IMG-LOGO

එජාප 74 සංවත්සර උළෙල චාමෙට සමරති


එක්සත් ජාතික පක්ෂයේ 64 වන සංවත්සර උත්සවය අරඹමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නායකයන් ආගමික වතාවත්වලට සහභාගී වූ අවස්ථාව. මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක, නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්  වන වජිර අබේවර්ධන, ජෝන් අමරතුංග, දයා ගමගේ, අර්ජුන රණතුංග මහත්වරු ද මෙහි සිටිති.


(***අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ 74 වන සංවත්සර උත්සවය පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා චාම් අන්දමින් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (6) පෙරවරුවේ පැවැත්විණි.

ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ප්‍රමුඛ පක්ෂයේ හිටපු නායකයන්ගේ පිළිරූවලට මල් මාලා පළඳවා ගෞරවාචාර පුද කිරීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජ්‍යෙෂ්ඨ  නායකයන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

එම අවස්ථාවට පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක, නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන වජිර අබේවර්ධන, ජෝන් අමරතුංග, දයා ගමගේ, අර්ජුන රණතුංග මහත්වරුද සහභාගී වූහ.

කොරෝනා වසංගත තත්ත්වය නිසා පාක්ෂිකයන් මෙවර සංවත්සර උත්සවය සඳහා කැඳවන්නේ නැතිව පක්ෂයේ ආදි  නායකයන්ට ගෞරවාචාර දැක්වීම සඳහා ඉතා චාම් අයුරින් සංවත්සරය සමරන්නැයි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වලට අනුව අදාළ සංවිධාන කටයුතු සිදු කෙරුණු බව පක්ෂයේ  ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘ලංකාදීප’යට පැවැසීය.



අදහස් (19)

එජාප 74 සංවත්සර උළෙල චාමෙට සමරති

banda Monday, 07 September 2020 08:07 AM

දැන් ඉතින් ඉන්න ටික දෙනත් සජිත් එක්ක ගිහින්. ලබන පාර ඡන්දෙදී තියෙන ආසනෙත් නැතිවෙනවා.

:       77       552

vinividaMonday, 07 September 2020 02:12 PM

එක්සත් ජාතික පාක්ෂිකය තවම සිටින්නේ පක්ෂය සමගයි, එම පිරිස ලක්ෂ 30කට ආසන්න වේ. ඔවුන් ඡන්දයෙන් වැළකී සිටියත් ප්‍රතිපත්තියක් නොමැති අතීතය අමතක කරන සජිත්ලා හෝ වෙනත් දේශපාලන පක්ෂ සමග කිසිදිනෙක එක්වන්නේ නැත. එක්සත් ජාතික පාක්ෂිකයාට ප්‍රතිපත්තියක් තිබේ. අලියා සහ කොළපාට අමතක නොකරන එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් පසුගිය මැතිවරණයේ දී එය සනාථ කොට ඇත.

:       491       47

bandaTuesday, 08 September 2020 08:06 AM

vinivida, මහත්තයෝ මීළඟ ඡන්දෙදී ඡන්දේ නොදීපු ලක්ෂ 30 කොතනද ඉන්නේ කියලා බලන්නකෝ...

:       0       40

විජේ Tuesday, 08 September 2020 11:37 PM

විනිවිද කිව්වට මට නම් සැකයි, නිකං 'අලි ගිල්ල දිවුල්' වගේ එකක් මට නම් හිතෙන්නේ...

:       0       0

banda Monday, 07 September 2020 08:09 AM

සැමදා රනිල් අපගේ නායක... රනිල් සමග නැගිටිමු.. මීළඟ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ජෝන්... ජය නියතයි.

:       307       714

liyanage Monday, 07 September 2020 01:59 PM

රනිල් කියන්නේ නියම නායකයෙක්, පමණක්නොව නොව සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙක්.. වර්තමාන පාර්ලිමේන්තුව තුළ ඔහු සිටිය යුතුම කෙනෙකි. පක්ෂ, පාට නොමැතිව සෑම කෙනෙකුම කියන්නේ ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව වේ. පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව නිසි අවබෝධයකින් කටයුතු කරන පාර්ලිමේන්තුවේ සිටිය යුතු නායකයා ඔහුවේ. රනිල් නොමැති වර්තමාන පාර්ලිමේන්තුව විදුහල්පතිවරයකු නොමැති පාසලක් හා සමාන වේ. පත්කොට ඇති වර්තමාන පාර්ලිමේන්තුව වහා ගිනිඅැවිලෙන (සෑම පක්ෂයකින්ම වගේ දේශප්‍රේමීන්, ජාතිවාදීන්, අන්තවාදී කණ්ඩායම් නියෝජනය කරන පිරිස් පැමිණ ඇත) සුළුය. නමුත් ඇතිවන ගිනිනිවීමට පාර්ලිමේන්තුවට වතුර නොමැත...

:       1046       196

නෙවිල් Monday, 07 September 2020 08:45 AM

මතක ඇති කාලෙක සිරිකොතේ බෞද්ධ කොඩියක් දාලා තියෙනවා දැක්කා.

:       92       16

නෙවිල් Monday, 07 September 2020 08:47 AM

අපි ඔක්කොම රජවරු,...

:       68       31

Kumar (gulf)Monday, 07 September 2020 09:09 AM

රජවරු නෙවෙයි... කළ විනාශය තමයි.

:       71       139

jayasekara Monday, 07 September 2020 09:07 AM

කොහොමත් දැන් චාමෙටම තමයි සමරන්න වෙන්නේ...

:       0       23

Hafeel Monday, 07 September 2020 12:02 PM

කෝ රවී කරුණානායක?

:       0       242

badraniTuesday, 08 September 2020 04:19 AM

අප්පච්චි හම්බෙන්න ගිහිල්ලා.

:       0       37

chandima Monday, 07 September 2020 01:16 PM

චාමෙට කියන්නේ රජතුමයි, කේවට්ටයෝ ටිකයි විතරද ආවේ...?

:       0       122

pjMonday, 07 September 2020 09:49 PM

රජවරුන් සහ කේවට්ටයින් ඉන්නේ මේ පැත්තේ නොවෙයි.

:       117       1

chandimaFriday, 11 September 2020 11:58 PM

ඇත්ත නේන්නම්... ඔය පැත්තේ ඉන්නේ අන්දරෙයි, කේවට්ටයොයිනේ...

:       0       0

විජේ Monday, 07 September 2020 06:59 PM

මොනවද කාපු රිලව් වගේ සෙට් එක, පට්ට.

:       0       136

kamal Tuesday, 08 September 2020 02:56 AM

ඔහොම තමයි කාට කාටත් චාමේ මතක් වෙන්නේ නැති බැරි වුනාමයි.

:       0       37

Sunil Tuesday, 08 September 2020 08:40 AM

බැංකු මංකොල්ලකරුවන් කොහේද?

:       9       140

subadra Wednesday, 09 September 2020 04:12 AM

චාමෙට නැතුව ජයට ගන්න පුලුවන්ද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1066 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site