









( ගයාන් අමරසේකර)
‘අපේ රට අපේ දෑතින් ‘ යන තේමාව යටතේ ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණ සැමරුම් උත්සවය අද බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදි 2020 ලෝක ළමා දිනය වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය සහිත මුල්දින කවරය මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ශාන්ත කුමාර මීගම මහතා අගමැතිවරයාට පිළිගැන්වූයේය.
එහිදි මහජන බැංකුව මගින් ප්ලාස්ටික් කැට ඉවත් කර ඒ වෙනුවට මැටියෙන් වී බිස්සක හැඩයට නිර්මාණය කළ කැට දරුවන්ට බෙදා දීම ද සිදු කෙරිණි.
මැටි කර්මාන්තය ශ්‍රී ලංකාවේ වැඩිදියුණු කිරීමේ ජනාධිපතිවරයාගේ සංකල්පයට අනුව එය ක්‍රියාත්මක කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසට වේලක්වත් කන්න නැති, ඉස්කෝලයක් දැකලාවත් නැති ළමයි දහස් ගාණක් රටේ ඉන්දැද්දී, ලොකු පාසල්වල ළමයි දාලා නැටුම් පෙන්නලා මුද්දර ගහලා ළමා දිනේ සැමරුවාම හරිද මහරජාණෙනි?
මෙන්න මේ වගේ වැඩ කරනකොට මුහුණු ආවරණ නැතිව දුරස්ථ සීමාව නැතිව කරනකොට නැවතත් කොරෝනා පැතිරෙන්න තියෙන අවකාශ කොච්චර වැඩිද.