අනතුරට පත් ඩක්කුවේ එකවර ගමන් කළ හැක්කේ හත් දෙනෙකුට වුවද අනතුර වන අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා දහතුන් දෙනෙකු එහි ගමන් කර ඇති බව පොලිසිය කියයි.
මීටර් නමසිය පනහක් පමණක්ම කන්ද මුදලට ගිය පසු එහි කේබලය දෙකට කැඩී ආපසු පහළට ඇදී යද්දී භික්ෂූන් වහන්සේලා දෙනමක් එයින් පැන ඇති බවද කියයි.
බරපතල තත්ත්වයේ පසුවන භික්ෂුන් වහන්සේ දෙනමක් කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කර තිබේ.
‘එකවරම ආරණ්‍ය පැත්තෙන් විශාල ශබ්ධයක් ඇසුණා‘ ටිකකින් විහාරස්ථානයේ හදිසි අනතුරක් බවට සැල කෙරෙන සංඥාවක් නිකුත් වුණා. ඊට පසුව තමයි අපි සැම දෙනෙක්ම එම ස්ථානයට ගියේ‘ යනුවෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙක් සඳහන් කළේය.
කුරුණෑගල පන්සියගම නා උයන. ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන හිමිවරුන් වැඩම කරන කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් හිමිවරුන් හත් දෙනකු අපවත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
අපවත් වූ හිමිවරුන් අතර රුසියන් රුමෙනියා සහ ඉන්දියාවේ වෙසෙන හිමිවරුන් තිදෙනකු ද වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අපවත් වූ හිමිවරුන් වයස අවුරුදු 27 - 48 පසුවන්නන්ය. සිදුවූ අනතුරින් තුවාල ලද තවත් හිමිවරුන් හය දෙනකු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
එම ඩක්කුවෙන් හිමිවරුන් 13 කු ගමන් කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
අපවත්වූහිමිවරු මෙසේය...
රුමේනියාවේ ධම්ම රන්සි හිමි (47) , රුසියාවේ ධම්ම රක්කිත හිමි( 34), ඉන්දියාවේ ධම්ම ගවේෂී හිමි (34) නාවලපිටිය උත්තර නන්ද හිමි (27) ,උඩවලවේ සත්ත සුමන හිමි (41)නු,ගේගොඩ විපස්සී හිමි (37)මල්වානේගම සමිද්ධ හිමි (47)
කුරුණෑගල මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩා වැටීමෙන් සිදු වු අනතුරකින් භාවනා යෝගි භික්ෂූන් වහන්සේලා හත් නමක් අපවත් වි අතැයි පොලිසිය කියයි.
අනතුර සිදවන අවස්ථාවේ එහි භික්ෂූන් වහන්සේ 13 නමක් වැඩම කර ඇත. අපවත් වූ භික්ෂූන් වහන්සේ අතර විදෙස් හිමිවරු ද වන බව වාර්තා වේ.
තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇතැයිද ඉන් කීපනමකගේ තත්වය බරපතල බව ද රොහල් ප්‍රකාශකයෙක් පැවැසී.
කන්ද මුදුනේ ඇති භාවනා කුටි වෙත වැඩම කරද්දි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ ,සජීවා කෝට්ටේගොඩ සහ චාන්දනී දිසානායක)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කේබල් ඩක්කුවක් කඩා වැටි හිමිවරු හත් නමක් අපවත් වෙති
C.K.Lankaputhra Thursday, 25 September 2025 06:05 AM
මේ ඩක්කුව පෙනුමෙන්ම කඩා වැටෙන්නම උපන් ඩක්කුවක්මයි කියල. ඔබ වහන්සේලාට නිවන් සුව අත්වේවා. රෝහල් ගතව සිටින භික්ෂුන් වහන්සේලාට ඉක්මන් සුවය ලැබෙත්වා.
Perakum Liyanagama Thursday, 25 September 2025 07:08 AM
“කේබල් මතින්” යනවා නමි රේල් පාරවල් මොටද? පැහැදිලි මදි.
උපතිස්ස පරිභ්‍රාජක Thursday, 25 September 2025 07:24 AM
අපි මිහින්තලේට ආව ඒක මීට වඩා කොලිටි.
නිමල් Thursday, 25 September 2025 07:31 AM
ඔබ වහන්සේලාට නිවන්සුව අත්වේවා.
ගුණරත්න Thursday, 25 September 2025 08:39 AM
මේ ආණ්ඩුව ආවාට පස්සේ අනතුරු අසාමාන්‍ය විදියට වැඩි වෙලා තිබෙනවා, මියගිය භික්ෂූන්වහන්සේට නිවන්සුව පතමි!
කෞෂිThursday, 25 September 2025 12:46 PM
මේ ආණ්ඩුව ආවට පස්සෙ ඔබේ මලබද් ..... අමාරුවත් වැඩි උනාවගේ .... ඉතාම නරක පාලනයක් ...
Aruna Thursday, 25 September 2025 08:51 AM
නිවන් සුව ලැබේවා ...!!!
සිසිල් සුදේශ් Thursday, 25 September 2025 09:27 AM
මෙය සැලසුම් කර ඉදි කළේ කවුද? සුදුසුකම් ඇති ඉංජිනේරුවරයෙක්ද? ඉන් පසුව එය නිසි පරිදි නඩත්තු කරන බවට කවරකු හෝ සුපරීක්ෂාකාරී වූවාද? මේ ප්‍රශ්න ගැන වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා යමකු නොසැලකිලිමත් වී ඇති නම් ඔහුට විරුද්ධව සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ නඩු පවරන්න.
Perakum LiyanagamaThursday, 25 September 2025 01:07 PM
එපමණක් නොවෙයි හත් දෙනෙකුට යන්න හදපු එකේ දහතුනක් පටවපු එක ඊට වඩා බරපතල වරදක්. ඒ ගැනත් සොයා බලන්න.
කව්ද බෝයි Thursday, 25 September 2025 09:30 AM
දුරබැහැර පළාත්වල හිමිවරු වැඩම කරන්නේ අබලන් කේබල් ඩක්කුවලින්. ඒ මදිවට දුෂ්කර පළාත්වල පන්සල්වල හිමිවරුන්ට හරියකට දාන වේලක්වත් නැහැ . ඒ වුණාට ප්‍රසිද්ධ ලොකු පන්සල්වලනම් හිමිවරු වැඩම කරන්නේ ව8 වලින්. මන්ත්‍රී හාන්ඳුරවරුන් වැඩම කරන්නේ... එක්කෝ ඕන් නැහ්. ඒ හාන්ඳුරවරුන් දිව්‍ය ලෝක කම් සැප මෙලොවදීම විඳලා... එක්කෝ ඕන් නෑ නෑ
Perakum Liyanagama Thursday, 25 September 2025 09:42 AM
මේක කෝච්චි පාරක් වගෙයි “කේබල් ඩක්කු” යන්නෙ එහෙමද? දන්නෙ නැති නිසයි අහන්නෙ. දන්න කෙනෙක් කරුණාකර පැහැදිලි කර දෙන්න.
ගම්මන සුමණ හිමි Thursday, 25 September 2025 10:18 AM
කේබලය කැඩී පහලට එනවිට එලියට වැඩ්ඩ හිමිවරුන්ගේ තත්වය කෙසේද?
සෑම් Thursday, 25 September 2025 10:20 AM
අදමයි දන්නේ මේවගේ කේබල් ඩක්කු කඳු නගින්න ලංකාවේ පාවිච්චි කරනවා කියලා. අපවත් වූ හිමිවරුන්ට නිවන් සුව
Bunny Preena Thursday, 25 September 2025 10:46 AM
විනය කඩ උනොත් සිදුවන්නේ හොඳ දෙයක් නොවෙයි කියන එකට හොඳම උදාහරණයක්. නියමිත ප්‍රමාණයට ගිහින් තිබුණානම් මේ අනතුර සිදු නොවන්නට තිබුණා.
primeshikaThursday, 25 September 2025 12:55 PM
විනය පැත්තකින් තියල ඩක්කුවෙන් එලියට වැඩිය නිසා ඒ දෙනමවත් බේරුනා. එහෙම එකපාරටම එලියට වඩින එක විනය විරෝධියි.
Nihal Thursday, 25 September 2025 11:37 AM
වනාන්තර විනාශ කරගෙන ඩක්කු පාරවල් හදාගෙන මාර්ග ඵල සෙවීමේ විපාක...
ජිල්බු Thursday, 25 September 2025 12:12 PM
කන්ද උඩ දිව්‍යලෝකෙට ලඟයි කියල තේරෙන්නැද්ද?
අනන්ද පිටබැද්දර Thursday, 25 September 2025 12:00 PM
ඉතාම සෝචනීය හදවත කකියවන පුවතක්. මෙවැනි විපත් යලි මේ හෙල බිම නොවේවා. අපවත් වී වදාල ස්වාමීන් වහන්සේලාට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අසනීප තත්වයෙන් පසුවන ස්වාමීන් වහන්සේලාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
පිටිගල මිලානෝ Thursday, 25 September 2025 12:31 PM
බුදුදහමේ විමුක්තිය යනු වනගතවී සමාජයෙන් ඈත්වී වෙසෙමින් ලබාගත හැකි දෙයක් නොවේ. සමාජයේ වෙසෙමින් අටලෝ දහම සමග ගැටෙමින් ප්‍රගුණ කර ලබාගත යුතු දෙයකි. විමුක්තිය සෙවීම සදහා ඩක්කු පැදීමට ඩක්කු සවිකිරීමට ගිය කාලය, ධනය හා ශ්‍රමය වැය කිරීමට වඩා කන්ද මුදුනට යාමටම අවශ්‍යම නම් එය සසර ගමනේ දුෂ්කර බව කම්මට්ඨානයකට ගෙන පාගමනින් භාවනාන්විතව එම දුෂ්කර ගමන යන්න තිබුනා. විමුක්තියට ෂෝට්කට් නැත ඇත්තේ එකම ආයාසාත්මක දුෂ්කර මගක් පමණි. එය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
ෂදෆඅ Thursday, 25 September 2025 01:33 PM
මගේ යාලුව විමුක්ති (යාලුකමට කියන්නේ විමා, නැත්නම් විමුක්තියා) - විමුක්තියාගෙ ගෙදරට ෂෝට් කට් එකක් තියනව දයාවංශ මාමලගෙ ඉඩම හරහා.
Ratawasiyek Thursday, 25 September 2025 01:41 PM
මොකෙද්ද මේක. ගමක් රටක් ,හඬන මොහොතක් .
බද්රානි Thursday, 25 September 2025 01:36 PM
ඔය ඩක්කුවට ඉසිලිය හැකි, දැරිය හැකි බර ප්‍රමාණයක් තියනවා නේද..? ඒවා ගැන සැලකිල්ලක් දක්වා මෙහෙයවීමට ඔතන කවුරුවත් නැත්ද..? කිසි දේක වගකීමක්, පිළිවෙලක් නැහැ.. ඔය ඩක්කුවට නග්ගන්න ඕනා තරම් සුදුසුකම් තියන ඝන ගෙඩි ඕනා තරම් ඉන්න රටක, මෙවැනි අහිංසක සංඝයා වහන්සේලා ගැන විශාල දුකක් දැනෙනවා..අනිච්චාවත සංඛාරා!!