




(දයාරත්න ඇඹෝගම)
යුද හමුදාවේ 71 වැනි සංවත්සරයට සමගාමිව හමුදාවේ සියලු සේනාංක ධජයන්ට සදහා සෙත් පැතිමේ ආගමික උත්සවය අද (30) දින යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැත්වුණි.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් ප්‍රමුඛ අටමස්ථානාධිපතිවරුන්ගේ අනුශාසනා මත ආගමික වතාවත් සිදුවිය.
අද (30)දින උදෑසන මහාවිහාරයට පැමිණි යුද හමුදාපතිවරයා පළමුව අටමස්ථානාධිපති හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ආගමික උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි.
අනතුරුව මහා සංඝරත්නයදී පෙරටු කොට ගෙන ශ්‍රී මහා බෝධිය ඉදිරිපිටදි යුද හමුදා සියලු ධජයන්ට සෙත් පැතීම සිදුවිය.
මෙම අවස්ථාවට රුවන්වැලි විහාරාධිපති පල්ලේගම හේමරතන, ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද, ලංකාරාමාධිපති රළපනාවේ ධම්මජෝති, ජේතවනාරාමාධිකාරි ඉහල හල්මිල්ලැවේ රතනපාල, මිරිසවැටිය විහාරාධිපති ඊතලවැටුණවැවේ ඥානතිලක යන හිමිවරු ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික කටයුතු වලට රජයේ මුදල් වියදම් කරන එක හරිද?
බුදුදහම අවිහිංසාවාදී ආගමක්... එහෙම ආගමක භික්ෂූන් වහන්සේලා එකතුව යුද හමුදා ධජවලට සෙත් පතනවා කීමේදී කවර ආකාරයේ සෙතක් ද පතන්නේ? යුද්ධයෙන් ජය ලබත්වා කියලා සෙත් පතන්ඩයෑ?
රටේ උඩ ඉඳලා පොඩ්ඩා දක්වාම අත්වල කඹ තරම් නුල් බැඳගෙන, ඇට වළලු බැඳගෙන, ගෝත්‍රිකයින්ගේ තවත් මිත්‍යා දෘෂ්ටික වැඩක්.