

(සිඳී ගිය වැව්)

(වැව් ජලයෙන් වගාකිරීමට ඇති වගාභූමි)
(ඉන්දික අරුණ කුමාර)
වියළි කාලගුණ තත්වය හේතුවෙන් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිබිල වැව, දෙකේ කනුව වැව, නාඋල වැව ඇතුළු කුඩා වැව් රැසක් සිඳී ගොස් ඇතැයි ගොවි සංවිධාන කියයි.
දැඩි පෑවිල්ලත් සමග එව සුළඟ වැව්වල ජලය සිඳීයාමට බලපා ඇති අතර, මේ හේතුවන් ඇතැම් වැව් පතුල්වල තෘණ වර්ගද වැවී තිබේ. නෙළුම් වැනි ශාක පවා විනාශ වෙමින් ඇති බව ගොවීහු කියති.
වැසි නොලැබීමෙන්, භූගත ජල මට්ටම පහත බසිමින් ඇති බවද, මේ තත්වය ඉදිරියට පැවතුණහොත් ළිංවල ජල මට්ටම පවා පහත බසිනු ඇති බවද ඔවුහු පවසති.
මූලික බිම් සැකසු බොහෝ වගාභූමිවල වගා කටයුතු මේ හේතුවෙන් කර ගත නොහැකිව ඇතැයි ගොවි සංවිධාන කියා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වෙලාව හොඳයි වැව් ගැඹුරු කරන්න.
සිඳීගිය වැවට පිටුපසින් පෙනෙන, කඳු පෙළ මොනතරම් ලස්සන දර්ශනයක් මවා පානවද? වැව් වැසිදියෙන් පිරී තිබෙන කාලයට, නෙලුම් මල් එහෙම පිපී තිබෙන විට, ඒ පළාත මොනතරම් දර්ශනීයව පෙනෙනවා ඇද්ද? හැමදාම ඔහොම තියෙන එකක් නැහැ. වැස්ස වැහැලා, වැව් පොකුණු, ජලයෙන් පිරිලා, නෙලුම් මානෙල් මල් පිපිලා වගා බිමුත් සරුසාර වෙයි. අපි සියලු දෙනාම නිරතුරුවම බලා හිඳින "බලාපොරොත්තුව" එකම විසඳුම වේවිද?
පේන්නේ පිට්ටනියක් වගේ ගොඩවෙලා... මේ වැව් හාරලා වතුර ධාරිතාවය වැඩි කළා නම් හරි...