



(ජයමාල් චන්ද්‍රසිරි)
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති වශයෙන් වැඩ බාරගැනීම අද (9) විශ්ව විද්‍යාල උප කුලපති කාර්යාලයේ දී සිදුකෙරිණි.
මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද උපකුලපතිවරයා වැඩ බාරගැනීම විශ්ව විද්‍යාලීය උපකුලපති කාර්යාලයේ දී සිදුවිය.
එම අවස්ථාවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, සුදන්ත ලියනගේ මහතාගේ බිරිඳ ජනිතා ලියනගේ මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හරිම කැමැති මහත්මයෙක්..
නව උප කුලපතිතුමාට අපගේ සුබපැතුම් ... !!!
ගෝඨාභය සදාකාලික ජනාධිපති‘යි කියා හිතා ව්‍යවස්ථා හදන්න යන්න ඒපා. ව්‍යවස්ථාව රට සහ ජනතාව වෙනුවෙන් ඉතා බුද්ධිමත්ව සංශෝධනය කළ යුතුයි. මිනිස් ජීවිත අස්ථීරයි. හදිසියේ ජනාධිපති මියගොස් දූෂිතයෙක් පාලන බලය ගතහොත් අපියි, රටයි, විනාශයි නේද?
උපකුලපතිතුමනි, අප රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමට පියවර ගන්න, විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට හොද පරිගණයක් ලබාදීමට පියවරගන්න, අඩුම ඔවුන් පළමු වසර ශිෂ්‍යයින් ලෙස බඳවාගන්නා අවස්ථාවේදී... අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න. නේවාසිකාගාර සඳහාද අන්තර්ජාල පහසුකම් ලබාදෙන්න. ලෝකයේ විවිධ විශ්විද්‍යාල සමග ඒකාබද්ධව විවිධ ඉන්ටෙන්ෂන් පාඨමාලා සඳහා ශිෂ්‍යයින් යොමු කරන්න. දක්ෂයාට තැන දෙන්න. අදක්ෂයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස බඳවා නොගන්න. බොහෝ ආචාර්යවරුන් කූඨලේඛණ මගින් දත්ත, පොත්පත් ඉදිරිපත් කරමින් තමන් දක්ෂයන් ලෙස පෙනීසිටිමින් අදක්ෂයන් ආචාර්යවරුන් වෙති. මේවා වැළැක්වීමට පියවර ගනු මැනවි... නිලයට වඩා දැනුමට තැන දෙන්න, ඔබට සුබපැතුම්..
කට්ටිය වැඳගෙන ඉන්නේ බුදුහාමුදුරුවන්ට වඳිනවා වගේ.. මේ වගේ වහල්ලු ඉන්නකම් අපේ රට හදනවා බොරු...
මෙතුමා හොඳ කෙනෙක්ද නැද්ද යන්න තීරය වෙන්නේ මෙතුමාගේ පාලනය අනුව. කොහොම උනත් ජනාධිපති උපකුලපති පත් කරන ක්‍රමය හරි එකක් නොවෙයි.