කලාකරුවෝ රැසක් ටෙනිසන්ට අවසන් ගෞරව දක්වති
ජනප්‍රිය විකට රංගන ශිල්පියකු, චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු, තිරකතා රචකයකු සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වූ අභාවප්‍රාප්ත ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින්, කලාකරුවන්, රසිකයින් ඇතුළු පිරිස් මොරටුව, විල්ලෝරාවත්ත පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණෙමින් සිටිති.