









(ඡායාරූප- නාවික හමුදා මාධ්‍ය අංශයෙනි )
( රොමේෂ් මධුෂංඛ)
උතුරු මුහුදේ සිදුවන තහනම් ධීවර ආම්පන්න හේතුවෙන් සිදුවන මුහුදු පාරසරික විනාශය පිළිබඳව පාසල් සිසු දරුවන් දැනුවත් කිරීමක් මුහුදු සංචාරයකින් පසුව ලබාදීමට නාවික හමුදාව පියවර ගත්තේය.
යාපනය දිස්ත්‍රික්කයේ උසස් පෙළ සිසුන් 200 කට ආසන්න පිරිසක් උතුරු නාවික විධානයේ අධීක්ෂණයෙන් මුහුදේ තල්මසුන් නැරඹීම සඳහා යොදා ගන්නා 543 නැමති යාත්‍රාවක් යොදා ගනිමින් මෙම මුහුදු සංචාරය සංවිධානය කර තිබිණි.
එහිදී සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ජීවිත ආරක්ෂිත පියවරයන්ට අනුව පාසල් ළමුන්ට අමතරව ගුරුවරුන් හා දෙමාපියන්ටද මෙම අවස්ථාවට සහභාගී වීමට පහසුකම් සැපයීමට නාවික හමුදාව විසින් පියවර ගෙන තිබුණි.
සංචාරයේදී නාවික හමුදා නිලධාරීන් විසින් දැනට උතුරු මුහුදේ සිදුවන තහනම් දැල් භාවිතය හා එමගින් මුහුදු පැලෑටි, කොරල්පර ඇතුලු මුහුදු පාරසරික විනාශයන් පිළිබඳවද පාසල් දරුදැරියන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ වැඩක්... පාසල් දරුවන් දැනුවත් කිරීම හරහා සමාජයම දැනුවත් කරන්න පුළුවන්...
ඉතාම අගය කළ යුතු කාර්යයක්... නමුත් උසස්පෙළ හදාරණ සිසුන් පමණක් නොවන බව නම් සහතිකයි.
මුහුදු පතුලේ තියෙන වැලි විකුණගෙන කෑවාම, අපේ රට මුහුදට කඩාවැටිලා ගිලාබහිනවා.. කියලත් අපි දැන් දන්නවනේ...
හැබැයි පුත්තලම පැත්තට එක්ක යන්න එපා.