





(පද්මා කුමාරී කංකානම්ගේ )
වනජීවී දෙපාර්තුමේන්තුවේ ප්‍රථම සමුද්‍ර කෞතුකාගාරය කල්පිටිය කුඩාව ඉදිවෙමින් පවතින බව එම දෙපාර්තුමේන්තුවේ කල්පිටිය ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක නිළධාරී මංජුල කුමාර මොරතැන්න මහතා පවසයි.
මීට වසර දෙකකට ඉහත කුඩාව වෙරළ තීරයට පාව ආ තල්මසකුගේ සැකිල්ල කේන්ද්‍ර කරගනිමින් මෙම කෞතුකාගාරය නිර්මාණය වෙමින් පවතී.
මේ පිළිබඳව අදහස් දක්වමින් අඩවි ආරක්ෂක නිළධාරී මොරතැන්න මහතා මෙසේ පැවසීය.
"මිය ගිය තල්මසා අඩි 43ක් දිග පළල අඩි 15 ක් පමණ වෙනවා. අපි තල්මසා මිහිදන් කළේ නැවත ගොඩ ගන්න හැකි විදිහට යි. මේ සැකිල්ල අදියර කිහිපයක් යටතේ ගොඩ ගත්තා . මෙම සමුද්‍ර කෞතුකාගාරයට මුහුදු ක්ෂීරපායින් වන ඩොල්පින්, මුහුදු ඌරා, කැස්බෑවන් වැනි සතුන්ගේ සජීවී නිදර්ශක, ජලජ ශාක, කොරල්පර ආදී නිදර්ශක තොරතුරු එක් කිරීමට බලාපොරොත්තු වෙනවා. දෙස් විදෙස් සංචාරකයින්ට දැනුම විනෝදය වගේම අධ්‍යාපනික මූලාශ්‍ර සපයන ස්ථානයක් බවට මෙම ස්ථානය පත් කිරීම අපේ අරමුණයි."
කුඩාව සංචාරක බෝට්ටු හිමියන්ගේ සංගමයේ සහාපති සුගත් එම්මානුවෙල් මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.
‘මීට දෙවසරකට ඉහත මෙම තල්මස් දේහය වෙරළට පැමිණි බවත් එය ගොඩ ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට ගම්වාසීන්ට සිදු වුණා. අපේ ගම සංචාරක කර්මාන්තය මත යැපෙන ගමක්. ඒ නිසා අපි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා මේ තල්මසා අපේ ගමේම රදවාගෙන සංචාරක කර්මාන්තයට පිටුවහලක් කර ගන්න. ඒ අනුව තමයි සමුද්‍ර කෞතුකාගාර සංකල්පය බිහි වෙන්නේ. මෙම ස්ථානය දෙස් වීදෙස් සංචාරක ආකර්ශනය දිනා ගන්නා ස්ථානයක් බවට පත්වෙනු ඇතැයි මගේ විශ්වාසයයි. අපිට උදව් කළ වනජීවී දෙපාර්තුමේන්තුවේ නිළධාරීන්ටත් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතාටත් අපේ ස්තූතිය පුද කළ යුතු යි.’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක්. අනාගතයේදී රටට ආදායම් මාර්ගයක් වේවි... රටේ දරුවන්ට මෙන්ම විදේශිකයින්ටත් මුහුදේ සැඟවුණු තොරතුරු දැනගන්න පුළුවන් තෝතැන්නකි. මෙය තවත් දියුණු කළ යුතුයි.
හොඳ අදහසක්... හොඳ ආරම්භයක්... සුබ පැතුම්...!!!
දේශීය විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරගන්න පුළුවන් හොඳ අදහසක්...
එන එන කෙනා ඔකේ එල්ලෙන්න පුළුවන් විදියට තිබ්බොත් නම් ඉතින් වැඩි කලක් ඕක පවතින එකක් නැහැ.
ඉතාම කාලෝචිත ක්‍රියාවක්. හරිම සතුටුයි මේ ක්‍රියාව ගැන... උණුසුම් සුබපැතුම්. ආසාවෙන් ඉන්නවා බලාගෙන ඉන්න.