




(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හැමිල්ටන් හරහා ඉදිකර තිබූ ලුණු බැම්ම ගංවතුර පාලන කිරිමට අද (11) දහවල් විවෘත කළ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එන්.කේ.අලහකොන් මහතා පවසයි.
මෙම ලුණු බැම්ම ඉහළට ලුණු ජලය ගලා ඒම වැළැක්වීම සඳහා හැමිල්ටන් ඇළ හරහා වසර 50 කට පෙර ඉදිකරන්නට ඇති බව කියයි.
ලුණු බැම්මට යොදා ඇති දොරවල් වසර 30 කට ආසන්න කාලයක් විවෘත නොකිරිමෙන් වැසි සමයන් වලදී නාත්තන්ඩිය නගරය හා තුම්මෝදර ඇතුළු ඉහළ ප්‍රදේශ කීපයක් ගංවතුරින් යටවී ජනතාව දිගින් දිගටම පීඩාවට පත්වන බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
කෙසේ නමුත් පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පළාත් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව මෙහෙය වීමෙන් කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ කිමිදුම් ඒකකය හා පුත්තලම 143 වන බල සේනාවේ යුද හමුදා සාමාජිකයින් දැවැන්ත මෙහෙයක් යොදවා දොරටු විවෘත කිරිම සිදුවුයේ ප්‍රදේශ වාසීන්ගේ ද සහාය එක්කර ගනිමිනි.
මෙම හැමිල්ටන් ඇළ ඕලන්ද ජාතිකයින් අත්පත් කරගෙන සිටි සමයේ දී වෙළඳ භාණ්ඩ රැගෙන ඒම සඳහා භාවිතා කළ බව කියයි . ඕලන්ද ජාතිකයින් මෙම ඇළ ඉදිකිරිම නිසා එයට ඕලන්ද ඇළ ලෙස නම් කර ඇති බව කියයි.
ඉන්පසුව එය හැමිල්ටන් ඇළ ලෙස භාවිතා කර ඇති බව පැවසෙයි. කෙසේ නමුත් පසුව මෙම හැමිල්ටන් ඇළ නිසි ප්‍රතිසංස්කරණයක් නොමැති වීමත් භාවිතා නොවීමත් සමඟ ගොඩවීමක් සේම ජලජ ශාක වලින් අද වැසි විනාශ වී ඇති බව ජනතාව පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තම කියනවා නම්, ලංකාවේ මිනිස්සු හරිම මෝඩ ජාතියක් මෙන්ම පව් ගෙවන්නම ඉපදුණු මහ ජාතියක්. දැන් ඔය ගොඩවෙලා තියන හැමිල්ටන් ඇළ, පායන කාලෙකට කපලා සුද්ද කළා නම් අද ඔය ගං වතුරේ බැහැගෙන පව් ගෙවන්න ඕනෑ නැහැනේ. ඔය වගේම තමයි පාරවල් වල කාණු කපන්න ගන්නෙත් වැහැලා ගංවතුර ගලන විටයි. ඉතින් මඩකරියෝ වගේ පළාතම මඩකරලා විනාශ කරනවා. ඒ අස්සේ කපන පස් ටිකත් මංකොල්ල කනවා. ගංවතුර කියන්නේ සමහරක් අමනයින්ට ඉල්ලමක්. දැන් ඔතන ඔය ලුණු බැම්ම ඇරියාම, ලවණ ජලයට මිශ්‍ර වෙලා ඔය පළාතම විනාශ වෙන්නේ නැද්ද? ඔය බැම්ම හදලා තියෙන්නේ ඇයි කියලා හිතුවොත් උත්තරය ලැබෙයි. කොහෙද ඉතින් හිතන්න තරම් මොළ තියන අය ඉන්න එපැයි, මේ රටේ නේද?
යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ...
යුරෝපා ජාතිකයින් මෙහි සිටි කෙටි කාලයේදී කළ දේවල් බලපුවාම කතාව මිසක් වැඩ නැති බවයි පෙනෙන්නේ.
ඔය ඇල නඩත්තු කිරීමට නෙදර්ලන්ත රටෙන් තවම වාර්ෂිකව ලොකු මුදලක් ගෙවනවා නේද? මම හරි නම් ඒ සල්ලිවලට මොකද වෙන්නේ?
බද්‍රානි මහත්මියනි, ලුණු බැම්ම ඉදිකර ඇත්තේ, නාත්තණ්ඩිය මැතිවරණ කොට්ඨාශයේය. මා දන්නා තරමට ඕලන්ද ජාතිකයින් මෙය තනා ඇත්තේ කොළඹ සිට රට ඇතුළට භාණ්ඩ ප්‍රවාහනයටත්, විශේෂයෙන්ම කොළඹට ‘ලුණු‘ ගෙනයාමටත්ය.
ලුණු වතුර මිශ්‍රවෙලා බවබෝග විනාශ වෙලා... පරම්පරා ගාණක් යනකම් විඳවන්න ලෑස්ති වෙමු...