(ප්‍රියානි මංගලිකා )
ගිල දැමූ හක්කපටස් පිපිරීමෙන් තුවාල ලබා නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයට ඇතුළත් කළ හැළ කිඹුලාට අද (04) එම නිලධාරීන් ප්‍රතිකාර ආරම්භ කර තිබේ.
අඩි පහක් පමණ දිගින් යුතු කිඹුලාගේ මුඛයට සහ අතකට හක්ක පටස් පිපිරී යාමෙන් දැඩි හානි සිදුව ඇති බවද, ගල්ගමුව වනජීවි නිලධාරීන් වැවක් අද්දර අසාධ්‍යව කිඹුලා වැටී සිටියදී සොයාගත් බවද පශුවෛද්‍ය ඒකකය පවසයි.
අනතුරට ලක්වූ හැළ කිඹුලා දැඩි ලෙස තුවාල ලබා, ආහාර ගැනීමටද නොහැකිව ඉතා අසාධ්‍ය තත්වයෙන් පසු වන බවද, කඩිනම් ප්‍රතිකාර ආරම්භ කළ බවද වනජීවි පශුවෛද්‍ය ඒකකය පවසයි.
ආහාර සොයා ගිය කිඹුලා වන අලින්ට අටවා තිබු හක්කපටස් ගිල දමන්නට යෑමේදී අනතුරට ලක් වන්වන්නට ඇතැයි වනජීවි නිලධාරීහු සැක කරති.
නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය බාර, වයඹ වනජීවි පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ, අඩවි සහකාර මංජුල විජේපාල, නියාමක නිලධාරීන් වන ලලිත් පෙරේරා, සපුමල් බණ්ඩාර, ලක්ෂිකා ජයසුන්දර, සුගත් විජේසිංහ, රියදුරු හේරත් යන පිරිස කිඹුලාට ප්‍රතිකාර කරති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හක්කපටස් පිපිරී තුවාල වූ හැළ කිඹුලාට වනජීවි ඒකකයෙන් ප්‍රතිකාර
පූජා Tuesday, 04 August 2020 10:10 AM
අනේ, මේ සතාට කරලා තියෙන අපරාධයක්... මෙයා මේක හැපුවෙ නැත්නම් ඔකට අහුවෙන්නේ,වනයේ සැරිසරන අලියෙක් හෝ අලි පැටියෙක් නේද.? මොන තරම් වේදනාවක් විඳිනවා ඇත්ද මේ අසරණ සතුන්?
විජිත් Tuesday, 04 August 2020 01:33 PM
මට ඔය හක්කපටස් තියපු "නොමිනිසා " අහුවුණා නම්... අල්ලාගෙන ගිහිල්ලා හක්කපටස් එකක් කවනවා. මේ වගේ අය මේ ලෝකෙට ඕනෑ නැහැ. අපායෙන් ලොකු ඉල්ලුමක් තියෙනවා ඔය නරුමයින්ට..
පූජාTuesday, 04 August 2020 01:49 PM
ඇයි දෙයියනේ මේ අසරණ සතාට සිදුවූ විපත ගැන දුක්වෙන්නේ මම විතරද? කෝ මහ ලොකු පරිසරවේදීන්? මැතිවරණය නිසා අතුරුදහන් වෙලාවත්ද?
සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 04 August 2020 04:39 PM
ඇත්තටම අප ජීවත්වෙන්නේ මේ වගේ වැඩ කරන තිරිසන් නොමිනිසුන් සමග නේද ? මේ නම් මේ ඡායාරූපය දක්කාම ඇඟ හිරි වැටුණා.
සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 05 August 2020 04:41 AM
මේ සතාගේ මුහුණට වෙලා තියෙන දේ දැක්කම මට පුංචි හිසරදයක් සමග මහා දුකක් දැනුනා. මේ වන සතුන් මේ අයුරින් විනාශ වීම දෙස බැලීමේදී තවත් කලක් යනකොට මොන වගේ තත්ත්වයක් අපේ රටේ පරිසරයට වී තිබේදැයි සැකයක් මතුවෙනවා. කෙසේ වෙතත්, මෙවන් අමානුෂික ක්‍රියා මේ රටේ සිදුවීම ඉතාමත් පිලිකුල් සිතින් බැහැර කළ යුතු දෙයක්. කරුමය කියන්නේ මේවට වගකිවයුතු දේශපාලනඥයන් ඇස් කන් පියාගෙන සිටීමයි.
පූජාWednesday, 05 August 2020 06:44 AM
පරිසරයට ආදරය කරන මගේ ආදරණීය මිතුරනි, මම හිතලා ලිව්ව දෙයක් නොවෙයි. මේ අසරණ සතාට වෙලා තිබෙන විපත දැක හිතේ දුකටයි එහෙම ලියැවුනේ.. මම දන්නවා ඔබ දෙපළ මටත් වඩා මේ වන ජීවින්ට ආදරය කරන බව. හිත රිදුණා නම් මට සමාව දෙන්න...