IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ඉෂාරා ගෙන එන්න STF නිලධාරීන් නේපාලයට

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නේපාලයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පස්දෙනා මෙරටට රැගෙන ඒමට සහායවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙදෙනෙකු නේපාලය බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු මේවන විට නේපාලයේ රැඳී සිටින අතර ඔවුන්ට සහායවීම සඳහා මෙම නිලධාරීන් දෙදෙනා පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

නේපාලයේ කත්මන්ඩු නුවර සිට කිලෝ මීටර් 18ක පමණ දුරින් වු නිවසක රැඳී සිටිය දී ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරීන් කීපදෙනකු එම සැකකාරිය සහ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා නේපාල පොලිසියට සහ ජාත්‍යන්තර පොලිසියට සහාය ලබාදී තිබුණි.



අදහස් (12)

ඉෂාරා ගෙන එන්න STF නිලධාරීන් නේපාලයට

අරවින්ද මොණරවිල Wednesday, 15 October 2025 01:32 PM

පසුගිය අවුරුදු විස්සකට ආසන්න කාලය තුළදී ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව ශ්‍රී ලංකා පොලිසිය කළ සාර්ථකම වැටලීම් දෙක වනුයේ මැලේසියාවේදී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම සහ නේපාලයේ ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම යන කණ්ඩායම් දෙක අත්අඩංගුවට ගැනීම වේ. මේ පිළිබඳ හොරුන්ට, මත්ද්‍රව්‍ය මුදලාලිලාට හා පාතාලයින්ට වගේම ඔවුන්ගේ හෙංචයියන්ටද බොහෝ සෙයින් රිදිලා ඇති බව පෙනෙනවා.

:       11       120

Hemantha Wednesday, 15 October 2025 01:47 PM

මොන මෝඩ වැඩද? මේ උසස් පොලිස් නිලධාරීන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න එපා. ඒක එයාලාගේ ආරක්ෂාවට හා ජීවිතවලට තර්ජනයක්...

:       1       71

පැරකුම්Wednesday, 15 October 2025 04:41 PM

මාධ්‍ය ඔස්සේ ප්‍රචාර නොකලාට අදාල සියලු දත්ත තොරතුරු එසැනින් අදාල පාතාල අංශ වලට ලබාදෙන්නේ පොලිසියෙන්ම බව හේමන්ත අහල නැද්ද? පොලිස්පතිතුමාට මේවා නවත්තන එක නම් ලේසි වෙන්නේ නෑ.

:       0       13

de silva Wednesday, 15 October 2025 02:56 PM

තමාව අල්ලන්න ඔලුගල සර් එනවා කියලා බලාපොරොත්තුවෙන් අපරාද කාරිය ඉන්නේ, මේ විදිහට විමර්ශන නිලධාරීන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න එපා... මග තොට යනකොට පාතාල සංවිධාන විසින් ඔවුන්ට හෝ දරුවන්ට අනතුරක් කරන්න ඉඩකඩ තිබෙනවා...

:       0       20

Janitha Wednesday, 15 October 2025 03:01 PM

නූගත් ජෙබයියෝ හිතන් ඉන්නේ සකල බුජන් ගිහිල්ලා අල්ලගත්තා කියලා... පව්...

:       36       11

janahithaWednesday, 15 October 2025 03:28 PM

උගත් ජෙබයියෝ හිතන්නේ සිලින්ඩර් සජබය ගැන පමණයි.

:       8       6

MindZap Wednesday, 15 October 2025 03:25 PM

පහුගිය කාලේ විපක්ෂේ සජබේ පොහොට්ටු හාදයෝ කොයි වෙලෙත් බෙරිහන් දුන්නේ ඉශාරව අල්ලපල්ලා කියලා. ආණ්ඩුව මොනවද මේ කරන්නේ අනේ ඉෂාරට පැනලා යන්න දුන්නා. මේ ආණ්ඩුවට ඉශාරවවත් අල්ලා ගන්න බැරිවුණා කියා කියා අදෝනා දුන්නා. ඉෂාර ගැන පුදුම දුකක් සංකාවක් ඒ හාදයින්ට තිබුනේ. ඉශාරව ගෙන්නනකම් සමහර විපක්සයන්ට පුදුම අසහනයක් තිබ්බේ. නින්දෙනුත් උන්දැලාට ඉශාරව පේන්න ඇති. මයික් එකක් දැක්ක ගමන් ඇරෙහෙමයි මෙහෙමයි කිය කියා දඟලපු වීඩියෝ එහෙම දැන් ආපහු පෙන්නුවොත් හොඳයි වගේ... සජබේ අර ඉන්නේ මයික් වලට කවි කියන පොරක්. පොර කවි එහෙමත් කිව්වා. දැන් හරිනේ, ඉශාරව ගෙන්නන දවසට ඔය විපක්සෙ කට්ටියට එයාර් පොට් ගිහින් හොඳට තමන්ගේ ඇස් වලින්ම ඉශාරව දැක බලාගෙන මන දොළ පුරවාගන්න තියෙන්නේ...

:       4       16

janahitha Wednesday, 15 October 2025 03:30 PM

නංගියා ලංකාවට එන්නේ නැතෙයි... දැන්ම පිස්තෝල පොත් හදමු.

:       1       7

sunil Wednesday, 15 October 2025 04:39 PM

ලොකු කම්පනියක මැනේජර් කමක් දුන්නොත් හොඳට වැඩ කරාවි. අවාසනාවට වැරදි පාරෙ ගිහින් තියෙන්නේ.

:       5       2

කුණුරත්ණWednesday, 15 October 2025 04:57 PM

අයිස් පැට්ටේරියක, සිසිල්බීම කඩේක මැනේජර කමට හොදටම ගැලපෙනවා.

:       0       9

tissaWednesday, 15 October 2025 05:08 PM

මේ වගේ ගෑනියෙකුට ලොකු කොම්පැනියක මැනේජර් කමක් දුන්නා නම්, හොරකම නම් හොඳට කරයි.

:       0       8

ගුණරත්න Wednesday, 15 October 2025 06:17 PM

ඉෂාරා පෙන්නලා මේ සතිය ඇදගන්න පුළුවන් වෙයි. ඉතින් ආණ්ඩුවේ ඩෝබි හැත්ත පැලවත්තෙන් ලැබුණු ඕඩර් එකට හෑලි ලියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 784 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 913 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 378 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site