
(දිලීප් ජයසේකර)
මත්තල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ කෑලියපුර ප්‍රදේශයෙන් අද (10) පස්වරුවේ මාර්ගය හරහා වන අලි රංචුවක් ගමන් කරන අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් විය.
හම්බන්තොට සිට ගොන්නොරුව හරහා මත්තල ගුවන් තොටුපොල , දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම හා සුරියවැව දක්වා දිවෙන මෙම මාර්ගයේ නිතර නිතර මෙලෙස වන අලි මාර්ගය හරහා ගමන් කරන අයුරු දැකිය හැකිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ සත්තු දැක්කම ඇත්තටම දුකක් සහ කණගාටුවක් දැනෙනවා. හැම සතෙක්ම වැහැරිලා ගිහින්, ආහාර හිඟකමින්.. ඔවුන්ගේ වාසභූමි විනාශ කිරීමේ ප්‍රතිඵල...
අප්‍රිකානු රටවල මන් දැකලා තියනවා ඔය වගේ අලි මාරුවෙන තැන්වලින් පාර උස්සලා පාලමක් ඉදිකරලා තිබෙනවා ඒ සතුන්ට නිදහසේ යටින් මාරුවෙන්න. නමුත් අපේ රටේ නම් එච්චර සත්තුන්ට, ගහකොළට ආදරේ දේශපාලුවන් බිහිවෙන්නේ නැහැ. වැඩිහරියක් මේ අලින් අද අසරණ වෙලා තියෙන්නේ.. එම ප්‍රදේශයේ පහුගිය කාලේ කරපු ඉවක් බවක් නැති ඉදිකිරීම් හින්දයි..
යන්න එන්න විදිහක් නැහැ. පදික මාරුත් නැහැ. වතුර ටැංකි හදාගෙන අපිට බොන්න වතුර දෙන්නේ නැහැ. ඒ ගොල්ලන් විතරක් බෙදාහදාගෙන අපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ කොහොමද අපිට පිළිගත් දේශපාලන පක්ෂයක් නැහැ. ඡන්ද අයිතියකුත් නැහැ. අපිව බලාගන්න මිනිස්සු දාපු කෙනත් කරන්නේ කැලෑ කපන එක. අහුවුණොත් ඔය වනේ ලොක්කා උස්සලා පොළවේ ගහනවා. මිනිස්සු හරි නැහැ. වැරදිම කරනවා. කුඩු විකුණනවා. බොනවා. රෑ අරක්කු බොනවා අපේ දළ කපනවා. හක්ක පටස් ගහනවා. අපි එහෙම නැහැ... අපි අලි...
උන්ගේ පාර අපි ළඟ, අපේ පාර උන් ළඟ...
තමන් ඉපදුණු භූමියේ අයිතිය අහිමිවුණු අහිංසකයින් රැසක්...!!! තමන් විශිෂ්ඨ යයි තමන් විසින්ම හඳුන්වා ගන්නා "මිනිසා" නම් ආත්මාර්ථකාමී සතා විසින් මේ දැවැන්තයින්ට අයත් කැලෑව පැහැර ගැනීම නිසා.. ඒ සතුන් අතරමං වී, ඉබාගාතේ ඇවිදිමින්.. කුසට අහරක් සොයමින් යන මේ ගමනේදී.. අලි වෙඩි, හක්ක පටස්, වස, වැනි නපුරු මිනිසාගේ මරණිය තර්ජන කොතෙකුත් හමුවෙනවා. ඔවුන් ඉපදී, සතුටින් ජීවත්වුණු කැලෑව අද ලොකු ගුවන්තොටුපොළක් කරලා. ඒ ගුවන්තොටුපොළත් ඒ ලෝකෙටත් නැති, මේ ලෝකෙටත් නැති එකක් වෙලා.. මෝඩ, උද්දච්ච දේශපාලුවෙක්ගේ තීරණයක් නිසා මේ ප්‍රදේශයේ අලි පමණක් නොව, යන හසරක් නොදැන, ඉබාගාතේ ඇවිදින අලින්ගෙන් බැටකන මිනිසුන්ගේ දුක්බර කතාවත් ඊට අන්තයි. මේ රට පාලනය කරන මෝඩ උද්දච්ඡ දේශපාලුවනේ... මේ රට අයිති නුඹලාට නොවෙයි. මේ රටේ ජීවත්වන මිනිසුන්ටයි, සතුන්ටයි, ගහකොළ, ගංගාවන්.. අාදියටයි. මේ රටේ පරිසරය විනාශ කළ දේශපාලුවනේ... නුඹලාට ශාප වේවා...!!!