





(ඉන්දික අරුණ කුමාර)
වසර ගණනාවක ඈත ඉතිහාසයකට දිවයන මඩු ශාකයේ ගෙඩි හට ගැනීම ආරම්භ වීමත් සමඟ ඒ ආශ්‍රීත ආහාර සැකසීම ආරම්භ වී තිබේ.
වාර් ෂිකව අස්වැන්න ලැබෙන මඩු ශාකය පොහොර හෝ ජලය යෙදීමක් සිදු නොකරන අතර, මඩු ගෙඩි වලින් සකසා ගන්නා ආහාර වර් ග රැසක් මාතලේ ලග්ගල ගැමියෝ සතුව පවතිති.
මඩු පිට්ටු ඒ අතරින් ප්‍රධාන තැනක් ගනු ලබයි.
මේ දිනවල මඩු ශාකයේ ගෙඩි කඩා අව්වේ වියලන අයුරු ලග්ගල බොහෝ නිවෙස් වල දැකිය හැකි සුලභ දසුනකි.
බත් වෙනුවට සකසා ගන්නා මඩු පිට්ටු බර අහරක් බවත් හෙනේ කුඹුරේ වැඩ කටයුතු වලදි කුසගින්න නිවා ගැනීමට හා පෝෂ ගුණය බහුලව පවතින හෙයින් පෝෂ දායි ආහර වේලක් ලෙස මඩු පිට්ටු ලග්ගල ගැමියන් අතර ජනප්‍රියය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හානේ හරිම ලස්සන දර්ශනයක්... මේවා ආහාරයට ගන්න බවක් මා දැන සිටියේ නැත. රටේ අසිරිය හා සෞභාග්‍යය ගහකොළටත් දැනිලද මන්දා..
ආනේ..! මට මේ හිතාගන්න බැරිවයි හිටියේ. මේ දවස්වල ගොඩක් අයගේ කටවල් වැහිලා තියෙන්නේ මොකද කියලා.. දැන් තමයි තේරුණේ මඩු පිට්ටු කාලා වැඩිකමට කටවල්වල පිට්ටු හිරවෙලයි එහෙම වෙලා තියෙන්නේ කියලා...
මඩු පිට්ටු හරි රසයි. හරිම සුවඳයි. මට එකපාරක් කෑමට ලැබිලා තියෙනවා. සුවඳ නිසා හටගත්ත පෙරේතකමට ගොඩක් කන්න හිතුවත් එහෙම බැහැ. ලිමිට් එක පැන්නොත් මත් ගතියක් දැනෙනවා. ඔලුව ටිකක් කැරකෙන්න වගේ එනවා. හරිම ගුණයි. හරිම රසයි. හරිම සුවඳයි.
මඩු ඇට පිටි සාදන අයුරු කියා දෙන්න. වීඩියෝ එකකින් නම් වඩාත් හොඳයි...