍රථම සමුද්‍ර කෞතුකාගාරය කල්පිටිය කුඩාව ඉදිවෙමින් පවතින බව එම දෙපාර්තුමේන්තුවේ කල්පිටිය ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක නිළධාරී මංජුල කුමාර මොරතැන්න මහතා පවසයි. 08 September 2020
මඩු පිට්ටු කන්න කාලෙ ඇවිත් වසර ගණනාවක ඈත ඉතිහාසයකට දිවයන මඩු ශාකයේ ගෙඩි හට ගැනීම ආරම්භ වීමත් සමඟ ඒ ආශ්‍රීත ආහාර සැකසීම ආරම්භ වී තිබේ. 07 September 2020
එජාප 74 සංවත්සර උළෙල චාමෙට සමරති එක්සත් ජාතික පක්ෂයේ 74 වන සංවත්සර උත්සවය පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා චාම් අන්දමින් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (6) පෙරවරුවේ පැවැත්විණි. 07 September 2020
‘යහපත් සීමාවාසිකයා’ වැඩමුළුවෙන්... සීමාවාසික වෛද්‍ය පුහුණුව සඳහා තෝරාගනු ලැබූ ආධුනික වෛද්‍යවරුන් 680 දෙනකු වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංවිධානය විසින් සංවිධාන කෙරුණු වැඩමුළුවක් කැලණිය බොල්ලෑගල නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේදී පෙරේදා (05) ආරම්භ විය. 07 September 2020
ගෝඨාභය රාජපක්ෂ කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය ජනගත වෙයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත ‘ගෝඨාභය රාජපක්ෂ’ කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය සහ ‘පාතාලයෝ’ කෘතිය කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී අද (6) පස්වරුවේ එළිදැක්විණි. 06 September 2020
‘නිව් ඩයමන්ඩ්’ නැවේ ගින්න නිවා දමයි ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනිගෙන දැවෙමින් තිබූ ‘නිව් ඩයමන්ඩ්’ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇතත් දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදාගෙන එයට සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් සිදු කරමින් තිබෙන බව නාවික හමුදාව පවසයි. 06 September 2020
වනාතවිල්ලුවේ වන සංහාරය වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ ආධාර අනුබල ඇතිව වනසා ඇතිබව ‘වයඹ හඬ‘ පරිසර සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසයි. 05 September 2020
බැකෝ යන්ත්‍රයක් පාර හරහා පෙරළෙයි බැකෝ යන්ත්‍රයක් ප්‍රධාන මාර්ගයක් හරහා පෙරලී යාමෙන් හැටන් - බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අද (05) දහවල් සිට සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව පින්නවල පොලිසිය පවසයි. 05 September 2020
ගිනි ගන්නා නෞකාවේ ගින්න යම් තාක් දුරට නිවයි නැගෙනහිර මුහුදු තීරයේ ගිනිගෙන දැවෙමින් තිබෙන බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේවනවිට යම්තාක් දුරකට පාලනය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහකාර අධ්යක්ෂ (නැගෙනහිර) පී. ශ්‍රීපති මහතා පැවසීය. 04 September 2020
කෝටි 13 ක දුම්වැටි විනාශ කෙරේ ශ්‍රී ලංකා රේගුව මගින් විටින් විට අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 13 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි ලක්ෂ 23 ක් කොළඹ දුම්කොළ සංස්ථා පරිශ්‍රයේදී ( 4) අද විනාශ කෙරිණි. 04 September 2020
දක්ෂිණ අධිවේගයේ පිවිසුම් මාර්ගයේ වී වේළති අක්මීමන ගොවීන් මෙවර ලැබූ වී අස්වැන්න, දක්ෂිණ අධිවේගයේ පිවිසුම් මාර්ගයේ පින්නදූවේ මංතීරුවක කිලෝමීටර් දෙකක් තුනක් පමණ දුරක වියළෙනු පිණිස අතුරා තිබෙනු මේ දිනවල දැකිය හැකිය. 04 September 2020
‘ගඟේ පෙරහර’ පවත්වමින් දියකැපීමේ චාරිත්‍ර ඉටුකරති කළු ගඟ ඔස්සේ රතඔඇල්ල දක්වා ’ගඟේ පෙරහර’ පවත්වා දිය කැපීමෙන් අනතුරුව, මෙවර සමන් දේවාලයේ ඇසළ පෙරහර අද(03) නිමාවට පත් වූ බව බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා පැවසීය. 03 September 2020
නැ’හිර මුහුදේ ගිනි ගනිමින් තිබෙන නෞකාවේ 23 ක් බේරාගනිති නැගෙහිර මුහුදේ සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් ඔබ්බෙන් මුහුදෙන් ගමන් කරමින් තිබූ ලිහිසි තෙල් රැගත් නෞකාවක අද (3) ගින්නක් හටගෙන ඇතැයි සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය කියයි. 03 September 2020
මුහුදු පාරිසරික විනාශය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කෙරෙයි උතුරු මුහුදේ සිදුවන තහනම් ධීවර ආම්පන්න හේතුවෙන් සිදුවන මුහුදු පාරසරික විනාශය පිළිබඳව පාසල් සිසු දරුවන් දැනුවත් කිරීමක් මුහුදු සංචාරයකින් පසුව ලබාදීමට නාවික හමුදාව පියවර ගත්තේය. 03 September 2020
පුත්තලම කලපුවේ කඩොලාන පැළ සිටුවති ශ්‍රී ලංකා පොලිසියේ 154 වැනි සංවත්සර දිනය අද(03)ට යෙදී තිබීම නිමිත්තෙන් පුත්තලම පොලිස් කාර්යාලයේ හා මූලස්ථාන පොලිස් නිලධාරින්ගේ සභාගීත්වයෙන් පුත්තලම කලපුව පිරිසිදු කිරීමේ හා කඩොලාන පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. 03 September 2020
පොලිස් සංවත්සර දිනය සමරති අදට යෙදෙන 154 වැනි පොලිස් සංවත්සර දිනය නිමිත්තෙන් දියවයිනේ පිහිටි පොලිස් ස්ථානවල නිලධාරීන් එක්ව රුක් රෝපණය කිරීමේ වැඩසටහන් ,වියළි ආහාර පාර්සල් ලබා දීම් ඇතුළු වඩසටහන් සංවිධානය කර තිබිණි . එහි අවස්ථාවන් ඡායාරූපවලින් දැක්වෙයි. 03 September 2020
ශ්‍රීලනිප 69 වැනි සංවත්සර සැමරුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය අද (2) ට යෙදී තිබූ අතර මෙවර එම සැමරුම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබිණි. 02 September 2020
සබරගමුව මහ සමන් දේවාලය වෙනුවෙන් සමරු මුද්දරයක් සබරගමු මහ සමන් දේවාලයේ 795 වන වරට පැවැත්වෙන ඇසල පෙරහර මංගල්‍ය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු කර තිබේ. 02 September 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026