


(සිතුම් චතුරංග)
මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, පණික්කකුලම් ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලියකු අද(23) සොයාගත් බව මුලතිව් වනජීවි කාර්යාලය පැවසීය.
වයස අවුරුදු 10ක් පමණ වන මෙම අලියා, රංචුව සමග රාත්‍රි කාලයේ ආහාර සොයා ගමන් කිරීමේදී වගා ළිඳට වැටී ඇත.
මෙම අලින් වගා හානි කරමින් නිරන්තරයෙන් ගම්මානය අවට සැරිසරන බව ඔඩ්ඩුසුඩාන් පණික්කකුලම් ප්‍රදේශවාසීහු කීහ.
බැකෝ යන්ත්‍ර උපයෝගී කරගනිමින් නිරුපද්‍රිතව අලියා වගා ළිදෙන් ගොඩගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව මුලතිව් වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගා ළිඳ උනාට වතුර නම් නෑ. පායන කාලෙ හින්දාද දන්නෙ නෑ. අටවපු උගුලක් ද දන්නෙත් නැහැ. කෙසේ වෙතත්, මේ අලි මිනිස් ගැටුම හා ප්‍රශ්නය පුදුමාකාර සංකීර්ණ දෙයක්. මිනිසුන් අලින්ට අයිති කැලේ වගා කරලා අලින් කොටුවෙලා. ඒ නිසා ඔවුන් තමන්ගේ පෙර නිජ බිම් වලට පැමිණෙනවා. ඒ වන විට මිනිසුන් වගා කළ ඉඩම් වලට ඔප්පු තිරප්පු හදාගෙන. ඒත්, ඒවායේ අයිතිය අලි ඇතුන්ට බව, වන සතුන්ට බව සොබා දහමට අනුව සතුන් දන්නවා. ඒ නිසා ඔවුන් ප්‍රචණ්ඩ වෙනවා ඇති. මෙන්න මේ නිසා තමයි අලි මිනිස් ගැටුම ආරම්භ වෙන්නේ. මේ වනාන්තර වල වගා කරගෙන ඉන්නා අසරණ මිනිසුන් ගැන අපට හැඟීමක් නැතුවා නොවෙයි. ඒත් එහෙමයි කියලා අසරණ වන සතුන් මොනව කරන්නද .. ? මේ මහ පොළොව ඒ වන සතුන්ටත් අයිතිබව මිනිසා සිතන්නේ නැහැ.