





( රේඛා තරංගනී ෆොන්සේකා සහ ළහිරු හර්ෂණ)
පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරයෙකු වන නීතිඥ මදුර විතානගේ මහතා සිය මංගල පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා ඔහුගේ නිවසේ සිට දියවන්නා ඔය තරණය කර පාර්ලිමේන්තුවට අද (20)බෝට්ටුවෙන් ගමන් කළේය.
කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කළ ඒ මහතා මනාප 70, 205 ලබා පොදුජන පෙරමුණ පක්ෂය යටතේ ජයගත් අතර නවක මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ මංගල සැසියකට බෝට්ටුවෙන් පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ.
අනාගතයේ මාර්ග තදබදයට හා පරිසර දුෂණයට තිත තැබීමට පුර්වාදර්ශයක් ලෙස මෙම ක්‍රියාව සිදු කළ බව ඒ මහතා පිටත්ව යමින් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පූර්වාදර්ශයක්.. එනමුත් හැමෝටම දියවන්නාව අවට ගෙවල් නැහැනේ... හැමිල්ටන් ඇළ, කොළඹ ඇළමාර්ග වැඩිදියුණු කළා නම් හොඳයි.
පරණ අය යවලා අලුත් අය ගෙනත් වගේ... ඔය වගෙ විගඩම් බලන්නද මෙයාලා යැව්වේ?
බෝට්ටුවෙන් යන්නයන වියදම බස්එකේ යනවට වඩා වැඩියි. මන්ත්‍රීවරු, ඇමැතිවරු පොදු ප්‍රවාහන සේවා... භාවිතා කළ යුතුයි. එතකොට ඇත්ත දැනිලා මේක හරියට හදයි...
හැමදාම බෝට්ටුවෙන් එනවද? අද විතරද?
මෙයා ගැන මුළු අවුරුදු 5ටම අපිට අහන්න ලැබෙන්නේ ඕක විතරයි..
මතක තියාගන්න සිරිසේන හිටපු ජනපතිතුමත් පළමු එකට අත්සන් කළේ රුපියල් 10 පෑනකින්...
මෙයා මෝටර් බෝට්ටුවෙන් ආවාම කොහොමද පරිසර හානිය නැතිවෙන්නේ? බස් එකෙන් හෝ ත්‍රීවීලර් එකෙන් ආවානම් පරිසර හානිය අඩුයි.
ළඟදීම ඩියුටි ෆ්‍රී බෝට්ටුත් දෙන්න වෙයි වගේ නේද?
මේ වගේ අනුවණ මිනිස්සු...
ඒ වුණාට අපේ රාජපක්ෂලා පාපැදියෙන් ආවේ... මතක නැද්ද?
ආරම්භයේ හැටියට නම් තවත් සැණකෙළි කාරයෙක් වගේ. එ්ත් බහුතරය තේරුම් අරගෙනත් වගේ...
මාර වැඩේ... මරු පාර නේද දැන් ඉඳලාම...!!!
පාර්ලිමන්ට් ජෝක්ස් අංක 3
ඇයි ලොක්කා කරනවා වගේම හෙළිකොප්ටරයෙන් බැස්සා නම් වාහන තදබදයක් නැහැනේ..
මොකද මේ බෝට්ටුවකින් ආවා කියලා මුළු රටම මෙයාව වර්ණනා කරගෙන අත්පුඩිගහන්නේ...? දන්නෙත් නැහැ. අඳුරන්නෙත් නැහැ. කරපු දේකුත් නැහැ. ‘‘දූපත් මානසික රෝගීන්‘‘
දැන් මෙතුමාගේ මේ මහඟු පූර්වාදර්ශයට වියදම කීයක් වගේ ගියාද? රට්ටු හිනස්සන වැඩ කරන්න එපා තුමෝ... අපි දැන් මේ නාටක අවුරුදු 5න් 5ට නරඹලාම එපාවෙලා ඉන්නේ...