IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රන්දෝලි පෙරහර ගමන් අරඹයි

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

=======================================================================================

(ඡායාරූප - චමිල් රූපසිංහ)

(චමිල් රූපසිංහ)

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර අද (03) පස්වරු 7.14 ට යෙදෙනු සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් ඇරඹීය.

අවසන් රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන ලද්දේ මහනුවර දළදා මාලිගාවේ ඉන්දිරාජා හස්තියා මතිනි.

පෙරහැර දළඳා වීදිය (වෝඩ් වීදිය), යටිනුවර වීදිය ,කන්දෙ වීදිය (හීල් වීදිය) ,ඩී එස් සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජ විදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතය.

හෙට (04) රාත්‍රී 1.20 ට දකුණු දිශාමුඛව ශ්‍රී ධන්ත ධාතු මන්දිරයෙහි පෙරහැර සිව් දේවාලයන්හි පෙරහැර සමඟ පෙරහැර දළදා වීදිය ( වෝඩ් වීදිය) , ඩී. එස්. සේනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) , ඔස්සේ ගෙඩිගේ විහාරයට ( ආදාහනා මඵවට ) ගොස් සිරිත් පරිදි දළඳා කරඬුව එහි තැන්පත් කොට සිව් මහා දේවාලයන්හි පෙරහැර ආපසු දේවාලයන් වලට පැමිණ දේව ප්‍රජා පැවැත්වීමෙන් පසු කටුකැළේ විදිය ඔස්සේ ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගල්‍යය සිදු කිරීමට නියමිතව ඇත.

පසුව ගණදෙවි කෝවිලට ගොස් දේව පුජාව සිදුකොට එදිනම උදෑසන 10.15 ට උතුරු දිශාමුඛව පෙරහර පිටත්ව කටුකැළේ වීදිය , දළඳා වීදිය , ඊ එල් සේනානායක වීදිය ( කොටුගොඩැල්ල වීදිය ) , කන්දෙ වීදිය ( හීල් වීදිය ) ,ඔස්සේ   ඩී.එස් සේනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) මංසන්දියට පැමිණ එදින සවස 2.37 ට උතුර දිශාමුඛව ( ආදාහනා මඵව ) ගෙඩිගේ විහාරයෙන් පිටත්වන පෙරහැර ඩී එස් සේනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) , පන්සල පාර ඔස්සේ දේව වීදියෙන් රජ වීදියට හැරී මාළිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණා කොට සවස 5.07 ට උතුරු දිශාව බලා ශ්‍රී දළාඳා මාළිගාවට ගෙවදීමට නියමිතය.

ඉන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර පෞරාණික  චාරිත්‍ර වලට ගරු කරමින් සාර්ථකව අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය දියවඩන නිලමේ ප්‍රමුඛ සතර මහ දේවාල බස්නායක නිලමේවරු පෙරහරින් මහනුවර ජනපති මන්දිරයට ගොස් ජනපතිවරයා වෙත පිළිගැන්වීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත් වෙයි.

දවල් පෙරහර ගෙවැදීමෙන් පසු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ බස්නායක නිලමේවරු පෙරහර සංදේශය ජනපතිවරයා වෙත පිළිගැන්වීම සිදු කරයි.



අදහස් (2)

රන්දෝලි පෙරහර ගමන් අරඹයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 04 August 2020 03:45 AM

" ඝනදුර කපා ආලෝකය මන බැන්ද - අසිරිය දකින නෙත කෙතරම් පින්වත්ද - දළදා සමිඳු වඩිනා උඩරට කන්ද - වෙත පියඹා වඳිමි සමිඳුගෙ ගුණකන්ඳ "

:       0       222

පූජා Tuesday, 04 August 2020 07:36 AM

නරඹන්නන් නොමැතිව ගමන් ගන්නා පෙරහැර..? පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන්ට මොනවා හිතෙනවා ඇද්ද? එයාලට තේරෙනවද "කොරෝනා "නිසයි අපි මෙහෙම තනිවෙලා ඉන්නේ කියලා. කොහොම වුණත් සමිතගේ කවි සිතුවිල්ල ලස්සනයි.

:       0       222

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 155 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site