
(රංජිත් රාජපක්ෂ)
නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියේ පිලී පැනීමට ලක් වූ දුම්රිය මැදිරිය පිලිගත කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රිය අද (18) වටවල සහ ගලබොඩ දුම්රිය ස්ථාන දෙක අතර වේවැල්තලාව 98 සැතපුම් කණුව අසලදී දුම්රිය මැදිරියක් පිලී පැනීමට ලක් වී තිබේ.
දුම්රිය මැදිරිය පිලී පැනීමෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත්, ධාවනය වූ පොඩි මැණිකේ සහ උඩරට මැණිකේ දුම්රියන් , විශේෂ දුම්රියත් , දුම්රිය මැදිරිය පිලි පැනීමට ලක් වූ ස්ථානය දක්වා ධාවනය කර මගින් දුම්රියන් අතර මාරු කර සිය ගමනාන්තය දක්වා යැවීමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබිණි.
දුම්රිය මැදිරිය පිලී පැනීමෙන් දුම්රිය මාර්ගයට ද අලාභ හානි සිදු වී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගීන් හුවමාරු කර ගමන් පහසුව සලසාදීම ඉතාමත් අගය කළ යුතු දෙයක්...
ඉතාම ඉහළ මට්ටමින් දුම්රිය මාර්ග මැදිරි නඩත්තු කිරීම සහ ඒ මගින් පීලි පැනීම ගැන අපගේ ප්‍රණාමය...
මේ වගේ ලදරන් ඩක්කුවක්වත් පීල්ලක් මත දුවාගන්න බැරි දුම්රිය දෙපාර්තමේන්තුවක්ද අපට තියෙන්නේ? පඩිය විතරක් වැඩිකර ගන්න වර්ජනය කරන දුම්රිය රියදුරු යයි කියා ගන්නා පිරිසක් සිටින, සුද්දෝ හදාපු රේල් පාරට ප්ලාස්ටර් අලවන එකනේ අපේ දුම්රිය දෙපාර්තමේන්තුව කරන්නේ.