
2020 මහ මැතිවරණයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් 5,27,364 ලබාගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස අද (11) දිවුරුම් දුන්නේය.
“ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස නැවත වරක් රාජකාරි භාර ගැනීමට ලැබීම මට ගෞරවයක්. ඉදිරි වසරවලදී මගේ ජාතියට සහ මගේ ජනතාවට අඛණ්ඩව සේවය කිරීමට මම බලාපොරොත්තු වෙමි.“ යයි අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ බාරගනිමින් මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි .
( ඡායාරූපය- අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමා, ඔබතුමාට දළදා සමිඳු පිහිටත්, දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා. රටේ බලය, පාර්ලිමේන්තු බලය, නීති අණපනත් හැදීමේ සහ සම්මත කරගැනීමේ බලය තියෙන ඔබ, පටන් ගැම්මේම රටේ ජනගහනයෙන් 1/2කටත්, මුළු ජනගහනයෙන් 1/5කටත් අසාධාරණයක් කරලා තියෙනවා. ලංකාවේ මුළු ජනගහනයෙන් 50.7% ක් කාන්තාවන්. ඒ අතරින් 42% ක්ම ජීවත් වෙන්නේ ගම්බද. ඒ වගේම මුළු ජනගහනයෙන් 21.4% ක් දරුවන්. 1997 ඉඳන් කැබිනට් අමාත්‍යංශයක් වෙලා තිබ්බ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය, ඔබ රාජ්‍ය අමාත්‍යංශයක් හෙවත් දෙවෙනි පෙළ අමාත්‍යංශයක් කරමින් මේ රටේ කාන්තාවන් සහ දරුවන් දෙවන පෙළ පුරවැසියන් කරලා තියෙනවා. දරුවන්ට, ගම්බද මිනිසුන්ට බොහෝ ආදරය කරන මෘදු හදවතක් තියෙන ඔබම මෙහෙම කලේ ඇයි? මේ ඇමති ධූරය අතීතයේ දරපු කිසිම ඇමතිවරියක් කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කරන්න අලුත් නීති ගෙනාවේ නැහැ. හේතුව යාන්ත්‍රික හදවත් තිබෙන ඔවුන්ට බිම් මට්ටම ගැන අවබෝධයක් නොතිබීම. මේ රටේ කාන්තාවන් සහ දරුවන්ට ආරක්ෂාව, සුබසාධනය සහ පෝෂණය පිළිබඳ බරපතල ප්‍රශ්න තියෙනවා. මේ අමාත්‍යංශය ඔබේ යටතට හරි අරගෙන ඉහළම මට්ටමින් ඔවුන්ට යුක්තිය සහ සාධාරණත්වය ඉෂ්ඨ කරන්න තරම් ඔබ දයානුකම්පිත නොවෙන්නේ ඇයි?
මහනුවර මඟුල් මඩුවේදී හෙට පවත්වන ඇමතිවරු දිව්රුම් දීමේ උත්සවය තනිකරම මහජන මුදල් නාස්තියක්. බොරු සෝබන වැඩක්. "සංදර්ශන රජ පාලනය - සොරි - රාජ්‍ය පාලනය පටන් ගත් වගයි" කියලා රටට කියන පණිවුඩයක් වගේ. ජනාධිපති අගමැති දිව්රුම් දීමේ උත්සව තියෙන එක තව කමක් නැහැ කියමු. ඇමතිවරුන්ට දිව්රුම් දෙන්න නුවර මඟුල් මඩුවේ උත්සව මොකටද? කොළඹින් පිට මේ උත්සවයට දවස් කීයක් තිස්සේ රාජ්‍ය නිලධාරීන් ගිහින් ඉන්නවද? ඔවුන්ට ඉඳුම් හිටුම් කෑම බීම වලට නිස්කාරනේ මොන තරම් වියදමක්ද? කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී තනතුරු බාර දෙන්න පුළුවන්කම තියෙත්දී නුවරට ගෙනියන්නේ හැමදාම කළා වගේ උත්සවයෙන් කාට හරි මුදල් ගසා කන්න ඕනේ නිසා නෙමෙයිද? දැන් මේකට වාහන කීයක් පාවිච්චි කරනවද? හෙලිකොප්ටර් කීයක් පාවිච්චි කරනවද? ආපු දවස්වල නම් පත්තර වල තිබුණු ජනාධිපතිවරයා කාබන් විමෝචනය අඩුකරපු ලංකාවේ මහා නායකයා කියලා. කතාවට එහෙමයි. ක්‍රියාවට මෙහෙමයි.
මගුල් මඩුවේ උත්සවය ගැන ඉස්සෙල්ලා ලියන කොට මම පින්තූර දැකලා තිබුනේ නැහැ. අයියෝ, උත්සවය ගන්නේ මහනුවර දළදා මාලිගාවේ මගුල් මඩුවේ වුණාට, කිසිම සිංහල බෞද්ධ ගතියක් නැහැ. සරසලා තියෙන්නේ හරියට දකුණු ඉන්දියානු මගුල් ගෙදරක් වගේ. නළලේ රතුපාට පොට්ටුව පොට්ටුව තිබ්බා නම් තවත් හොඳයි.
මහින්ද රාජපක්ෂ, ඔබ දැන් රටේ අගමැති වශයෙන් දිවුරුම්දිලා තියෙනවා. හැමවතාවකම ඔබ අමතක කළ බොහෝදේවල් මතක් කරන්න මේ පිටුවේ මට ඉඩ මදි. නමුත් මේ ගැන ඔබට නැවතත් මතක්කළ යුතුයි. රටේ නායකයා යනු තාවකාලිකව රටවැසියන් විසින් තමන්ගේ බලය තාවකාලිකව පවරනු ලබන තැනැත්තා පමණයි. ඔහුට පවරනු ලබන බලය යනු රට දියුණු කිරීමටත්, රටේ ආරක්ෂාව තහවුරු කිරීමත්, රටවැසියන්ගේ පරිභෝජන ශක්තිය ඉහල දැමීමත්, සෞඛ්‍ය, ආහාර, ගමනාගමනය, අධ්‍යාපනය... වැනි අත්‍යවශ්‍ය සේවාවන්..වැඩිදියුණු කිරීමත් වැනි කාර්යයන්ය. එසේ නැතිව රටේ නායකකම යනු, රටේ ධනය කොල්ලකෑමටවත්, රටේ කොටස් විදේශයන්ට විකිණීමටවත්, ඥාති සංග්‍රහයටවත්, මිනී මැරීමටවත්... ජනතාව දුන්නු ලයිසන් එකක් නොවන බව වටහාගන්න. ඔබට නිතරම අමතකවන එකම ධර්මයත් එයයි. අමතක කරන්න එපා අහිංසක මිනිස්සු හැමදාම අහිංසක නැහැ. ඔවුනුත් හිතන දවසක් එනවා. හෙට නැතිනම් අනිද්දා...
අධිරාජයාගේ අලුත් සළුපිලි ඉතා අගනේය.
දැන් මෙහෙම කී සැරයක් මෙයා වැඩ බාරගත්තද? එයාගේ පවුලේ වැඩ ටික නම් සම්පූර්නයි...
දේශපාලන ඉදිරි ගමනේදී සැබෑ මිතුරන් හඳුනා ගන්න. ඔබ තාවකාලිකව හෝ පැරදුනේ ප්‍රභාකරන්ට වඩා රටට හානිකර පුද්ගලයින් ඔබ වටා හිටපු නිසා. ඒ නිසා නිතරම ජනතාව ගැන හිතන්න. ගුරුවරු දණගස්සවන යුගයකට නැවත ඉඩ තියන්න එපා. තවදුරටත් මර්වින්ලාගේ, ෂාන්ලගේ රාසාපුත්තලගේ යුගයක් බිහිවෙන්න ඉඩ තියන්න එපා. ජනතාව වෙනුවෙන් කැප වෙන්න. මහත්මා ගාන්ධි යුගයක් බිහි කරන්න. ඩී.එස්, ඩඩිලි, සිරිමාවෝ වැනි මැති ඇමතිවරු රටේ සම්පත් හොරකම් කලේ නැහැ. මියයන කොටත් එකතු කරගත්ත වස්තුවක් තිබුනේ නැහැ.. මිනිහෙක් වෙලා උපන්නොත් මිනිසත් බව ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ජනතාව තමයි නියම සහතිකය දෙන්නේ. ඔබෙන් යම්යම් වැරදි වුණා. ඒවා නිවැරදි කරගන්න. මේ රටට ඔබ අත්‍යාවශ්‍යමයි. ජනතා ගෞරවය බලෙන් ලබන්න බැහැ. දැන් හොඳට කල්පනා කරලා වැඩ කරන්න. බලය තියෙද්දි තමයි මොලේ පාවිචිචි කරන්න ඕනෑ. බලේ නැති වෙලාවට මොලේ වැඩක් නැහැ. ඔබටත්, රටටත් ජයම වේවා.