(චමිල් රූපසිංහ)
මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහරේ සමාප්තිය ගැටඹේ මහවැලි ගං තොටේදි අද (04) අලුයම දිය කැපීමේ චාරිත්‍රයෙන් අවසන් විය.
ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගලෝත්සවය පවත්වා ආපසු ගණදෙවි කෝවිලට ගොස් දේව පුජාව පැවැත්විණි.
පසුව, උතුරු දිශාමුඛව පෙරහැර පිටත්ව කටුකැළේ වීදිය, දළඳා වීදිය, ඊ එල් සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය), කන්දෙ වීදිය (හීල් වීදිය) ඔස්සේ ඩී. එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) මංසංදිය වෙත පැමිණියේය. දහවල් 2.37 ට උතුර දිශාමුඛව (ආදාහන මලුව ) ගෙඩිගේ විහාරයෙන් පිටත්වන ශ්‍රී දළඳා මන්දිරයේ පෙරහරෙඩී. එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) , පන්සල පාර ඔස්සේ දේව වීදියෙන් රජ වීදියට හැරී මාළිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණා කර සවස 5.07උතුරු දිශාව බලා ශ්‍රී දළඳා මාළිගාවට ගෙවදීමට නියමිතය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇසළ පෙරහරේ දියකැපීමේ මංගල්‍යය