
(නාලක සංජීව දහනායක)
මෙරට පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ මුණුපුරා විසින් රචිත ‘ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා ජේ.ආර් යුගයේ නොපල කතා‘ කෘතිය හා මාධ්‍යවේදී සාගරිකා දිසානායක මහත්මිය විසින් රචිත ‘එලීනා ජයවර්ධන චරිත කතා‘ කෘති ද්විත්වය එළිදැක්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (29) පැවැත්විණි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , පරිසර අමාත්‍ය මහින්ද අමරවීර , පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් , තිස්ස අත්තනායක , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක , වජිර අබේවර්ධන , තිලංග සුමතිපාල යන මහත්වරුන්ද ජයවර්ධන පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා" පොත පිරිනමලා තියෙන්නේ "සුන්දර ඒකාධිපතියා" කියලා මිනිස්සු ආදරෙන් හඳුන්වපු මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට. කවියක් ලියවෙන්න තරම් සුදුසු මාතෘකාවක්. මේ දවස්වල 20 ගැන කේන්තියෙන් ඉන්න හින්දා කවි සිතුවිලි එන්නේ නැහැ.
ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපතියා ජේ.ආර්. ජයවර්ධන මහතා නම්, ඔහුගේ ව්‍යවස්ථාවට අණ්ඩ දමාගෙන සැමදාම රජකම් කිරීමට මාන බලන අනෙක් පාලකයින්ට කියන්න ඕනෑ මොනනමද? ඒකාධිපතිකම තලු මරමින් රස විඳින්න වෙන්න ඇති මේ පොත පෙරලන්නේ? නිවට, නින්දිත ජොලි කතා ලියන අමන, දීන පුද්ගලයින්ගේ පොත්වලින් ඉරාදමන කොළයක්වත් අපි නම් රටකජු ගොට්ටවත් එපා. අඩුතරමේ ටොයිලට් පේපර් එකකටවත් ගන්න බැහැ.
චම්පා, ඔයාගේ සුන්දර ඒකාධිපති බබා කරපු ඒවා තාජුඩීන්ගෙන් පටන් ගන්නද? නැතිනම් චීනාට කෑෂ්වලට වික්ක ශැන්ග්‍රිල්ලා හෝටලයෙන් පටන් ගන්නද? මේ මිනිහා අද ඉන්න ඕනෑ කුඩුවේ.
ජනාධිපතිට එන්න කිව්වේ නැත්තේ මොකද?
තව සුළු මොහොතකින් අරම්භ කිරීමට නියමිත ඇමෙරිකානු සජීවී දේශපාලන විවාදය (ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බිඩ්න්) නැරඹීමට ඔබටත් හැකිවේ. මේ වනවිට එම විකාශනය ඔන්ලයින් මගින් නැරඹීමට හැකිවේ. ඇමෙරිකන් දේශපාලන විවාද සිදුවන්නේ කෙසේද කියා නරඹන්න. ලංකාවේත් මෙවැනි දේවල් කරන්න උනන්දු වන්න.
20ත් ගෝඨාභය මහත්තයා නියම ඒකාධිපතියෙක් වෙන්න තමයි හදන්නේ..
මෙව්වා පුහු ඕපාදූප... ජේ.ආර්. රටට කළ හරිය නොදන්නේ කවුද? ඕකට පොත් බලන්න ඕනෑ නැහැ.
බත්බැලයින් හැමදාම කලේ බලයේ සිටින පාලකයින්ට ආවඩමින් පොත් ලිවීම තමයි. පාලකයින්ගෙන් රටට සිදු කරගත යුතු සේවය ලබා ගැනීමට නොහැකි වන්නේත් කොලේ වසා "පොත් පෙරලන" අම්බරුවන්ගේ අමනොඥ ක්‍රියා නිසයි.
සීයාගේ විශාලතම දේශපාලන හතුරන්ටයි පොත පිළිගන්වන්නේ.. මෙයා මොනවගේ මුණුබුරෙක්ද?
පොත් සාප්පුවල මේ පොත මිලට ගන්න ඇතිනේද?