IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘නිව් ඩයමන්ඩ්’ නැවේ ගින්න නිවා දමයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනිගෙන දැවෙමින් තිබූ ‘නිව් ඩයමන්ඩ්’ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇතත්  දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදාගෙන එයට සිසිලන ආවරණ ලබාදීම තවදුරටත්  සිදු කරමින් තිබෙන බව නාවික හමුදාව පවසයි. 

මේ වන විට නැවෙන් ගිනිදැල් පිටවීම සම්පූර්යෙන් නතර වී ඇති අතර ගින්න හටගත් ප්‍රදේශයෙන් දුම් පිටවීම පමණක් සිදුවන බව නාවික හමුදාව සඳහන් කරයි.

මෙම නෞකාව ස්ථානගත කර තිබූ ප්‍රදේශයෙහි පවතින තද සුළං හා නැව ඇති ස්ථානයේ පවතින උෂ්ණත්වය අනුව නැවත එහි ගින්නක්මතුවීමේ අවදානමක් ඇති බව නාවික හමුදාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

කුවේට් සිට ඉන්දියාව බලා පැමිණි මෙම නෞකාව ශ්‍රී ලංකා වෙරළ තීරයට නාවික සැතපුම් 38ක් දුරින් තිබියදී ඉකුත් 3 වැනිදා හදිසි ගිනිගැනීමකට ලක් වූ අතර එහි බොරතෙල් මෙට්‍ර්ක් ටොන් 2,70,000ක් හා ඩීසල් මෙට්‍ර්ක් ටොන් 1,700ක් පමණ ගබඩා කර තිබේ.

ගින්නත් සමඟ එහි එන්ජිම අක්‍රීයවීම නිසා පසුව එය ශ්‍රී ලංකා වෙරළ දෙසට තල්ලුවෙමින් පැමිණ වෙරළ තීරයට නාවික සැතපුම් 20ක් පමණ දක්වා ආසන්න වී තිබිණි.

මෙම ගින්න නිවාදැමීමේ මෙහෙයුමට ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, ඉන්දියානු නාවික හමුදාව මෙන්ම ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු පාර්ශව රැසක් දායක වූහ.


නිව් ඩයමන්ඩ් නෞකාවේ වාණිජ හිමිකරු වන ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පිහිටි ‘නිව් ෂිපින් ලිමිටඩ්’ ආයතනය විසින් මේ වන විට එහි ආපදා ගැලවුම්කාර පාර්ශවය ලෙස සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක ‘ජේ.කේ ස්මිත් සින්ගප්පූර්’ නම් ජාත්‍යන්තර ආයතනය පත් කර ඇති අතර එම ආයතනය විසින් බොරතෙල් සම්බන්ධව විශේෂඥ දැනුම ඇති පුද්ගලයින් හා උපකරණ නිව් ඩයමන්ඞ් නෞකාව වෙත යොමු කර ඇතැයි ද වාර්තා වේ.

බොරතෙල් නැව් හැසිරවිය හැකි විශාල ප්‍රමාණයේ ටග් යාත්‍රා දෙකක් ද සිංගප්පූරුව සහ මොරිෂස් යන රටවල සිට මෙම නැව හැසිරවීම වෙනුවෙන් පිටත්කර එවා ඇති බව දන්වා ඇතැයි ද නාවික හමුදාව පවසයි.

මෙම රැගෙන එන යාත්‍රා, පුද්ගලයින් හා භාණ්ඩ පිළිබඳව එම ආයතන විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කර ඇති අතර, එම කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද නාවික හමුදාවේ එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මීට අමතරව මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීතී උපදේශකයෙකු ද ඇතුළු දස දෙනෙකුත් යුත් බි්‍රතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් අද (6) දිවයිනට පැමිණි අතර නෞකාවේ ආපදා කළමණාකරන කටයුතු විමර්ශනය කර ඉදිරි කටයුතු සැළසුම් කළ යුතු ආකාරය පිළිබඳ සොයාබලා තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා තුනක්, ඉන්දියානු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා පහක්, ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ රාවණා සහ වසභ යන ටග් යාත්‍රා ආපදාවට පත් නෞකාව අයත් සමාගම මගින් යෙදවූ ‘ඒ.එල්.පී වින්ගර්’ ටග් යාත්‍රාව සහ ගැඹුරු මුහුදේ මෙහෙයුම් සිදු කරනු ලබන ගිනි නිවීමේ විශේෂඥයින්ගෙන් සමන්විත ටීටීටී 1 හා ඕෂන් බ්ලිස් නම් ටග් යාත්‍රා මෙම ගිනි නිවීමේ මෙහෙයුම සඳහා මේ වන විටත් දායකත්වය ලබා දෙමින් සිටින බව ද නාවික හමුදාවේ එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා තුනක් හා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා දෙකක් සැපයුම් යාත්‍රාවන් වශයෙන් මෙම මෙහෙයුමට එක්කර ඇතැයි ද හෙතෙම පැවසීය.



අදහස් (1)

‘නිව් ඩයමන්ඩ්’ නැවේ ගින්න නිවා දමයි

sampath Sunday, 06 September 2020 03:29 PM

ලංකාවේ වෙරළාරක්ෂක හමුදාවක් හදන්න ඕන...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site