
එක්සත් ජාතික පක්ෂයේ 64 වන සංවත්සර උත්සවය අරඹමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නායකයන් ආගමික වතාවත්වලට සහභාගී වූ අවස්ථාව. මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක, නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන වජිර අබේවර්ධන, ජෝන් අමරතුංග, දයා ගමගේ, අර්ජුන රණතුංග මහත්වරු ද මෙහි සිටිති.
(***අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ 74 වන සංවත්සර උත්සවය පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා චාම් අන්දමින් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (6) පෙරවරුවේ පැවැත්විණි.
ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ප්‍රමුඛ පක්ෂයේ හිටපු නායකයන්ගේ පිළිරූවලට මල් මාලා පළඳවා ගෞරවාචාර පුද කිරීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.
එම අවස්ථාවට පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක, නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන වජිර අබේවර්ධන, ජෝන් අමරතුංග, දයා ගමගේ, අර්ජුන රණතුංග මහත්වරුද සහභාගී වූහ.
කොරෝනා වසංගත තත්ත්වය නිසා පාක්ෂිකයන් මෙවර සංවත්සර උත්සවය සඳහා කැඳවන්නේ නැතිව පක්ෂයේ ආදි නායකයන්ට ගෞරවාචාර දැක්වීම සඳහා ඉතා චාම් අයුරින් සංවත්සරය සමරන්නැයි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වලට අනුව අදාළ සංවිධාන කටයුතු සිදු කෙරුණු බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘ලංකාදීප’යට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඉන්න ටික දෙනත් සජිත් එක්ක ගිහින්. ලබන පාර ඡන්දෙදී තියෙන ආසනෙත් නැතිවෙනවා.
සැමදා රනිල් අපගේ නායක... රනිල් සමග නැගිටිමු.. මීළඟ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ජෝන්... ජය නියතයි.
මතක ඇති කාලෙක සිරිකොතේ බෞද්ධ කොඩියක් දාලා තියෙනවා දැක්කා.
අපි ඔක්කොම රජවරු,...
කොහොමත් දැන් චාමෙටම තමයි සමරන්න වෙන්නේ...
චාමෙට කියන්නේ රජතුමයි, කේවට්ටයෝ ටිකයි විතරද ආවේ...?
මොනවද කාපු රිලව් වගේ සෙට් එක, පට්ට.
ඔහොම තමයි කාට කාටත් චාමේ මතක් වෙන්නේ නැති බැරි වුනාමයි.
බැංකු මංකොල්ලකරුවන් කොහේද?
චාමෙට නැතුව ජයට ගන්න පුලුවන්ද.?