
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
කොළඹ කොටුවේ, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ පිහිටි පෞරාණික ස්ථානයක් ලෙස සැලකෙන ‘ගෆුර් ගොඩනැගිල්ල’ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල 2වැනි අදියර ආරම්භ කිරීම නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) සිදුකෙරිණි.
නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණ යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙන අතර මෙම ගොඩනැගිල්ල 2022 වර්ෂය වනවිට අවන්හල්, සාප්පු සංකීර්ණයක් ඇතුළු සුපිරි කාමර සහිත හෝටලයක් බවට පත්කිරීමට නියමිතය.
1915 දී අබ්දුල් ගෆූර් නමැති මැණික් ව්‍යාපාරිකයෙකු විසින් සිය මුතුමැණික් විදේශිකයින්ට මිලට ගැනීමට හැකි මධ්‍යස්ථානයක් ලෙස මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර පසුකාලයේ මෙහි රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයේ විවිධ ආයතන පවත්වාගෙනයන ලදී.
ඉපැරණි ගෆුර් ගොඩනැගිල්ලේ තිබූ සැලැස්ම වෙනස් නොකොට විදේශිකයන් ආකර්ශනය කෙරෙන විවිධ ගෘහ නිර්මාණ මෙයට ඇතුලත් කරමින් රාජ්‍ය පරිපාලනය යටතේ මෙම සුපිරි හෝටලය ඉදිකෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙහිදී සඳහන් කළේය. අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරිහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.





2025 දෙසැම්බර් මස 18
159
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ගෆුර් ගොඩනැගිල්ල’ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ
Pradeep Wednesday, 09 September 2020 02:45 AM
මේක පටන් අරගෙන ගොඩක් කාලයක්නෙ. අපි මෙතනින් යද්දී ඕක දැකලා තියෙනවා.