
(අමදෝරු අමරජීව)
නැගෙහිර මුහුදේ සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් ඔබ්බෙන් මුහුදෙන් ගමන් කරමින් තිබූ ලිහිසි තෙල් රැගත් නෞකාවක අද (3) ගින්නක් හටගෙන ඇතැයි සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය කියයි.
මෙම නෞකාව කුවේට් රාජ්‍යයේ සිට ඉන්දියාවට ලිහිසි තෙල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් රැගෙන යද්දී මෙම අනතුරට මුහුණ පා ඇති බව අධිකාරියේ නැගෙනහිර පළාත් සහකාර අධ්‍යක්ෂ ටී.ශ්‍රීපති මහතා පැවසීය.
අනතුරට පත් නෞකාවේ ගින්න එන්ජින් කාමරයක හටගෙන ඇති අතර එහි කාර්ය මණ්ඩලයේ සිටින 23 දෙනෙකු නාවික නෞකා දෙකකින් බේරාගෙන තිබේ.
දැනට නෞකාවේ ගින්න හේතුවෙන් ලිහිසි තෙල් මුහුදට මිශ්‍ර වීම සිදුවී නැති අතර ඒ සම්බන්ධයෙන් නීරික්ෂණයක යෙදී සිටින බව වැඩිදුරටත් ශ්‍රීපති මහතා කීය.
(ඡායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශයෙනි)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට තිබෙන කරදර මදිවාට තවත් එකක්.
තෙල් වතුරට වැටුණොත්?