IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මුහුදු පාරිසරික විනාශය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කෙරෙයි

 

(ඡායාරූප- නාවික හමුදා මාධ්‍ය අංශයෙනි ) 

( රොමේෂ් මධුෂංඛ)

 
උතුරු මුහුදේ සිදුවන තහනම් ධීවර ආම්පන්න හේතුවෙන් සිදුවන  මුහුදු පාරසරික විනාශය පිළිබඳව පාසල් සිසු දරුවන්  දැනුවත් කිරීමක් මුහුදු සංචාරයකින්  පසුව  ලබාදීමට නාවික හමුදාව පියවර ගත්තේය.
 
යාපනය දිස්ත්‍රික්කයේ උසස් පෙළ සිසුන් 200 කට ආසන්න පිරිසක් උතුරු නාවික විධානයේ අධීක්ෂණයෙන් මුහුදේ තල්මසුන් නැරඹීම සඳහා යොදා ගන්නා 543 නැමති යාත්‍රාවක් යොදා ගනිමින් මෙම මුහුදු සංචාරය සංවිධානය කර තිබිණි.
 
එහිදී සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ජීවිත ආරක්ෂිත පියවරයන්ට අනුව පාසල් ළමුන්ට අමතරව ගුරුවරුන් හා දෙමාපියන්ටද මෙම අවස්ථාවට සහභාගී වීමට පහසුකම් සැපයීමට නාවික හමුදාව විසින් පියවර ගෙන තිබුණි.
 
සංචාරයේදී නාවික හමුදා නිලධාරීන් විසින් දැනට උතුරු මුහුදේ සිදුවන තහනම් දැල් භාවිතය හා එමගින් මුහුදු පැලෑටි, කොරල්පර ඇතුලු මුහුදු පාරසරික විනාශයන් පිළිබඳවද පාසල් දරුදැරියන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි



අදහස් (4)

මුහුදු පාරිසරික විනාශය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කෙරෙයි

Champa Thursday, 03 September 2020 08:26 AM

බොහොම හොඳ වැඩක්... පාසල් දරුවන් දැනුවත් කිරීම හරහා සමාජයම දැනුවත් කරන්න පුළුවන්...

:       0       41

shantha - Qatar Thursday, 03 September 2020 09:12 AM

ඉතාම අගය කළ යුතු කාර්යයක්... නමුත් උසස්පෙළ හදාරණ සිසුන් පමණක් නොවන බව නම් සහතිකයි.

:       0       6

ravi999 Thursday, 03 September 2020 09:55 AM

මුහුදු පතුලේ තියෙන වැලි විකුණගෙන කෑවාම, අපේ රට මුහුදට කඩාවැටිලා ගිලාබහිනවා.. කියලත් අපි දැන් දන්නවනේ...

:       4       7

Nihal Thursday, 03 September 2020 11:42 AM

හැබැයි පුත්තලම පැත්තට එක්ක යන්න එපා.

:       0       57

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site